පසුගිය රෙජීම සමයේ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
එම නිලධරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ආරම්භ කළ, මේ වන විට අවසානයට ළංවෙමින් තිබෙන විමර්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසය.
ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර තිබෙන විමර්ශන කොමිසම හමුවේ දී පවා මෙම පුද්ගලයාගේ නාමය මතුව තිබෙන අතර, එක්රැස් කරගත් රුපියල් ලක්ෂ සියයකට ආසන්න මුදලක වටිනාකමින් යුතු විදෙස් මුදල්, විදෙස් බැංකු ගිණුමක තැන්පත් කිරීමට ඔහු කටයුතු කර තිබේ.
මෙම පුද්ගලයා එම මුදල උපයාගෙන තිබෙන ආකාරය හෝ බැංකු ගිණුම තිබෙන රට හෙළි කිරීම හෝ පිළිබඳ අදහස් දැක්වීමෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයෝ වැළකී සිටියහ.
එසේවුව ද, සිදුව තිබෙන ව්‍යාපාර ගනුදෙනු කිහිපයකදීම එක් පාර්ශවයක් සමඟ එම ගනුදෙනුවල යෙදීමට මොහු වැඩි කැමැත්තක් දක්වා තිබෙන බව අනාවරණය කරගැනීමට සන්ඬේ ටයිම්ස් හට හැකිවිය. ලබාදුන් සහාය වෙනුවෙන් ගනුදෙනු සඳහා හවුල්ව සිටි පාර්ශවයන් ඔහු වෙත විදෙස් මුදලින් ගෙවීම් කර ඇත.
මෙම ගනුදෙනු පිළිබඳ දැනුම්වත් ආරංචි මාර්ගයන් සඳහන් කරන ආකාරයට මෙසේ මුදල් ගෙවීම සිදුකර ඇති සමාගම මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, බැංකුවේ මුදල් තැන්පත් කර ඇති බවට සාක්කි ද සොයා ගැනීමට හැකිව තිබේ. මෙම ඉහළ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම විමර්ශනය කි‍්‍රයාත්මක වන්නේ ශී‍්‍ර ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් වන විමර්ශන කොමිසම, ඒ අරබයා කි‍්‍රයාත්මක කරන විමර්ශන වලින් ස්වාධීනවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කලා, අයියලා, මස්සිනාලා ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකන් පාවිච්චි කලේ අම්මගෙ අප්පගෙ බූදලේ හැටියටයි. ඒක කන අතරේ මිහින් ලංකා දා ගත්ත සගයාට ඕනෑ විදිහට. කට්ටිය එකතුවෙලා දෙකම අනුභව කළා, හිතේ හැටියට. මේ ගොල්ලන් ඇවිත් ඉතුරු ටික කාලා හප කරලම දැම්මා. අනේ අපේ සල්ලි...
පක්ෂපාතී විදියටනේ පුවත තියෙන්නේ.. පසුගිය රෙජිම සමයේ කියන්නේ පහුගිය ආණ්ඩු කාලයේ කියන්න බැරිද ..? මේ දේවල් නිසා බහුතර ජනතාවගේ විශ්වාසය පලුදු වෙයි වගේ..
ලංකාවේ වගේ අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් තියන රටක, නීතිය කියන දේ හරියාකාරව ක්‍රියාත්මක කරන්න දීර්ඝ කාලයක් ගතවීම වළක්වන්න බැහැ. හිටපු අගවිනිසුරුතුමිය පන්නා දැමීම, හිටපු හමුදාපතිතුමා හිරේ දැමීම වැනි දේශපාලනමය පළි ගැනීම් සති කිහිපයකින් ක්‍රියාත්මක කලත් නීතිය හරියාකාරව, සාධාරණව, ක්‍රියාත්මක කිරීමේදී වඩා වැදගත් වන්නේ ගතවූ කාලය නොව නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද යන්නයි...
අපේ ගුවන්සේවයට කල හානියට එක ලොක්කෙක් විතරක් නෙවෙයි, හිටපු පාලකයාත් අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ ගොල්ලෝ අපේ ගුවන්යානා පාවිච්චි කලේ ඒ අයගේ කාර් වගේ...
පළමුවෙන්ම කළ යුත්තේ ඕනෙම බලවතෙක් කරන හොරකමකට, අපරාධයකට දඬුවම් ලැබෙන යාන්ත්‍රණයක් හැදීමයි. එමගින් මොන ජගතෙකුටවත් ගැලවෙන්නට නොහැකි අධිකරණ පද්ධතියකට අඩිතාලම දැමීමයි. කිසිම රජයක් නොකරන්නේද එයමයි. එසේ කිරීමෙන් මහින්ද, රනිල් හෝ ඕනෑම අයෙකුට ගැලවීමට නොහැකි බව දැනෙනවිට රට වංචාවෙන් හා දූෂණයෙන් මිදෙනු ඇත. එසේ නොමැතිව මේ සංදර්ශනවලින් ඇතුළට යන අය ටික කලකින් එළියේ... මේවා ගැලරියේ විසිල් එක ගන්නට ගහන බල්ටි. මේවා මේ විදිහටම නැවත නැවතත් පත්වෙන හැම රජයක්ම කරනු ඇත. අවසානයේ දෙගොල්ලන්ම හොරුය. දෙගොල්ලන්ම ජනතාව රවටන වංචනිකයින්ය...
