විනීතා එම් ගමගේ
තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරන සහ අලෙවි කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමේ කටයුතු පොලීසියටත් පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වෙයි.
මෙතෙක් එම වැටලීම් සිදුකරනු ලැබුයේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් වන අතර ඒ සඳහා පොලිසියේ සහය ලබා ගැනිණි.
ඒ සඳහා වන නීතිමය කටයුතු අවසන් කර ඇති බවත් අදාළ රාජකාරි පැවරුමක් පොලිසිය සමඟ ළඟදීම අස්සන් කිරීමට නියමිත බවත් අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවසීය.
ඒ අනුව පොලිසිය සාමාන්‍ය රථවාහන නීතිය ක‍්‍රියාත්මක කරන අයුරින්ම පරිසර නීතියත් ක‍්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් ඉන්ද්‍රරත්න මහතා පැවැසීය.
මෙම වසරේ ගතවූ කාලය තුළ නීතිවිරෝධී පොලිතීන් නිෂ්පාදන සිදුකරන ස්ථාන 4000ක් පමණ වටලා ඇති බවත් 350 දෙනෙකුට පමණ නඩු පවරා ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් කසිප්පු අල්ලන්න පොලිසියට බලය දෙන පනතක් ගේන්න. ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියට බලය නැහැ කියල කසිප්පු අල්ලන්නෙ නැහැ....
පොලිතීන් සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. මුළු රටම කසල ගොඩක්...
පොලිතින් ඇල්ලිල්ල කෙසේ වෙතත් අත යට යටි මඩි ගහලා අපූරුවට නඩු යට ගහයි. පොලිතින් එහෙමම තියෙයි.