(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියැදුරු , නියාමක පාලක ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන්ගේ වැටුප් තල සම්බන්ධ මතුවී තිබෙන ගැටලූව පිළිඳබව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන 23 වනදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවට අමාත්‍යංශ උසස් නිලධාරින් සහ ජාතික වැටුප කොමිසමේ නිලධාරින් ද සහභාගිවෙති.
මේ අතර ඊයේ (18) ජනාධිපතිවරයා සහ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාව සියයට සියයක් සාර්ථක බවත් මතුවී තිබෙන වැටුප් ගැලූව සම්බන්ධව සාධාරණයක් ඉටු කරන බවට ජනාධිපතිතුමන් පොරොන්දු වූ බවත් දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
තම ශ්‍රේණිවල වැටුප් විශමතාවයක් නොව ශ්‍රේණි විෂමතාවයක් පවතින බව පැවසූ ආරියරත්න මහතා ද්විතිය තලයේ සිට තෘතියික මට්ටම දක්වා යාම තම ඉල්ලීම බව ද කීය.
ලබන 23 දා පැවැත්වෙන සාකච්ඡාවේදී සාධාරණයක් ඉටු කරන බවට ජනාධිපතිරවයා පොරොන්දු වු බැවින් නැවත වෘත්තිය සමිති ක‍්‍රියා මාර්ගයකට යාමට තරම් ගැටළුවක් ඇති නොවනු ඇතැයි වෘත්තිය සමිතිවල විශ්වාසය බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි,ඔබතුමා පළමුවෙන්ම අනුකම්පා කලයුත්තේ රටේ පොදු ජනතාවටයි. එසේ නැතිව හරිහැටි යුතුකම් ඉටුනොකරන අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් අරගල කරන අන්තවාදී වෘත්තීය සමිති කාරයන්හට නොවේ. යල් පැනගිය කසිකබල් අබලන් දුම්රියන් පරණ යකඩ වලට විකුණා රටේ හොඳ සුව පහසු දුම්රිය සේවාවක් ඇති කරන්න.සල්ලි කාබාසිනියා කරන කමකට නැති අලුත්වැඩියාවන් ( අබලන් දුම්රිය මැදිරි ) නොකරන්න. අන්තවාදීන්ගේ අතකොළුවක් නොවී දුම්රිය මගියාට, මේ රටේ පොදු ජනයාට සේවයක් සලසන්න. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර ලාභ ලබන අර්ධ රාජ්‍ය ව්‍යාපාරයක් කරන්න. ජනතාව මේවායේ පිනට යන්නේ නැත.එබැවින් ඔවුන්ට නිසි සේවයක් සලසන්න.විය යුත්තේ එයයි.අන්තවාදීන් හුරතල් කිරීම නොවේ.පඩි වැඩි කරනවානම්,රාජ්‍ය අංශයේ සියලුම දෙනාට ඒ හිමිකම ලබා දෙන්න. මන්ද යත් ඔවුන්ද රාජ්‍ය සේවකයන්ය.
අපේ මුලු රාජ්‍ය සේවයම මෙහෙමයි.. බලන්න උප්පැන්න, පාස්පෝට්, හැඳුනුම්පත්, කන්තෝරුවල වැඩ කරන හැටි සහ සේවක පිරිස.. හැමවෙලාවෙම බලන්නෙ " රටෙන් අපට " විතරයි " අපෙන් රටට " මුකුත් නැහැ.