(ආරියරත්න රණබාහු)
රාජ්‍ය මාධ්‍ය උපයෝගි කරගෙන බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය අපහාසයට ලක් කිරීමේ වැඩ පිළිවෙළක් ජාතික සමගිය හා සංහිදියාව ඇති කිරීමේ කාර්යාංශය මගින් ආරම්භ කර ඇතැයි ආචාර්ය ඕමල්පේ සෝභිත දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියෝ අද (19) පැවසුහ.
ජාතික සමගිය හා සංහිදියාව ඇති කරවන බව යැයි කියා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් නාට්‍ය තුනක් ප්‍රචාරය කිරීම සඳහා නිශ්පාදනය කර ඇතැයි කී සෝභිත හිමියෝ ඒ නාට්‍ය තුන ‘තරුවන් සරණයි‘, ‘නිවොන් සුව ලැබේවා‘ සහ නිර්වස්ත්රං සුඛං යනුවෙන් නම් කර ඇතැයිද පැවසුහ.
මේ අදහස් ප්‍රකාශ කරනු ලැබුයේ බම්බලපිටිය සිරි වජිරාරාම දහම්පාසලේ සියවස් සැමරුම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි.
එහිදී උන් වහන්සේ මෙසේද පැවසුහ.
බදු දහමට විරුද්ධව බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධව විවිධ ආකාරයේ එල්ලවන විරෝධතා මැඩලීමට අපට තවමත් ක්‍රමයක් නැහැ නේද කියලා හිතෙනකොට ජනාධිපතිතුමනි ,අගමැතිතුමනි අපි අසරණවෙලා වගේ දැනෙනවා.
ශ්‍රී ලංකාවේ තියෙනවා විශේෂ කාර්යාංශයක් ජාතික සමගිය හා සංහිදියාව ඇති කිරීමේ කාර්යාංශය කියලා .මේ කාර්යාංශය මගින් අලුතින් නාට්‍ය නිර්මාණය කර සංවිධානය කර තිබෙනවා නාට්‍ය නිර්මාණ සංවිධානය කර තිබෙනවා. නාට්‍ය නිර්මාණ 10 ක් කර තිබෙනවා.අපිට ජාතික සමගිය සංහිදියාව ඇති කරන්න.
මේ නාට්‍ය දැන් සුදානම් කර තිබෙන්නේ රජයේ ගුවන් විදුලි මගින් ප්‍රචාරය කරන්න. නමුත් මේ තුළින් බෞද්ධ ආගම උපහාසයට ලක් කරලා.
මේ නාට්‍ය දැන් සූදානම් කර තිබෙනවා රජයේ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන්න. මේ නාට්‍යවල නම්, එකක් තමයි “තරුවන් සරණයි’ තෙරුවන් සරණයි යන්න උපහාසව ලක් කරලා. අනික් නම් අතර ‘නිවොන් සුව ලැබේවා” නිවන් සුව ලැබේවා යන්න උපහාසයට ලක් කරලා. මුලාසනයේ වැඩ සිටින අපේ නායක හාමුදුරුවනේ මට සමා වෙන්න මේවා කියන්න සිදුවෙලා තියෙනවා. “නිර්වස්ත්රං පරමං සුඛං” මේක මේවායේ අරමුණ කුමක්ද රජයේ මාධ්‍ය උපයෝගි කරගෙන බෞද්ධයන්ට පහරදීමේ ව්‍යාපාරයක්. මේවායින් ඔවුන් ප්‍රතිපල දෙකක් බලාපොරොත්තු වෙනවා ඇති. බුදු දහම උපහාසයට ලක්කිරීමටයි. ‘නිර්වස්ත්රං පරමං සුඛං කියන්නේ සැම ආගමක්ම උගන්වන සදාචාරයෙන් තියෙනවා. මෙය ඒවා උපහාසයට ලක් කිරීම යැයි සෝභිත හිමියෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ... අපිමනේ මේ හවුල පත්කරගත්තේ... ඔබ වහන්සේලාට ග්ලයිපොසේට් තහනම් කරගන්න බැහැ. මේක නවත්වන්නත් බැහැ. ඔබ වහන්සේලා නෙවෙයි. අපි තමයි අසරණ... තෙරුවන් සරණයි.
