(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ලංකාවේ සහ විදෙස් රටවල්හි රැකියා සහ අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය සියලු සහතික පත් ව්‍යාජ ලෙස සැකසු බොරැල්ල වොඩ් පෙදෙසේ ටයිපින් වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා ව්‍යාජ සහතික, ස්කෑනර්, පරිගණක ඇතුළු උපකරණ තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
විදෙස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයේ සිට උපාධීයලබා ගත් බව දැක්වෙන සහතික ද ,නිල මුද්‍රා, ජාත්‍යන්තර රියදුරු බලපත් නිකුත් කිරීම සඳහා රටවල් පහක නම් අඩංගු තනතුරු ඇතුලුක් නිල මුද්‍රා පොලිස් බාරයට ගෙන තිබේ.
ඕනෑම පෞද්ගලික හා රාජ්‍ය අයතනයක නිකුත් කරනු ලබන සහතික ව්‍යෘජ ලෙස සකකස් කර මුදලට අලෙවි කිරීම මොහු වසර ගණනාවක සිට සිදු කර ගෙන ගොස් ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම බොරැල්ල මහ නගර සබාවේ සුපර් මාර්කට් එකත් ලොකු හොරු ඉන්න ජරා තැනක්. හොඳට බලලා එ්කත් හදිසි පරීක්ෂාවකට ලක් කරන්න..
ඉන්දියානුවෝ, පිලිපීන, බංගලි, ඉජීප්තු සහ පාකිස්තානුවෝ ඔය කියන ඒවා නැතත් ඔවුන්ට වඩා දැනුමක් සහ හැකියාවක් ඇති ලාංකිකයින් වගේ අයයි ඔවුන් යටතේ වැඩ කරන්නේ. එහෙම වුනේ කොහොමද සහ ඇයි කියන කාරණාවට වඩා ප්‍රායෝගිකයි. මෙහෙම හරි අපේ යමක්-කමක් දන්නා අයට රස්සාවක් ලැබෙන එක. පොඩි අවුලකට තියෙන්නේ ලංකාවේ අය අති බහුතරය ගිය තැන වණ කරගන්න තත්වයට ඇවිත් තියෙන එකයි. අනික ඔය මොන සහතිකයක් හොරෙන් ගැහුවත් හැකියාවක් නැතිනම් වැඩේ අවුල්. හුඟක් රටවල් ඉංජිනේරු සහ තාක්ෂණික අංශයේ රැකියාවල් වලට අයදුම් කරන අයගේ සහතිකවල විදෙස් අමාත්‍යංශයේ ලියාපදිංචි අංකය ඔවුන් විසින්ම හොයා බලනවා. ඒ නිසා මෝඩ වැඩ කරලා මුදල් සහ කාලය නාස්ති නොකර ගන්නා ලෙස ඉල්ලනවා.
ඕකට කියන්න ඕනේ ටයිපින් වත්ත කියලා නොවේ ගේම් වත්ත කියලා බොරැල්ල පොලිසිය පෙනී පෙනී ඔතන කරන වැඩ ළමයි පාසල් වලට දාන්න හොර ලියකිවිලි හදනවා, ලිපින විකුණනවා, හදන්න ඕන ඕනම ලියකියවිල්ලක් ඔප්පු පවා හදනවා ඕකද ඊයේ නොවේ දැන් අවුරුදු ගනනක සිට වෙන දෙයක්. කෝ නීතිය වැඩේ කියන්නේ නීතිය කරවන අයත් ඔතනට ඇවිල්ලා හොර ලිපි හදා ගෙන යනවා ලමයිනට හොද පාසල් ගන්න