(ශිරාන් රණසිංහ)
හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධයේ සියලු තොරතුරු ඇතුළත් කර ග්රන්ථයක් ලිවීමට ආරම්භ කර තිබේ.
යුද ජයග්රහණය ගැන කියවෙන මෙම ග්රන්ථයට අදාළව මේ දිනවල කටු සටහන් තබමින් සිටින බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා කියා සිටියේය.
අවසන් යුද විජයග්රහණයට අදාළව ග්රන්ථයක් ලියන්නටත් පිරිසක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර ඇතැයිද ඊට සහභාගී වී ඇති පිරිස ලියනු ලබන පොත විහිළුවක් වනු ඇතැයිද පැවසීය.
ජනාධිපතිවරයා සමඟ පැවැති එම සාකච්ඡාව සඳහා තමාට ආරාධනාවක් නොලැබුණු බවද ඇමැති සරත් ෆොන්ස්සේකා මහතා කියා සිටියේය.
යුද්ධය, යුද ජයග්රහණය ,යුද්ධයට තල්ලුවී යෑම ඇතුළු තිස් වසරක කුරිරු යුද්ධය පිළිබඳ, සුදුසුම පුද්ගලයා තමා බැවැනි ලබන වසර අවසානයට පෙර තමා ලියන ලද පොත එළිදැක්වීම අරමුණ වී ඇතැයිද ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තමන්ව කොච්චර පුම්බගන්න හැදුවත් වැඩක් නැහැ. කට ඇරපු ගමන් ඔක්කොම ඉවරයි.. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්න වගේ විරුවන් මීට කලින් යුද්ධය ඉවර කරලා නිවැරදි දේශපාලන නායකත්වය ලබා දුන්නා නම්.. පහුගිය දවස් ටිකේ සිංහරාජ අඩවියේ අලි දෙන්නා අල්ලගන්න බැරි වුනේ විධායක බලය නිසා කියලා තේරුම් ගත්තා නම් මේ පොත ටිකක් හරි මිනිස්සු බලන්න ගනීවි...
පොත් ලියන්නත් පුළුවන්ද? යුද්දේ ඉවර කලේ කණ්ඩායමක්... හමුදාපතිට කරන්න පුළුවන් නම් මේක ඉවර වෙන්න තිබුනේ ගොඩක් කලින්...
හරිම ෂෝක්... ඔයිට හොඳයි ලංකාවේ ඒකදේශික සත්තු ගැන පොතක් ලිව්වා නම්... කලවැද්ද, ඈයා, වේයා වගේ.
ඒකට නොවරදවාම රනිල්ගේ සටන් විරාම කාලේ ප්රභාකරන් මහත්තයත් එක්ක ගත්තු ෆොටෝ ටිකත් දාන්න හොඳේ...
පැත්තක හිටපු කට්ටිය පොත් ලියලා අනුන්ට අයිති ලකුණු දාගන්න පුළුවන් නම් මෙයාට පොත් ලියන්න කොහොමත් අයිතියක් තියෙනවා. කොහොම නමුත් ඇත්ත ඇති සැටියෙන් ලියයි කියා හිතනවා.
මෙතන කමෙන්ට් කරපු තුන්දෙනාම ද්වේශයෙන් ඉන්නේ. යුද්දෙ ගැන ලියන්න යුද්ධය මෙහෙයවපු, නායකත්වය දීපු එතුමාට අයිතියක් තියෙනවා.එයා කරපු සේවය අවතක්සේරු කරන්න එපා. මාර්ටින් වික්රමසිංහ පොත් ලිව්වේ උපාධි ගහලා නෙවෙයි.
මෙච්චර කල් පොත පෙරලලා දැන්ද පොත් ලියන්න මතක් වුනේ?
මේක ලියන්න තිබුණා එදාම. දැන් ඉතින් කල්ගිහිල්ලා. මහින්ද වගේ වෙන්නේ නැතුව විශ්රාම යනඑක ඔබතුමාට හොඳයි.
පමා වැඩියි වගේ. යුද්දේ ගැන ඔබ කතා නොකර හිටියොත් ඔබට ජනතාවගේ ඉතිරි වී ඇති ගෞරවය රැකගන්න පුළුවන් වේවි.
පළමු පොත අර ලේකම්ට පිළිගන්වන්න ..
ඔබ මම යුධ ජයග්රහණයට වෙනුවෙන් ගරු කරමි.
එතකොට කලින් යුද්දය ගැන පොත් ලියපු අයත් ග්රන්ථ කතුවරුද
යුද්දෙට බයේ ඇමරිකාවට වෙලා හිටපු ඈයෝ ඇවිත් ඒ සී කාමර වල ඉදන් කරපු අර වෝ මේ වෝ කියලා ලියා ගත්තානම්, යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වාම ඒ සමග බද්ධවී සිටි මෙතුමාට පොත් 1000 ක් ලියන්න කරුණු වගේම අයිතියත් තියෙනවා. මෙතන ගොඩක් අය කුහක කමින් ද්වේෂයෙන් දාලා තියෙන කමෙන්ට් දැක්කම ඇත්තටම ඇතිවෙන්නේ පිලිකුලක්.
අයි.එස්.ජී.ඒ හෙවත් අන්තර් ස්වයං පාලනය ගැන අන්තර් ජාලයේ කියවන්න. කියවීම ඔබව නියම මිනිසෙකු කරාවි