බිමල් ශ්‍යාමන් ජයසිංහ
හොරණ මිල්ලණිය නිවසක් පිටුපස කාමරයක් තුළ දී දෙදරු මවකගේ හිසට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 28 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්තා ජයසුරිය මහත්මිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුයේ බටගොඩ පදිංචි තෙබුවන පොලිසියට අනුයුක්තව සේවය කරන දේවගේ තිලක් රණවීර යන අය වේ.
බරපතල තුවාල ලද කාන්තාව මේ වන විට ඉතා අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව මිල්ලණිය පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd