සුජිත් හේවාජුලිගේ
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය හැකි දැයි යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි බොහෝ නීති විශාරදයන් කරුණු පෙන්වාදී ඇති හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ පිළිබඳ කරුණූ විමසීමට බලාපොරොත්තු වන බවද ඒ ප්‍රකාශකයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා හොද පාලනයක් කලා.. යුද්ධය නැති කලා... අපිට බයක් නැතිව බස් එහෙක නැගල යන්න පුළුවන් තත්වයක් ඇති කලා.. ඔබ තුමාගේ පාලන කාලය අවසන් වෙලා තිබෙන වරප්‍රසාද අරන් දැන් ඉන්නේ නැතුව තවත් මොකද මේ බල තණ්හාව... දැන් ඕන තරන් ඔය ජනාධිපතිලා කාලය අවසන් උනහම ගෙදර ගියේ.... රූපවාහිනිය එක දැම්මොත් වර්තමාන ජනාධිපතිතුමාට වැඩිය පෙන්න එන්නේ ඔබ තුමා... බල තණ්හාව තවත් ඉවර නැහැ..........
ලොක්කා ආයිත් රට කන්නද එන්න හදන්නේ..............
රට හදන්න පුදුම අසාවක් තියෙන්නේ
ඇයි දැන් හිටපු ජනපතිතුමා උපදෙස් ගන්නේ සුමනදාස උන්නැහේගෙන් නොවෙයිද ??
සුභ අනාගතයක් එහෙනම් ..
මෙයා හරියට "පැණි හැලියේ වැටුණු ඇඹලයා වාගෙයිනේ"
සරත් එන් සිල්වා එදා කියූ පරිදිනම් නොහැකිය ... දැන් සරත් එන් සිල්වා පුළුවන් කියා කීවද දන්නේ නැහැ...
පලයට මේ තරම් ලෝභී අයෙක් ලොවෙත් නැත..... මොහු දකුණේ ඉපදීම ලැජ්ජාවක්...
බල තණ්හා මනුස්සය.
ඔබ තුමාගේ පාලන කාලයේ සිදුවුණු ඝාතන, පැහැරගැනීම්, අතුරුදන් කිරීම් වලට එදා විධායක බලය තිබිලත් ඔබතුමාට බැරිවුණා නීතිය ක්‍රියාත්මක කරන්න. ඉස්සෙල්ලම ඒ ඇයි කියල මහජනතාවට පිළිගත හැකි පිළිතුරක් අවශ්‍යයි. "මට මතක නෑ අනේ" කියල මගහරින්න ඔබට බැහැ.
19 අතීතයට බලපාන්නේ නැති කතාවක් ජී එල් කියලා තියෙන්නේ නීති මහචාර්ය ට ගිය කල එහෙනම් මෛත්‍රීට අවුරුදු 6ක් ඉන්න පුලුවන් නේ........
ඔය සේරම උප්පර වැට්ටි දාන්නේ රට හදන්න නෙවේ. කරපු අපරාධ වලට කටු ඉඹුලේ නඟින්න වෙන එකෙන් ගැලවෙන්න.
අනේ මෙහෙම තණ්හාවක්, ඔටුන්න හිමි කුමාරයාට තැන සකස් කරන්නයි මේ තරම් වලිකන්නෙ.
ඉල්ලන්න ලැබුණත් පරාජය නියතයි. මහත්තයෝ බඩජහරිකම තියන පලියට නිකං පීචන් වෙන්න හදන්න එපා. විමල් වීරවංස, ගම්මන්පිල, වාසු, දිනේෂ් ගුණවර්ධන, රත්තරන් වගේ ගෝලයින් ටිකක් පිරිවරා ගත්තු ඔබ දැන් මහදැනමුත්තා වගෙයි! අනිච්චන්!
චඃ! මහා උසාවියේ හිටපු පීරිස් ලොක්කයි, පොහොට්ටුවේ පීරිස් ලොක්කයි කියන පීරිසි කුට්ටමට එකතුවෙන්න විදිහක් නැතුව ගියානේ කියලා හිතෙනවා ඇති. හිටියා නම් සිල්වා හිටියා වගේ තමයි. තීන්දුව ෂුවර්. කොහෙද යන්න හිටපු එක්කෙනා ආයෙත් අරහෙට යවනවා.
කුමාර් ගල්ෆ්, ශාන් රනිල් ගැන නේද කිව්වේ..?
ඔබ වැදගත් මහත්මා ගති ගුණ ඇති පුද්ගලයෙක් නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යන්නේ නැතුව ඕනෑම කෙනෙකුට ඔය බලය ගන්න කියලා පැත්තකට විය යුතුයි. එතකොට මේ රටේ හැමදෙනාම ඔබට ගරු කරනවා.
"අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්, හිස් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්" මට සින්දුවක් මතක් වුනා.
මෙතුමාට තියෙන්නේ අසීමිත තෘෂ්ණාව. හිටපු ජනාධිපති නිසා මාලිගාවක් වගේ වායු සමීකරණය කළ නිල නිවාසයක් ලැබිලා තියෙනවා. විදුලි බලය සහ ජලය නොමිලේ ලැබෙනවා. ආරක්ෂාවට හමුදාවෙන් 203 ක් ඉන්නවා. වාහන 20ක් සහ බස් දෙකක් දීලා තියෙනවා. මෙතුමාට ඕන අායෙමත් අරලියගහ මන්දිරයට ගිහිල්ල නොමිලේ ගල්කිස්ස හෝටලෙන් කෑම ගෙන්නාගෙන දන්සල් දාගෙන කාලා බීලා ජෝලි කරන්නයි. මාසෙකට සැරයක්වත් පිටරට සවාරියක් යන්නයි. ඊට අමතරව මහරජානෝ කියල කියවා ගන්නයි ප්‍රශස්ති ගායනා කරවා ගන්නයි....
බොරැල්ල කනත්ත ලඟ තියෙන කාර්යාලයෙන් ඇහුවා නම් කියයි. ඉක්මන් කොට කරගන්න හැටි... අපල ඉවරයි කියලා කපුවා කියලා ඇති. හරි අසරණ කෙනෙක් මේ පැරදුන එක අදහාගන්න බැරි නිසා බලය අත් අරින්න. කැමති නැහැ.
මේ ලොක්කයි, සිරිකොත ලොක්කයි හැර වෙන මිනිස්සු මේ රටේ නැද්ද?
මොන අධිකරණයෙන් උපදෙස් ගත්තත් ඡන්දෙ දිනන්න රටේ බහුතර ජනතාවගේ කැමැත්ත වුවමනානේ.., රටේ බහුතරයක් ජනතාව ඔබතුමාට 2015දී ගෙදර යන්න උපදෙස් දුන්නට පස්සේ තව මොනවද අහන්නේ? දෙවැනි පාරටත් පරදින්නද අදහස? රටේ ඡන්දෙන් පැරදුණු එකම සහ පළමු හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වුණු එකම සහ පළමු හිටපු ජනපති කියලා වාර්තාවක් තිබ්බ, ලබන පාර එම වාර්තාව අලුත් කරන්නද ඔබතුමා සැරසෙන්නේ? ඔබතුමාට මිනිස්සු කැමති නමුත් ඔය වටේ ඉන්න හොරු රැළට මිනිස්සු අකැමතිය. ඔබතුමාට කරගහන්න වෙලා තිබෙන්නේ අනුන්ගේ පව් තමයි.
මේකනම් ලංකාවට පලදීපු පෙර කරුමයක්, වසංගතයක්, හූනියමක්, හැට හැත්තෑව පැනලා හොටේ බිම අැනෙන්නත් ළඟයි. එ්ත් තණ්හාවේ නම් අඩුවක් නෑ.
අනේ තණ්හාව... 18 ගෙනාවේ තමන්ගේ ජීවිත කාලයම බලයේ ඉන්න. අවසානයේ මොකද්ද වුනේ? මේ රටේ පරාජිත එකම ජනාධිපති වුණා. එ්කත් බලයේ ඉඳන් පරාජයට පත්වුණා. දැන් ආයිත් අධිකරණ මතය විමසලා, තවත් අපකීර්තියට පත්වෙන්න තමයි උත්සාහ කරන්නේ.