රොමේෂ් මධුෂංඛ
යාපනය කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පා වෙමින් තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 යි ග්‍රෑම් 500 ක් නාවික හමුදාව විසින් සොයා ගනු ලැබීය.
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක අනුයුක්ත නාවික හමුදා නිලධාරීන්ගේ මුර සංචාරයක් දී එම කේරල ගංජා තොගය මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදා නිලධාරීන් වෙතට හමුවී ඇත.
අදාල කේරල ගංජා තොගය ඇසුරුම් 39 ක බහා තිබී ඇති අතර විකිණීම සඳහා මෙලෙස ඉන්දියාවේ සිට උතුරු මුහුදට ජාවාරම්කරුවන් විසින් රැගෙන එන අතරවාරයේ නාවික හමුදාව දැක කේරල ගංජා තොගය මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට නාවික හමුදාව සැක පල කරයි.
සොයාගත් එම කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත බාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියල අඩන්නේ මේවා කරගෙන යන්න ඕන නිසා.
කව්ද දේශපාලකයෙක් උතුරේ ඉඳන් තමිල්නාඩුවට පාලමක් ගහන්න ඕනේ කියලා නහයෙන් ඇඬුවා නේද? පාලම් ගැහුවොත් කොහොම හිටීවිද හිතාගන්න පුළුවන්...