( අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු දිවංගත අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා නමින් නම්කර ලබන අගෝස්තු 10 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතව තිබු කන්තලේ නගර ශාලාව මහින්ද රාජපක්ෂ නගර ශාලාව ලෙස නම් කිරිමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණු බලය හිමි කන්තලේ ප්‍රාදේශිය සභාව මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් බහුතරයකගේ අදහස වි ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම නගර ශාලාව ඉදිකිරිමට මුදල් ලබාදිම නිසා එසේ කළ යුතු බවය.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරු ගත් තීරණය පිළිබදව අදහස් දැක්වු කන්තලේ ප්‍රාදේශිය සභාවේ සභාපති සමන් ඒකනායක මහතා මෙසේ පැවසීය.
‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන යටිතල පහසුකම් දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ මුදල් ලබාදි මෙම නගර ශාලාව ඉදිකළ බවය.
එහි අඩුපාඩු රැසක් තියෙනවා.විවෘත කිරිමට ප්‍රථම ඒවා සකස් කිරිමට මිලියන 13ක ඇස්තමේන්තුවක් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළා.ඉන් මිලියන 07ක් ලැබුණා. සම්පුර්ණ මුදල නොලැබුණ හොත් එදාට ජනාධිපතිතුමාට කලින් අපේ මන්ත්‍රිවරු නගර ශාලාව විවෘත කරාවි. එවිට මටත් මන්ත්‍රිවරු පාලනය කරගන්න බැරිවේවි යැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ජනාධිපතිතුමාට ගරු කිරීමක් ලෙස මේ ක්‍රියාව නොකරන මෙන් පොදු ජන පෙරමුණෙන් ඉල්ලනවා. මියගිය කෙනෙක් නමට දෙයක් කරන්න යනවා නම් එය කරන්න දෙන්න. ඔය ශාලාවක නමක් නැහැ කියා මහින්ද ජනාධිපතිතුමාට අඩුවක් වෙන්නේ නැහැ. ඔය නම වෙනස්කිරීම නරකක් වෙන්න පුළුවන්...
2019 බලයට ආවට පස්සේ මහින්ද මහත්තයට කරන්න වැඩ ඕන තරම් තියනවා. එතකොට ඕන විදියට නම දාගන්න පුළුවන්. මේ ආණ්ඩුවට මේ අවසාන කාලේ සතුටින් ගත කරන්න දෙන්න.
මහින්ද මහත්තයගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක්ද? අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු!
රට තමන්ගේ සගයෙකුගේ අච්චු කන්තෝරුවලින් කොටි ගණන් සල්ලි දීලා සකස් කරගත්තු දර්ශනීය රූප රාමු පොල් ගස් උසට එල්ලගෙන මහ ජනතාවගේ හදවත් දිනා ගැනීමේ පරණ වසංගතය නැවත බෝ කිරීමට වගෙයි යන්නේ...
මේක මොකක්ද? එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනට නාමල් කතා කළේ මචං ගුණේ කියලයි. මේවා දැක දැක තමයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ තවමත් පොහොට්ටුවට රිංගන්න හදන්නේ. පොහොට්ටු කාරයින් දවසක බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ නම වෙනස් කළත් පුදුමවෙන්න දෙයක් නෑ.
මේවා ඉදිකර ඇත්තේ මහජන බදු මුදලින්. මේවට තම තමන්ගේ අයවලුන්ගේ නම් දා ගන්නා සංස්කෘතිය අපේ රටේ වෙනස් වන්නේ කවදාද?
මහින්ද රාජපක්ෂ ජනපති දිවංගත වූයේ 2015 ජනවාරි 16 උදේ පාන්දර... අමාත්‍ය ගුණවර්ධන මහතා දිවංගත වූයේ ඉන්පසුවයි. එ්නිසා පොහොට්ටු යෝජනාව සාධාරණයි.
බාලාංශ වැඩ තමයි.
තමන්ගේ මන්ත්‍රීවරු පාලනය කරගන්න බැරි සභාපතිවරයෙක් කොහොමද ප්‍රාදේශිය සභාවක් පාලනය කරන්නේ. රටේ මහජනතාවගේ බදු මුදල් වලින් හදන ගොඩනැගිලි හා අනෙකුත් ඉදිකිරීම්වලට තමන්ගේ නම දාගන්නේ නොදියුණු මානසිකත්වයක් ඇති පුද්ගලයන් වන අතර වහල් මානසිකත්වයක් ඇති ඔවුන්ගේ අනුගාමිකයෝද ඔවුන්ම අනුකරනය කරති.
මහින්ද නම දමාගත්තේ නැත්තේ ප්‍රසිද්ධ වැසිකිළිවල විතරයි. එයා හොරකම් කරපු සියල්ලම හොයාගත්තට පසුව කොළඹ ප්‍රසිද්ධ වැසිකිළියට එයාගේ නම දමනවා.
රටේ මහජනතාවගේ බදු මුදල් වලින් හදන ගොඩනැගිලි හා අනෙකුත් ඉදිකිරීම්වලට තමන්ගේ නම දාගන්නේ නොදියුණු මානසිකත්වයක් ඇති පුද්ගලයන් වන අතර වහල් මානසිකත්වයක් ඇති ඔවුන්ගේ අනුගාමිකයෝද ඔවුන්ම අනුකරනය කරති.
සිහින දකින්න එහෙත් ගරු කල යුත්තන්ට ගරු කරන විදිය යාලුවන්ට කියලා දෙන්න. ඒ.කේ. ඩී. එස්. නැත්නම් සේරුවිල ජනපද නැහැ...