බුදුන්නම් කියා තිබෙන්නේ බුදුදහමට විනකරන්නේ අපහාස වන්නේ චීවරය දරාගත් සසුනෙම වැඩසිටින දුශ්ශීල භික්ෂුන් නිසාවෙන් කියලා නේද? එමගින් වැනසීම බෞද්ධ සමාජයට ලැජ්ජාවක් වගේම අනෙක් ක්‍රියාවන්ගෙන් බුදුදහමට එල්ලවන අපහාස වලට වඩා බලවත් කියලයි මගේ හැඟීම...
අපේ හාමුදුරුවනේ එක නිදහස් දින උත්සවයකදී ආජුතපරලායිලා.... කිව්ව මේ අය 2020 යනවිට බැංකුව විතරක් නොවෙයි සිංහල ජාතියත් කාලා බුද්ධාගමත් කාලා රට සුළුජාතිකයින්ට පාවාදීලා තමයි යන්නේ. දැන් අපේ ගොයියෝ ඔබවහන්සේට බනින්න පටන්ගනීවී.
ඔබ වහන්සේලා නේද මුන්ව පත්කරගත්තේ ? අපි අසරණවෙලා නේද ?
බුද්දාගමට අගුරව. වුනේ වැඩියෙන්ම පැරදිලා ගෙදර. ගිය. ජනපති. නිසා හැමදේටම. පන්සල එයාට ඕන විදියට නටන්න. සමහර. හිමිවරු. පහසු කම් හදල දුන්නා. ඒ. හිමිවරුන්ට. මහින්දගෙන් තොර. ලෝකයක්. නැති. වුන. පන්සල චන්ද පලක් වුණා. දරුවෝ. දහම් පාසල් එන. එක අඩුවුණා හිමිවරු හිර ගෙවල් වලට. ගියා , හැම කෙනාම බනින්න ගත්ත ඉගෙන. ගන්න. හිමිවරු නවක වාදය දුන්නා කාටවත්. ඇගිල්ල. දික් කරලා වැඩක්. නැහැ. ලොකු තැන නින්. තමයි කැළැල්. පටන්. ගත්තේ
මේ චතුරිට නම් මහින්ද මහත්තයාව කොහෙන් හරි ගාව ගෙන බැන්නෙ නැත්නම් නින්ද යන්නේ නැද්ද කොහෙද ..? නැත්නම් වර්තමානයේ උතුරු, නැගෙනහිර පළාත්වල එහෙම බුදු දහමට කරන අපහාස, ගැරහිලි පේන්නේ නැද්ද..? මේ වගේ අය තමයි ටොයිලට් එකට නොගියත් මහින්ද කියලා බනින්නේ..
හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ වැඩ තමා වැඩියෙන්ම බුදුදහමට අපහාස වෙන්නේ... කරුණාකරලා ඔබවහන්සේලා බෞද්ධ වෙලා ඉන්න මුලින්ම...
එතකොට ඒකට විසඳුම අපහාස නාට්‍ය ජාතික සේවාවල දාන එක කියලද කියන්නෙ.
මේ ඉතා තීරණාත්මක මොහොතක්, ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ අවධියෙන් සිටීමත් ජාතිය අවධියෙන් තබා ගැනීමත් අවශ්‍යව තියෙනවා, කොළඹ නගර සභාවෙන් බුදු පිලිමය ඉවත් කිරීමත් මේ යන ගමනේ දිශාව පිලිබිබු කරනවා
මේ ඉතා තීරණාත්මක මොහොතක්, ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ අවධියෙන් සිටීමත් ජාතිය අවධියෙන් තබා ගැනීමත් අවශ්‍යව තියෙනවා. කොළඹ නගර සභාවෙන් බුදුපිලිමය ඉවත් කිරීමත් මේ යන ගමනේ දිශාව පිළිබිඹු කරනවා.