(විජේරත්න රත්නායක)
මේ වන විට රට පත්ව ඇති අගාධයෙන් ගොඩගැනීමට පවතින දේශපාලන ක්‍රමය තුළ කිසිදා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙරමුණ ගැනීම උදෙසා රටට ආදරය කරන විද්වතුන් ඇතුළු දේශප්‍රේමීන් එකතු කරගෙන ජාතික විද්වත් සංවිධානයේ මූලිකත්වයෙන් ලබන 2019 වසර මුලදී නව දේශපාලන පෙරමුණක් බිහි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවනාගාරයේදී අද (18) දහවල් පැවැති රැස්වීමකදී විද්‍යාරත්න මහතා ඒ බව පැවැසීය.
ඔහු මෙසේ ද කීය. වත්මන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ගෙන් අඩක්ම සාමාන්‍ය පෙළවත් සමත් නොවූ අය. එවන් නූගත් පිරිසකට රට බාරදීමෙන් අද වන විට රට ඉතා දරුණු පරිහානියකට ලක්වෙලා. ඒ තත්වයෙන් රට ගොඩගැනීමට පාර්ලිමේන්තුවටත් පළාත් සභාවලටත් උගතුන් හා බුද්ධිමතුන් යැවිය යුතු බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය ආණ්ඩුව පෙරලුවේ එහෙම පෙරමුණක් හඳන්න නේද
තමන් තමන්ට අවංක වන්න. අවංකව තම හිතට එකාඟව රට වෙනුවෙන් වැඩ කරන්න එවිට වටපිට පරිසරයද ස්වභාවයෙන්ම තමන් වෙනුවෙන් අවංක වෙනු නියතය. එමෙන්ම බොරදියේ " කිබුලන් බාන " මිහරකුන්වත් රටේ මහජනතාව හොදින් අදුරන බවත් මේ බෝබිලට සදහන් කළ යුතුය.
මේ පෙරමුණුවලින් රට බේරාගන්නේ කව්ද
මේරට හදන්න බේරා ගන්න ගොඩ ගන්න මේරටේ ඉන්න මිනිසුන්ගෙන් අතිමහත් බහුතරයකට අවශය නැහැ.ඔවුනට ඕනා කරන්නේ මේ ජරාජීරණවු ක්‍රමය රටතුල පවත්වාගෙන යමින් තමන් පමණක් ඉසුරුමත් ජීවිතයක් ගත කරනවා දකින්න පමණයි. දේශපාලකයා තමන්ට හිමි බලය උපයෝගිකර ගනිමින් රටේ සම්පත් සොරා කමින් තමන්ගේ ජීවිතය සුබොපභෝගි ලෙස ගත කරන අතර සමාජයේ අනික් පාර්ශවද තමනට හැකි පමණ අයුතු ආකාරයෙන් මුදල් ඉපයීමට හා එක්රැස් කිරිමට පෙළඹී ඇත. උදාහරණ වශයෙන් ගත්කල වෛදයවරුන්ගෙන් බහුතරයක් රෝහල තුල තම රාජකාරි නිසි ලෙස ඉටු නොකර රජයේ වැටුප් ලබමින් පෞද්ගලික වෛදය සේවයේ යෙදමින් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වෙමින් සිටි.ගුරුවරුන් රසායනගාර කාර්මික ශිල්පින් ඉංජිනේරුවන් වැනි වෘත්තීන් බෝහොමයක මේ තත්වය දකින්නට ලැබෙන අතර එලෙස වෙනත් ආදායම් මාර්ග උපයා ගැනීමට නොහැකි වෘත්තීන්හී යෙදෙන පුද්ගයන් අල්ලස් ගැනීම කොමිස් ලබා ගැනීම හා සොරකම් කිරිම වැනි මාර්ග වලින් තම ආදායම වැඩි කිරිමට පෙලඹේ. සමාජයේ තවත් කොටසක් හෙරොයින් හොර අරක්කු ගංජා වැනී නිති විරෝධි මත් ද්‍රව්‍ය හා ගණිකා වෘත්තිය වැනි ක්‍රම මගින් ඉහල ආදායම් ඉපයීමට මේ පවතින සමාජ ක්‍රමය ඉවහල් වී ඇත.
පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයාතන වල තත්ත්වයද මෙයට වෙනස් නොවන අතර බදු වංචා කිරිම හා ගෙවීම පැහැර ඇරීම කම්කරු අයිතිවාසිකම් නොසලකා සේවකයන්ගෙන් වැඩ ගැනීම තත්ත්වයෙන් බාල හා නුසුදුසු භාන්ඩ විකිනිම වැනී කාරනා සදහා මෙවන් ගරා වැටුනු රාජයක් හා පාලනයක් ඔහුනට අවශයවී ඇත. එවන් රටක ඔබ ඔබගේ කාළය හා ශ්‍රමය කැප කරමින් මේරට හා රාජය තන්ත්රය ගොඩ නගන්නට ගන්නා උත්සාහය වෙහෙස ගඟට ඉණි කැපුවා හා සමාන වීමට තිබෙන ශාක්‍යතාවය ඉතා ඉහළ වනු ඇත.
නුගත් අය නොවෙයි රටේ වංචා දුෂණ කරන්නේ .
හැබැයි ඉතින් ඔය කියන කට්ටිය 88/89 කාලේ රටේ සමහර ප්‍රදේශ පාලනය කරා. අපිට මතක හැටියට නම් ඒකාලේ ඔය අය ඒ තරම් උගත් අය වගේ නම් හැසිරුනේ නැහැ.
ඔහෙලා මුක්කු ගහලා පත් කරගත්ත අයගෙන් බේරා ගන්නද ?
ඔය කුණුවෙලා තියන රට ගොඩ ගන්න නම් ඔය ඉන්න ඔක්කොම වැනසිලා අලුත් ජාතියක් රටට ගොඩ බහින්න ඕනා. වැඩ කිසිවක් බැරි අදක්ෂ අමන ජාතිය මාෆියා කල්ලි බිහිකර ගනිමින් බලය පමණක් රටට පෙන්වනවා. මෝඩයින්ට ඉතින් මැජික්??
ඔය කුණුවෙලා තියන රට ගොඩ ගන්න නම් ඔය ඉන්න ඔක්කොම වැනසිලා අලුත් ජාතියක් රටට ගොඩ බහින්න ඕනා. වැඩ කිසිවක් බැරි අදක්ෂ අමන ජාතිය මාෆියා කල්ලි බිහිකර ගනිමින් බලය පමණක් රටට පෙන්වනවා. මෝඩයින්ට ඉතින් මැජික්??
කට්ටිය එකතුවෙලා ජනවාරි 8 හදපු අලුත් "යහපාලන" කේක් ගෙඩිය නේද දැනටත් රටම කන්නේ.අලුතින් අයිසින් කරලා අයෙත් අලුත් කොලයක ඔතලා පරණ කේක් ගෙඩිය අපට කවන්න නේද මේ හදන්නේ.ඔය ජවිපෙ මාර්කටින් මැනේජර්ලගේ ගරිල්ලා මාර්කටින් අපි දන්නවා.එක සැරයක් කාල බඩේ අමාරුව හැදිලා ඉන්නේ මෙදා ඔය කේක් කෑවොත් රටටම අතීසාරය හැදිලයි නවතින්නේ.
සමන්ත විද්‍යාරත්න හොඳය පොදු අපේක්ෂකයාට.
ඕන පෙරමුනක්. තමන්ගේ ඡන්ද දායකයින්ට ගරහන එක නවත්තන්න. නැත්නම් ජවිපෙට ලැබෙන්නේ ඔය විද්වතුන් හාර පන්දාහෙ චන්ද විතරයි.
රටේ පාලනය භාර ගන්න හිටපු උගත් මිනිස්සු අවස්ථා 2කදි මරල දැන් කියනව අලුත් පෙරමුණු හදනවලු. කොයි පෙරමුණ හැදුවත් එන්නෙ ඔහෙල වගේ අවස්ථාවාදීන් තමයි.
ඔය කොයි කවිරුත් අලුත් පෙරමුණු හදන්නේ ඊළඟ පාර ගෝඨාට එන සිංහල ඡන්ද ටික කඩන්න. දැන් දෙමළ මුස්ලිම් අයට දෙන දීමනාවෙ හැටියට ඒ සේරම ඔහෙලගෙ කණ්ඩායමට ලැබෙනවා. මේ පාර තීරණාත්මක සිංහල ඡන්ද. අර රටේම ණය ගෙවනව කියන හාදය ආවෙත් ඒකටනේ.
2015 දී ජනතාව බලය දුන් 'යහපාලන ආණ්ඩුව' යටතේ රට යම් තරමක් ප්රගතිශීලී පියවර කිහිපයකින් ඉදිරියට ගියා. පැවතුනු තත්ත්වය යටතේ ජනතාවට ඒ ස්වල්ප වෙනස්වීම් පිළිබඳව පවා දැන් සතුටු විය හැකි ය. 2020 දී ඊට වඩා රට ඉදිරියට තල්ලු කරන පෙරමුණක් තැනිය යුතුයි. එයිනුත් යම් තරමක් රට ඉදිරියට ගෙනවිත් යම් විධියකට 2025 දී ඊටත් වඩා අලුත් යහපත් තලයකට රට ගෙනෙන්නට ජනතාව ධෛර්යවත්ව සිටිය යුතු ය.
ගෙනාපු පෙරමුණු ඔක්කෝම මතකයි
මහත්තයෝ ඔයගොල්ලෝ බුද්ධිමතුන්ව ජාතික ලැයිස්තුවෙන් පෙන්නල ඡන්ද අරගෙන අන්තිමේ දි ඒ බුද්ධිමතුන්ව පන්නල තමුන්ගෙ පක්ෂ පැරදිච්ච ගොයියලාට මන්ත්‍රී කම් දීපු මිනිස්සු නේද? ඔය කියන වැඩේදිත් අන්තිමට ඒකම නොවෙනවා යයි කියන්න අපිට තියෙන සහතිකය කුමක්ද? සියල්ලටම කලින් මහත්තයෝ ඔයාලා දිනපු තංගල්ල ප්රාදේශී්ය සභාව ඊලඟ වතාවෙදි පැරදුනේ ඇයිද කියලා අපිට කියනවාද?
අනිවාර්යෙන්ම. රට ගොඩයනවට අකමැති කොටසක් ඉන්නවා. ඔබලාගේ කැපවීමෙන් පෙරමුණක් ගොඩනගන්න. අපිත් එනවා ඡන්දෙ දෙන්න.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිවේදීන් සහ නොයෙකුත් විෂය ක්ෂේත්රවල ප්‍රාමාණික බුද්ධිමතුන් හා එක්ව ජවිපෙ ගොඩනඟන අලුත් පෙරමුණ ගැන හෙළිවීමත් සමඟ සැමදේම සැමවිටම කළු පාටට දකින ප්‍රතිවාදීහු බියගත් ගොළුබෙල්ලන් මෙන් පිළිකුල් සහගත ප්‍රකාශ කරති. වසර 70ක තට්ටු මාරු දේශපාලනයේ අයෝමය පීඩාවන් නිසා කේන්තියෙන් සහ වෛරයෙන් සිටින ජනතාවට අලුත් පන්නයේ හිට්ලර් මුහුණක් මෙන්ම බදු බරින්, ණය බරින්, කුසගින්නෙන් වැහැරුණු මිනිසුන් හුස්මගත් තෙවසරක් ගැන ස්ත්රෝත්ර ගයති. වෙනස් ආකාරයක ජිවිතයක්,සතුට සහ මිත්‍රත්වය පිරි මානව ක්‍රියාකාරකම් අගයන ජිවිතයක් සොයායන මිනිසුන්ගේ ගමන් මඟ අසුරාලීමට ක්‍රමවේද සොයති. හයලක්ෂ හතලිස්දහසක පුටුවක්, අධීක්ෂණ මන්ත්‍රීවරයකුට ලක්ෂ දෙකක මාසික දීමනාවක්, කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට රුපියල් 25,000 ක වැටුප් වැඩිවීමක්,වශයෙන් නිර්ලෝභීව බෙදා ගන්න පාලකයෝ ජනතාවගේ නැහැ පුඩුවලට කන තබා හුස්ම ගන්නේදැයි විපරම් කරති.රුපියල් කෝටි දස ලක්ෂය ඉක්මවූ රාජ්‍ය ණය ජනතාවගේ හිස මත බලහත්කාරයෙන් පටවා දැන් සනිපදැයි විමසති. බුද්ධිමත් යහපත් මිනිසුන්ට ඉඩ හසර ලබාදීම අපේ එකම ප්‍රාර්ථනයයි..........
රට බේරාගන්න පහළ වී සිටින උත්තමයන් දෙන්නා විමල් වීරවංස සහ ගොම්මන්පිලය. ඔවුන්ගෙන් අවසර නැතුව රට ගැන කතා කිරීම් පවා සුදුසු නැත!