අමිල, හීනෙන් නැගිටින්න. දැන් දවල් වෙලා...
මෙහි අදහස් ප්‍රකාශ කර ඇති වැඩි දෙනෙක් සමග මම එකඟ වෙමි. ජනතාවගේ බදු මුදල් වලින් රට ණය කරලා මහා පරිමාණයෙන් කොමිස් ගහලා තමන්ගේ නම උඩින්ම දාගන්න ඉතා පහත් මානසිකත්වයක් තිබෙන දේශපාලකයින් ඉන්න රට ලංකාවයි. මහින්ද රාජපක්ෂ වරාය, මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය, මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොල, බණ්ඩාරනායක ගුවන් තොටුපොල, බණ්ඩාරනායක ශාලාව... මේ අයගේ සල්ලි වලින් හදලා නම දාගත්තට කමක් නැහැ. රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් ගොඩනැගිලි ව්‍යාපෘති හදලා තමන්ගේ නම දාගන්න ලැජ්ජාවක් නැද්ද... ඇත්තටම..?
තමන්ගේ නම දාගන්න එක බාලාංශ වැඩක් තමා.. මොකද සුද්දා රටින් ගියදා ඉඳලා මහජන මුදල්වලින් හදපු දේවල්වලට නම් දාගත්තා. ඒත් මතක ඇතිනේද කට්ටියට බණ්ඩාරනායක ගුවන් තොටුපලේ නම එජාප ආණ්ඩුව විසින් කොළඹ ගුවන් තොටුපල ලෙස වෙනස් කළා... ඉතින් කවුද පලි ගැනීමෙන් බාලාංශ වැඩ කරන්නේ කියලා හොඳට හොයලා බැලුවොත් පෙනේවි...
මැදමුලනේ සල්ලි වෙන්න ඇති දීලා ඇත්තේ? නම් කරනවා නොවෙයි රටේ ජනතාවගේ සම්පත් අවභාවිතා කරගෙන තිබෙන විදිහට නම අසාදු ලේඛනයටයි යන්න ඕනේ... අනෙක් කරුණ බලෙන් විවෘත්ත කරාවි කියා කියන්නේ... අපි අහන්න කැමතියි කාටද පුළුවන් රටේ ස්ථාපිත නීතිය කඩකරලා හිට්ලර් වගේ තමන්ට ඕන තීරණ ගන්න? මෙහෙම කියා තර්ජනය කරන එක නීතියට මෙන්ම තමන් රාජකාරිය ලබනකොට දෙනු ලබන දිවුරුම් ප්‍රකාශයටත් එරෙහිව යාමකි.. බලනකොට විජයකලාගේ ප්‍රකාශයේයි, මොහුගේ ප්‍රකාශයේයි වෙනසක් පෙනෙන්නේ නැහැ ..
මෙතන චානක් ලොස් ඇන්ජලිස් විතරයි නියම කොමෙන්ට් එකක් දාල තිබුනේ. ලංකාව පුරාම එතුමාගේ නමින්නේ හැම එකම තියෙන්නේ.. පොඩි එකාගේ ආසාවනේ ඔන්න ඔහේ දාගත්ත දෙන්. දැන් ඔය ඇවිත් තියෙන්නේ කරපු දේවල්. එයා ගහන්න පටන් ගත්තේ හෙල්පින් හම්බන්තොට මුදල් හොරකම් කරලා නේද?
පොදු පෙරමුණෙයි, වමේ පක්ෂවලයි, විතරයි රටට ආදරය කරන දේශප්‍රේමින් ඉන්නේ. මේ යුන්පි කාරයෝ අර මහවැලි ජලාශ වලට හරි තමන්ගේ නම දාගන්න තරම් බැරි උන කට්ටියක්නේ. අර මහරගම තරුණ සේවා එකටවත් අඩුගානේ ජේ ආර් හරි රනිල් කියලවත් දාගන්න බැරි උනානේ.
බලයට අසීමිත කෑදරකම කියන්නේ ඕකනේ
ඔව් ඉතිං පොහොට්ටුවන්ට වෙන නමක් ඇත්තෙම නැහැනේ. නමකුත් නැහැ කෙනෙකුත් නැහැ. මහින්ද මහත්තයාගේ පුද්ගලික බූදලයෙන්ද සල්ලි දුන්නේ දන්නෑ.
අපේ සල්ලි නිසාම තමයි දිමුත්, මහින්ද මහත්තයට ස්තුති කරන්න ඕන. ඒ මනුස්සය අපේ සල්ලි වලින් යුද්දේ කරලා අපිට නිදහස දිනලා දීල අපේ සල්ලි වලින් සංවර්ධනෙත් කරලා ගෙදර ගියා. මේ ආණ්ඩුව අපේ සල්ලි තිබ්බ මහ බැංකුව කොල්ල කාල එක ශේප් කරන්න අපිටම බදු ගහල ඒවත් කාල රටේ රටත් කොටියට පාවල දීල, ණයත් අර ඒවා ගෙවන්න අපිටම බාර දීල ලබන අවුරුද්දේ ගෙදර යනවා.
දිමුත් දේශපාලුවන්ගේ නම් ගහගෙන තිබෙන හැම ව්‍යාපෘතියක්ම ඒගොල්ලන්ගේ ධනයෙන් කරපුවාද? අනේ මෙහෙම මෝඩ කතා
යකෝ අප්පේ බදු සල්ලි