(චන්දන ප්‍රනාන්දු )
ඉතාලියේ සිසිලි දූපතේ රැකියාවක නිරතව සිටි ශ්‍රිලාංකික කාන්තාවක් එරට ගුවන් යානා අංගනයකදි දරුවෙකු ප්‍රසූත කළ පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.
දරුවෙකු ලැබීමට ආසන්නව සිටි ලාංකික කාන්තාව හා ඇගේ සැමියා සිසිලි දූපත් සමූහයට අයත් වුල්කානෝ නැමති දූපතේ සිට සිසිලි දුපතේ මෙසිනා රෝහලට යාමට සුදානම්ව සිටියදි එම කාන්තාව දරු ප්‍රසුතියට ලංවීම නිසා එරට ක්‍රියාත්මක හෙළි ඇම්බියුලන්ස් සේවාව මගින් රෝහල කරා ගෙනයාමට ගුවන්යානා අංගනයට පැමිණ සිටියදි මෙම දරු උපත සිදු වි ඇති බව එරට ආරංචි මාර්ග පවසයි .
හෙළි ඇම්බියුලන්ස් සේවාවේ හෙද හා වෛද්‍ය කාර්ය මණ්ඩලය දරු ප්‍රසුතිය සඳාහ අවශ්‍ය කටයුතු කර ඉතා ඉක්මනින් එහි තිබු ගුවන් යානයක් මගින් දරුවා හා මව මෙසිනා නුවර පපාර්දෝ රෝහලට ඇතුල් කර තිබේ .
ලාංකික දරුවා හා මව සුවෙන් සිටින බව එරට ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය .
එරටදි ගුවන් යානා අංගනයකදි දරුවෙකු ප්‍රසූත කළ පළමු අවස්ථාව මෙය වන බවත් ඉතාලි ජාතික හෙද හා වෛද්‍ය කණ්ඩායම විදේශිකයෙකු වුවත් ශ්‍රී ලාංකික කාන්තාවට එය නොසලකා ඉතා හොඳ සේවාවක් සැලසු බව එරට ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මෙන් නොව ඉතාලියේ දොස්තරවරු සල්ලි හම්බකරන්න බලාගෙන දොස්තරකම ඉගෙනගත්ත අය නොවේ. හෙදියන්ද එසේමයි. මෙරටේ වෛද්‍ය ක්ෂේත්රය ඉතාමත්ම දියුණු මේ නිසයි.
ලංකාවටත් වඩා ඉතාලියේ සෞඛ්‍ය සේවය හොඳද? විදේශිකයෙකුට එලෙස සැලකුවා කියා, පුජකයින්, සමග ඒ රටේ මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණ කලේ නැද්ද? අනික ලංකාවේ දොස්තරලා නම්, ඔය ප්‍රමිතියක් නැති ඉන්දියන් ගිලන් රථ වලින් රැගෙන එන ලෙඩ්ඩුන්ට වඩා, ත්‍රී විලරයකින් රැගෙන එන රෝගීන් බාර ගන්න කැමතියි. එහෙ හෙදියන්ගෙන් හොඳට බැනුම් අහන්නත් ඇති නේද?
රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී හමේ පාට, ජාතිය, කුලය සොයන සිරිතක් අපේ රටේ සමහර දොස්තරලාට තියෙන්න පුළුවන්. දියුණු රටවල කොයි රෝගියාටත් ඉතා හොඳින් ප්‍රතිකාර කරනවා
ඉතාලියේ විතරක්ද වෙනත් රටවලත් එහෙමයි වෙනත් රටවල දොස්තරවරුන්ට සලකන්නේ ඒ රටේ මිනිස්සු ඉතා හොදින් ඒ විතරක්ද ලංකාවේ වගේ දොස්තරවරු ඔවුන්ගේ වාහන වල ගහලා අනන්‍යතාව ප්‍රසිද්ධ කරන අය නෙවෙයි අත්දැකීමෙන් කියන්නේ. ලංකාවේ දොස්තරවරු සල්ලි හම්බකරන්න බලාගෙන දොස්තරකම ඉගෙනගත්ත අය නොවේ.
ඉතාලියේ සංචාරයක් සඳහා ගිය අවස්තාවක අපගේ කුඩා පුතනුවන් මුහුඳු ජලය පෙවීම නිසා අසනීප වූ අවස්ථාවේදී එරට සෞඛ්‍ය සේවාව ලබාදුන් වටිනා මෙන්ම ක්ෂණික සේවය අපට අමතක වන්නේ නැත. රෝහලක් තිබෙන හෝ වෛද්‍යවරයෙක් ඉන්න තැනක් නොදැන සිටි අප ඒ අසල සිටි ඉතාලි ජාතිකයින්ගේ උදව්වෙන් මේ තත්වය බලධාරීන්ට සැලකළ විගසින්ම දරුවා රෝහල් ගතකර අවශ්‍ය පරීක්ෂණ පවත්වා දින දෙකක්ම රෝහලේ රඳවා තබාගෙන වෙදකම් කරනු ලැබිය. අපි විදේශිකයින් උවද මේ කිසිවක් සඳහා අපගෙන් මුදලක් අයකළේ නැත. ඉතාලියේ ඉන්න මිනිසුන් වාසනාවන්තයින් යැයි අපට සිතුනි.