රත්නපුරේ ජලයෙන් යටවන ප්‍රදේශවල පාසල් වරුවෙන් වසයි
පවතින වර්ෂාවෙන් පහත්බිම් ජලයෙන් යටවීම නිසා දරුවන්ගේ ආරක්ෂාව සඳහා රතනපුර දිස්ත්‍රික්කයේ අවදානම සහිත ප්‍රදේශවල සියලුම පාසල් ඊයේ (07) දහවල් 12.00ට වසා දමන ලෙස පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා විදුහල්පතිවරුන්ට දැනුම්දුන් බව සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසුවේ ය.