ශිරාන් රණසිංහ
කුඩා මෝටර් රථ අලෙවිය බින්දුවටම වැටී ඇතැයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කුඩා මෝටර් රථ සඳහා පැනවු අලුත් බද්ද පමණක් නොව බදු යළි පහළ යනු ඇතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉගියද වාහන අලෙවිය නතර කිරීමට බලපා ඇතැයිද එම සංගමය පවසයි.
මාර්ගවල වාහන තදබදයට ප්‍රධාන හේතුවක් වන්නේ කුඩා මෝටර් රථ විශාල වශයෙන් මෙරටට ගෙන ඒම යැයි කියමින් ආනයන බදු පැනවු බවත් තවත් මාස කිහිපයකින් බදු ඉවත් කරන්නේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම නිසාද යන්න පැහැදිලි නැති බවද ඔවුහු කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන අලෙවි කරුවෝ කියන්නේ බිස්නස් කරන මිනිස්සු. වාහන අලුත් නිසා ඔවුන් බලන්නේ අතිවිශාල ලාභයක්... ඒකට තට්ටු වෙන නිසයි බදු වැඩි කළාම බෙරිහන් දෙන්නේ... නැතුව මිනිසුන්ට ආදරේටද? පාරවල් ගැන ඔච්චර දුක නම් මේ කට්ටියට බැරිද හමුබකරපුවාගෙන් පාරට මීටර 500ක් හදලා දෙන්න.
ඔහොම ඉවසලා ඉන්න. කුඩා වාහන එන්නෙ ඉන්දියාවෙන්. ඉතින් තත්ත්වය මේකනම් ඉන්දියාව පොඩි සිග්නල් එකක් දෙනවා හෙට අනිද්දා . (මේක පිටින් දාල එට්කා එක ජනප්‍රිය කරනවනම් ඔන්න ආන්ඩුවට අවස්තාවක් )
මේගොල්ලන්ට ගිනි ගානට කාර් විකුණලා හම්බ කරන්න බැරි වෙනකොට බෙරිහන් දෙනවා. ලංකාවට ගෙන්වනෙත් ජපානයේ කැඩිච්ච විසිකරන වාහන අඩුම ගානට අරගෙන . හොදට පේන්ට් එක ගහල ගිනි ගානට විකුනනවා.
අපේ කුඩා රටට මේ වාහන ප්‍රමාණය ප්‍රමාණවත්... එකම දෙය වන්නේ රජයේ ප්‍රවාහන සේවය වර්ධනය කිරීමයි.
අපි වාහන අලෙවිකරුවෝ ව්‍යාපාර කරන මිනිස්සු. නමුත් අපි මුට්ටිය අත හැරලා බොහෝ කල්. වැස්සට නොතෙමි යන්න හිටපු ඔයාලා තාම බිම පයින් යනවා අපිට පුළුවන් අව්වට වැස්සට හරියන වාහන දෙන්න
තෙමි තෙමි යතුරු පැදියේ යන අයට වාහනයක් ගන්න ජනවාරි 8 වෙනිදට ඡන්දෙ දෙන්න කියලා කිවුවට එදා තේරුනේ නැහැනේ රටේ වාහන වැඩි පාරවල් මදි කියලා.
ඉතින් ගන්නේ නැතුව ඉන්නකෝ. ගිහින් අලුත්ම එකක් කොම්පැනි එකෙන්ම ගන්න.
වාහනයක් පාවිච්චි කිරීමට හැම දෙනෙකුටම අයිතියක් තියෙනවා. මීට වසර 100කට 150 කට කලිත් වාහන නිෂ්පාදනය වෙලත් අද වෙනකම් වාහනයක් ගන්න බැරිව ණය වෙන කී දෙනෙක් ඉන්නවද. වාහන මිල අඩු කරලා ඉන්දන මිල වැඩි කිරීමි කල යතු වෙන්නේ වාහන වලට අධික ලෙස බදු එකතු කිරීමෙන් ජනතාව තව තවත් ණය වෙන එකයි වෙන්නේ. සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න පුළුවන් විදියට බදු අඩු කලානම් අනතුරු පවා අඩු වෙන්න තිබුනා. මාර්ග තද බදයට හේතුව විනයක් නැතිකම මිසක වාහන වැඩිකම නෙවි එක මහා විහිළු කතාවක්.