ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී රියදුරුගේ අවම වයස අවුරුදු 35 ට සීමා කිරීමේ නීතීයට තමන් එකඟ නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රියදුරු බලපත් ලබා ගැනීමේදී අවම වයස් සීමාව වන්නේ අවුරුදු 35 යැයි ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා තිබිණි.
ඊට තමන් එකඟ නොවන බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනුයේ ත්‍රිවීල් රියදුරන්ගේ අවම වයස අවුරුදු 25 ලෙස හෝ වෙනස් විය යුතු බවයි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල මහතා කොහොමත් තරුණයන්ගේ පැත්තෙනේ .. ජයවේවා !!!
ත්‍රිවීල් රියදුරන්ගේ අවම වයස අවුරුදු 25ක් ලෙස අඩුකොට තරුණ රියදුරන්ට නිසිදනුම සහ පුහුණුවක්දී, දැනට ත්‍රිවීල් රියදුරන් පුහුණු කිරීමට ආයතනයක් නොමැති නම් නව ආයතනයක් රජය මගින්ම පිහිටුවා නිසි පුහුණුවක් ලබාදීම කලයුතුය. රජය මගින්ම සෑම දිස්ත්‍රික්කයකම ත්‍රිවීල් රියදුරන් පුහුණු කිරීමට ආයතන පිහිටුවීමෙන් රජයට ආදායමක්ද ලබාගැනීමේ වාසිය තිබේ. ඉන්පසු නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න, සියලුම ත්‍රිවීල් රියදුරන්, ඔවුන් පිහිටුවාගෙන තිබෙන සංගම් මගින් සහ පුවත්පත් දැන්වීම් මගින් දැනුවත් කළයුතුය. එක වරදක් කර අසුවුවහොත් මාස තුනකට ත්‍රිවීල් රියදුරාට ත්‍රිවීල් පැදවීම තහනම් කිරීම, දෙවරක් වරදක් කර අසුවුවහොත් මාස හයකට ත්‍රිවීල් පැදවීම තහනම් කිරීම, තෙවනුවත් වරදක් කර අසුවුවහොත් ත්‍රිවීල් පැදවීම වසරකට තහනම් කිරීම සහ ඉන්පසු කරන වරදකට ත්‍රිවීල් පැදවීමේ රියදුරු බලපත අහෝසිකර දැමීම වැනි නීති ක්‍රියාත්මක කළහොත් රජයටත්, ත්‍රිවීල් රියදුරන්ටත් ප්‍රශ්නයක් නොවන ආකාරයට විසඳුමකට පැමිණීමට හැකියාව තිබේ. එවිට නීතියත් නිසියාකාරව ඉටුවේවි. මෙම නීතිය ලංකාවේ තිබෙන ත්‍රිවීල් පමණක් නොව සියලු රියදුරන්ට බලපැවැත්විය හැකිය.
අැත්තටම එ්ක හොඳයි... මොකද කියනවා නම් තරුණ ජීවිත ත්‍රිවිල්වලට යොමු වුණාම අපරාධයක් නේද..? හැබැයි තරුණ අයට වෙන අාදායමක් තිබිය යුතුයි..
දමන නීතියක් අලුතෙන් ගන්න කෙනෙකුට දමන්න. නැතුව ට්‍රයල් පෙන්නලා විභාගවලට ලියලා ගස්තු ගෙවලා රියදුරු බලපත්‍ර ලබාගත් පුද්ගලයෙකුගේ බලපත්‍රය වයස 35 දක්වා අත්හිටුවීම හෝ අවලංගු කිරීම, බරපතල මානව හිමිකම් කඩවීමක් ලෙස මම දකිමි. පොඩි කාර් මිල ඉහල දමලා, ත්‍රිවිල් වලටත් තහංචි දමලා, පොදු ප්‍රවාහන සේවාවත් දියුණු නොකර රජය අපට කියන්නේ ගමනක් බිමනක් යන්න හොරකම් කරලා හරි ලොකු වාහනයක් ගන්න කියලද?
ත්‍රී වීලර් තහනම් කරන්න.
රටේ වෙන මාර්ග අනතුරු වලින් වැඩිපුරම මැරෙන්නේ ත්‍රීරෝද සහ යතුරපැදිවල ගමන්කරන අයයි. යතුරුපැදි කරුවන් තමාගේම නොසැලකිල්ල නිසා මරණයට පත්වුනත් ත්‍රීරෝද රියදුරුගේ නොසැලකිල්ල නිසා අහිංසක මගීන් මරණයට පත්වීම වැලැක්වීම උපරිම උත්සාහය ගතයුතුයි. ත්‍රීරෝද අනතුරු වැඩිපුරම සිදුවන්නේ අවුරුදු 30 ට අඩු පිරිමි රියදුරන්ගේ නොසැලකිල්ල නිසා ආණ්ඩුවගත් තීරණය ඉතාමත් කාලෝචිතය