ඔක්තෝම්බර් 01 වැනිදා සිට දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල 15% කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අදාල ගැසට් පත්‍රය මේ වන විට අමාත්‍යංශයට යොමු කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
මීට පෙර 2008 වසරේදී දුම්රිය ප්‍රවේශපත්‍ර මිල ඉහළ දැමීය.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගියදා පැවති උද්ඝෝෂණවලින් රජයට සිදුවූ පාඩුව සහ දුම්රිය දෙපර්තමේන්තුවේ පිහිටුවා තිබෙන නානාප්‍රකාර වෘත්තීය සමිති ඉල්ලීම්වලට අනුව ඔවුන්ගේ වැටුප වැඩිවීම ලබාදීම සඳහා රජයට දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල15% කින් ඉහළ දැමීමට තීරණය කර තිබීමෙන් පෙනීයන්නේ හැමපැත්තෙන්ම තැලෙන්නේ රටේ දුප්පත් ජනතාව බවයි. රජයට තිබෙන්නේ හමුදාවේ පිරිසක් ඉන්දියාවට යවා දුම්රිය රියදුරන්, තාක්ෂණ නිලධාරීන් පුහුණු කර දුම්රිය දෙපාර්තමේන්තුවේ හදිසි වර්ජනයකදී යොදවා ගැනීමට පිරිසක් සූදානම් කර තැබීමයි. නොඑසේනම් දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කළහොත් දැනට තිබෙන තත්වයට වඩා කර්යක්ෂමව සහ සහන මිලට දුම්රියේ ගමන් කිරීමට හැකියාව ලැබේවි.
ඕකත් ජනපති නියමයෙන් වහාම නවතීවි. ඔය ආකාරේ කීයක් දැන් නැවතිලා තියේවිද? එයා නැගිට්ට ගමන් වහාම අඩු කරයි. බයවෙන්න එපා.
අවුරුදු 10 කින් පසු ගාස්තු වැඩි කිරීම සාධාරණීකරණය කළ හැක්කේ මගීන්ට මීට වඩා පහසුකම් ලබාදෙන බවට බලධාරීන් සහතික වන්නේ නම් පමණයි.
මන්තිරියන්ට පඩි වැඩි කොරන්න අපිට බදු ගැහැව්වා එන්ජින් ඩ්‍රයිවර් ලාට පඩිවැඩි කොරන්න දුම්රිය ගාස්තු වැඩිකලා. ඊළඟට කාට පඩි වැඩි කොරන්නද හදන්නේ. චන්දෙ ලං වෙනකොට පඩි කොමිෂන් වාර්තාව එලියට දාල බලයට ආවොත් පඩි වැඩි කරනවා කියාවි. 62 ට මොන චූන්ද?