ඩුබායි කාලා ලංකාවට ඇවිත් අපේ රටේ ගුවන් සේවා කාපු අර අම්බලන්ගොඩ ඉන්න මහා හොරා අල්ලන්නේ නැද්ද ?
"පහත් තැනින් යයි ගලා ජලේ" කීවලු. මේවා කලේ හිතුමනාපෙට වැඩ කරපු ඉහළම ඇවරියේ කට්ටියගේ අණින් බව කවුරුත් දන්නවා. ඒගොල්ලෝ අහුවෙන්න වැඩ කරලා නැහැ. මේක විතරක් නෙවේ තාජුඩීන්, කීත් නොයාර්, එක්නැලිගොඩ, ඩුබායි ගිණුම්, වැලිකඩ ඝාතන, බැඳුම්කර, 2015 ජනවාරි 9 උදේ පාන්දර සී ෂෙල්ස් වලට යැව්ව මිහින් ලංකා යානයේ පුරවාගෙන ගෙනගියේ මොනවාද? වගේ මෙකි නොකී කිසිම අපරාධයක් උසාවියකදී ඔප්පු කරන්නට පුළුවන් ආකාරයේ සාක්ෂි ඉතුරු කර නැහැ. එකයි ඔය සේරම කිසි වැරද්දක් කලේ නැති සුදනෝ වගේ මහපාරේ ජෝගි නටන්නේ. දැන් නීති උපදෙස් හොයනවාලු ආපහු එන්න ක්‍රම වේදයක් හොයාගන්න. මොකද අපේක්ෂකයෙක් තෝරාගන්න එකත් විශාල ගැටළුවක් වෙලා. ඒකයි.
අත්අඩංගුවට ගන්නවා, රිමාන්ඩ් කරනවා, ඇප මත නිදහස් කරනවා, බෙහෙත් ගන්න පිටරට යන්න අවසර දෙනවා කියනවා, නඩුව කල් ගියා කියනවා, සමහරු පැනලා යනවා, ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත්කළා කියනවා, නාට්‍යයක් රඟදක්වා පෙන්නනවා. මෙගා ටෙලියක් බලනවා වගේ අපිත් බලනවා. හුරේ දමනවා. එච්චර තමා. 2015 ඉඳලා මෙතෙක් වුනේ එච්චරනේ? හොඳයි එහෙම නෙමේද?
සී.අයි.ඩී. එක ඇවිත් ප්‍රකාශයක් ගත් එකට හිටපු රාජ්‍ය නායකයා මොනවද මාධ්‍යයට ඇවිත් කිව්වේ? මේවා දේශපාලන පළිගැනීම් කිව්වා. ඒ වගේම මේ ශ්‍රී ලංකන් එයාර් ලයින් එක හොරා කාපු එකටත් කියාවි, මේකත් දේශපාලන පළිගැනීම් කියලා. මට හොඳටම විශ්වාසයි මේ යහපාලන රජය මේ කම්බ හොරනඩය හිරගෙදරට යවයි කියලා බෝහෝම ඉක්මනටම....
එමිරේට්ස් ගුවන් සේවය අපේ ශ්‍රී ලංකන් ගුවන්සේවය කළමනාකරණය කරනවිට ලාභ ඉපයුවා. මහින්ද නැවත ශ්‍රී ලංකන් රජයට ගත්පසු ගුවන්සේවය කඩා වැටුණා...
බයිලා ගහගහ ඉන්න දෙයක් නැහැ. ඔප්පු වුණා නම් ගිහින් අත්අඩංගුවට ගන්නවලා. මොකටද තවත් අනාවැකි කියකියා ඉන්නේ... හිටපු ජනපති, ඉන්න ජනපති, අරයා මෙයා වැඩක් නැහැ. හොරා කාලා මාට්ටු නම් දඬුවම් දෙන්න. හොරාකාපු සල්ලි අාපහු අරන් ඒක අදාල ආයතනයට යොදවන්න. "යුද්ධය දින්න නිසා හොරාකෑවට කමක් නැහැ" කියලා ඉන්න පුළුවන්ද?
කුමාරයා ඔතැන වැඩ කරපු සහකාරියකට අයථා ලෙස දුන්නු වරප්‍රසාද ගැනද සොයා බලන්න...
මහින්ද උන්නැහේගේ බෑනා.. හොඳට වවාගෙන කෑවා නේද..? ඔන්න වැඩ..
අත්අඩංගුවට ගැනීම් සහ නැවත මුදා හැරීම් දැන් සාමාන්‍ය දෙයක් වෙලා. චුදිතයෝ ඇත. දඬුවම් නැත.
තමන් බලයට පත්වූ විට පැරදුන " එකා "වැරදිකාරයාය . පැරදුනු " එකා " බලයට පත්වූ විට පෙර බලයේ සිටි " එකා" වැරදි කාරයා ය. අවසානයේ දෙගොල්ලෝම නිදහස් ය. සියලුම වැරදි කරුවන් අහිංසක මහජනතාව පමණකි. රටක් දියුණුවන්නේ කෙසේද?
රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ජනාධිපති ඇමතිවරු ඇතුළු රාජ්‍ය පාලකයන් වැඩබාරගන්න කොට දිවුරා පොරොන්දු වෙනවා. එ්ක ඔවුන්ගේ රාජකාරියේ කොටසක්... ඒ සඳහා ඔවුන්ට අපි විවිධ වරප්‍රසාද සහ දීමනා මහජන මුදලින් ගෙවනවා. වැටුප් ගෙවනවා. යුද්ධය දිනුවා කියලා රටේ තිබෙන සම්පත් පවුලේ සාමාජිකයින්ට ගසාකන්න දීලා ඇස්කන් පියාගෙන සිටින්න බැහැ. මේක දැන් ඉන්න පාලකයින්ටත් අදාලයි. එහෙම දේවල් වෙලා තිබෙනවා නම් එ් පිළිබඳව සාධාරණ සැකයක් තිබෙනවා නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසියට උපදෙස් දීම දැන් ඉන්න පාලකයන්ගේ වගකීමක්..., ඔවුනුත් ඔවුන්ගේ රාජකාරිය හරියට නොකරනවා නම් ඔවුනුත් මේ වංචා අනුමත කරන බව මගේ අදහසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පවසයි. නමුත් මෙම සුවිශේෂී ආයතනය පිළිබඳ ඇතැම් සංවේදී විය යුතු රාජ්‍ය නිලධාරීන් එය මඟහැර ගොස් ඇති බවයි සරත් ජයමාන්න මහතා පෙන්වාදෙන්නේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා මීට පෙර අවස්ථා කීපයකදීම පුවත්පත් සාකච්ඡා මගින් සහ විද්‍යුත් මාධ්‍ය මගින් කොමිෂන් සභාවේ නීති නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම, රජකාරී කටයුතු කර ගැනීම සඳහා ප්‍රමාණවත් නීති නිලධාරීන් නොමැතිවීම සහ තවත් බොහෝ කරුණු කිහිප වරක් රටට ඉදිරිපත් කර ඇතත්, මේ සම්බන්ධව රජය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රාජකාරිය සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල ලබානොදෙන්නේ මන්ද යන්න ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී මහජනතාවට ගැටලුවකි.
මේ අර මස්සිනාද?
සාමාන්‍ය පෙළ සමත් නැති වුනත් ඒබව නොතකා නෑකමට ලොකු පුටුවේ ඉන්දවපු කෙනා වෙන්න ඇති නේද?
සදා කාලික බලයක් ලැබුණාම කොහොම තියෙයිද ?
මහජන දේපල හොරකන එවුන් නැවත උපදිනකොට උපදින්නේ වව්ලෝ වෙලා එල්ලි එල්ලී ඉන්න වෙන විධියටයි .
අනිවාර්යයෙන්ම මොහුට විරුද්ධව නඩු දමලා නිතිය ක්‍රියාත්මක කරන්න ඉස්සර වෙලා මොහු මොහුගේ ලංකාවේ තිබෙන දේපලත් විකුණලා එහෙම නැත්නම් වෙන කෙනෙකුට පවරලා මුදලුත් අරන් රටෙන් පිටවෙලා පිට රටකට යනවා ,
අත්අඩංගුවට ගන්න නැකත් බලනවද
ඕක කලින් කිව්වේ ඔහුට පැනලා යන්න කියන එකද?
වෙන රටවල නම්, මේවගේ දේවල් අඬබෙර ගහමින් කරන දේවල් නොවෙයි ! දැනටමත් මේ අය අපේ ප්ලේන් එකකින්ම රටින් පැනලා ගිහිල්ලත් ඇති. අනේ අපේ මේ පරීක්ෂකයන්ට මොලේ කලඳක්වත් නැති හැටි.
හැම අවුරුද්දකම රුපියල් කොටි 1500 ක් 2000 ක් ශ්‍රී ලන්කන් එකේ පාඩු පිරිමැසීමට මහා භාණ්ඩාගාරයෙන් වියදම් කරමින් දිගින් දිගටම මේක පවත්වාගෙන යාම , රටේ සාමාන්‍ය ජනතාවට කරන අසාධාරණයක් නොවේද ? මෙම මුදලින් වසරකට ලංගමට බස් කියක් ගන්න පුලුවන්ද ? ජීවිතේටම ගුවන් යානයකට නැගලා නැති පීඩිත පන්තියේ සහ මධ්‍යම පන්තියේ පුරවැසියන් අනුන්ගේ පවු වලට කරගැසිය යුතුද ? කරුණාකර ඕක බංකොලොත් නම් වහලා දමන්න