රංජන් කස්තුරි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතාම පැහැදිලිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට නැවත ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (II) වගන්තියට අනුව ජනතාව විසින් දෙවරක් තෝරා පත් කර ගනු ලැබු තැනැත්තෙකු නැවත එකී ධුරයට තෝරා ගැනීම සඳහා සුදුස්සෙක් නොවන බව පැහැදිලිවම සඳහන් වන බවද ඇමැතිවරයා කීවේය.
මීට අමතරව ජනාධිපති මැතිවරණ පනතට අනුව ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු දුවුරුමක් අත්සන් කළ යුතු අතර එම දිවුරුම් දීම වැරැදි ලෙස ලබා දීම දණ්ඩනීතී සංග්‍රහයේ 190 වැනි වගන්තියේ අනුව අපරාධ වරදක් වන බවද එකී වරදට වසර තුනක සිර දඩුවමක් හිමි වන බවද ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ තීන්දු තීරණ, වාද විවාද කොපමණ විසිවී යනවාද ශ්‍රේෂ්ඨාධිකරණයේදී නේද? ඉතින් මෙයත් සුපුරුදු ලෙස ඔබ ඉදිරිපත් කළ තර්කයක් පමණයි අපිට...
ලංකාවේ නීතිය අඳුරු පැල්ලම් සහිත පුළුල් පරාසයක් තුළ ක්‍රියාත්මක වෙන නිසා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ දැක්වීම ඇමතිතුමාගේ නිගමනයට ප්‍රතිවිරුද්ධ වියහැකියි.
කොහොමත් හිටපු ජනාධිපතිනිය නැවත දේශපාලනයට ඒම අවිනිශ්චිතයි. එහෙත් හිටපු ජනාධිපතිතුමා තම පවුලෙන් ගිලිහුණු අසීමිත බලය නැවත සොයා රට අකර්මණ්‍ය කරමින් සිටියි..
චන්ද්‍රිකා එන්නේ නැති බව දන්නවනේ, ඒත් මහින්ද එයිද කියලා බයයි නේද?
අම්මෝ ඇති යන්තන්. දැන් කාටත් නින්ද යනවා ඇති
ඕකම තමයි අර හිතෙන හිතෙන කතා කියන හිටපු අගවිනිසුරුත් එදා කීවේ ..මේකනම් මහා පුදුම තණ්හාවක් නේ .. ජනවාරි 8 වෙනිදා පැරදුනාට පසුව බලය දාල යන්න අධි මධි කරනවා කියා රටේ රාවයක් ගිය එක ඇත්තක් කියලම ඔප්පු වෙනවා
භය වෙන්න එපා! ආයේ එන්න බෑ! - ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න
විජේදාස මහත්මයා ඉඳල හිටල රටට වැදගත් දේවල් ගැනත් කියනවා.
බහුතර මතයට සියලු දේ වෙනස්කළ හැකියි.
එතකොට මේ කියන විජේදාස ඇමතිතුමා ආපහු ආවේ කොහොමද.
මේ නහින දෙහින කාලේ මොන ජනපති වෙනවද? පිනක් දහමක් කරගෙන ඉන්නව මිසක්... දෙපාර දෙපාර හිටියා මදැයි... ඒ වෙන රටවල... අපේ රටේ පේනවනේ.. බනිනවා, ගුටි අනින්න යනවා, බලය නැතුව පිස්සො වෙලා..
මෛත්‍රිට එන්නත් බෑ, රනිල්ට එන්නත් බෑ. මොකද අපි ඡන්දෙ දෙන්නේ නැහැනේ.
ඉතින් ඔය කියන දෙන්න හැරුණු කොට, ලංකාවේ වෙන කිසිම කෙනෙක් ඇත්තෙම නැද්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට?