දඬුවම අහෝසිකර නිදහස් කරන්න‘ යි දුමින්දගෙන් අභියාචනයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු එම දඬුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනා වැඩිදුර විභාගය හෙට (27) දක්වා කල් තැබීය. 26 March 2018
උතුරුමැද වැරදි පත්කිරීම් අත්හිටුවන්නැයි ආණ්ඩුකාර කියයි ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් සිටියදි උතුරු මැද පළාතේ ප්‍රධාන පාසල් සඳහා නුසුදුස්සන් පත් කර ඇත්නම් ඔවුන් වහා ඉවත් කරන ලෙස උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතා පළාත් ප්‍රධාන ලේකම්ට නියෝග කළේය. 26 March 2018
දෙමළ සන්ධානයේ සහාය අගමැතිට විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ද්‍රවිඩ ජාතික සංධානය තීරණය කර තිබේ. 26 March 2018
තංගල්ල නගර සභාවේ මුල් පුටු දෙකම එ.ජා.ප යට මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවට තේරීපත් වු සභිකයෝ අද (26) තංගල්ල නගර සභාවේදී රැස් වුහ. 26 March 2018
යාපනය මහ නගර සභාව දෙමළ ජාතික සන්ධානයට යාපනය මහ නගර සභාවේ බලය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට තවත් පක්ෂ දෙකක සහය ලැබීමත් සමඟ අද (26) යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත්සභා මන්ත්‍රී එමානුවේල් අනොල්ඩ් මහතා දිවුරුම් දෙනු ලැබීය. 26 March 2018
ක්ලේමෝ බෝම්බ 7 ක් තලෙයිමන්නාරමෙන් යුද සමයේ දී කොටි සංවිධානය සඟවා තිබූ බවට සැකකෙරෙන ක්ලේමෝ බෝම්බ හතක් තලෙයිමන්නාරම ඕලූතුඩුවායි කැළෑ ප්‍රදේශයක තිබී අද (26) සොයාගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි. 26 March 2018
දඹුල්ල මහනගර සභාවත් පොහොට්ටුවට මෙවර පළාත් පාලන මැතිවරණයෙදී දඹුල්ල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය. 26 March 2018
ගම්පහ ජල යෝජනාවේ කෝටි 897 ක ගැහිල්ලක් ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ප්රද්ෙශවල පානීය ජලය සැපයීම සඳහා චීන අධාර යටතේ ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘතියේ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවන හෙයින් එය වහාම නතර කර පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුදල් අමාත්යංශයටට දැනුම් දී තිබේ. 26 March 2018
මොරටුවත් පොහොට්ටුවට මොරටුව මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය. මොටුව නගරාධිපති ලෙස යළිත් සමන් ලාල් ප්‍රනාන්දු මහතා පක්ෂව ඡන්ද 23 කින් තේරී පත් විය. 26 March 2018
දෙහිවල- ගල්කිස්ස නගරාධිපති පොහොට්ටුවෙන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා හා නියෝජ්‍ය නගරාධිපති ලෙස අධි නීතිඥ දිප්ත උඩවත්ත මහතා තේරීපත් විය. 26 March 2018
‘රටේ විනය හදන්න ජනතාව අපිට නැවත බලය දුන්නා‘ - මහින්ද රාජපක්ෂ හැමදාම පත්තරේ බැලුවොත් මිනීමැරුමක්. එක තැන දෙක තුන හතර. පවුල් පිටින් විනාශ කරලා. පොඩි ළමයි දූෂණය කරනවා. එක්දහස් පන්සිය ගානක් මම දැක්කා වාර්තා වෙලා තියෙනවා. මේ තත්වය ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මේ කෙටි කාලය තුළ විනයක් හා පාලනයක් නැති කමයි . 26 March 2018
අතුරුගියේ වෙඩි තැබීමක් අතුරුගිරිය ජෝතිපාල මාවතේ පිහිටි නිවසකට අද (26) අලුයම 3ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 26 March 2018
මැණික් ගෙන ආ චීන ජාතිකයා අත්අඩංගුවට චීනයේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගියකු අද (26) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 26 March 2018
රුසියාවේ ගින්නකින් 37 ක් මරුට රුසියාවේ සයිබීරියානු නගරයක් වන කෙමරොව්හි වෙළඳ සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් 37දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 26 March 2018
පොහොට්ටුවේ සමානුපාතික ලැයිස්තුව තවම එවලා නෑ පාළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමානුපාතික ලැයිස්තුවෙන් පත් කළ යුතු නියෝජිතයින් සිය ගණනකගේ නම් එම පක්ෂය විසින් තවමත් එවා නැතැයි වාර්තා වේ. 25 March 2018
දෙහිවල-ගල්කිස්ස මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර බලය පිහිටුවීම හෙට දෙහිවල - ගල්කිස්ස මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහ නගර සභා තුනේ බලය පිහිටුවීමේ බල අරගලය හෙට (26) පැවැත්වේ. 25 March 2018
වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ප්‍රහාරයක් බේරුවල පත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක නීති විරෝධි දුම්වැටි සඟවා ඇතැයි ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට බාධා කරමින් කලහාකාරී ලෙස හැසිරුණු පිරිසක් හේතුවෙන් එම ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකුට අද (25) තුවාල සිදු වී ඇතැයි බේරුවල පොලිසිය කියයි. 25 March 2018
ගාල්ල මහනගර සභාවේ බලය මුදලට පාවාදුන් මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ දී පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 25 March 2018
රජය පමණට වඩා ජාත්‍යන්තරයට යටත් වෙලා - අස්ගිරි අනුනාහිමි වත්මන් රජය පමණට වඩා ජාත්‍යන්තර සංවිධානවල බලපෑම්වලට යටත්වූ බවක් පෙනෙන්නට තිබෙන බවත්, එය රටට අහිතකර බවත් ආනමඩුවේ ධම්මධස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ කීහ. 25 March 2018
මාලබේ වෙඩි තැබිමකින් පුද්ගලයකු මරුට මාලබේ - චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි. 25 March 2018
ඉන්දියා රජයට ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධයක් නෑ වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් , මේ හේතුවෙන් අගමැති මෝදි මහතාගේ රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් කටයුතු කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. 25 March 2018
‘විශ්වාසභංග විවාදයේදී පක්ෂය බෙදෙන්නේ නැති තීන්දුවක් ගන්නවා‘ අගමැතිවරයාට එරෙහිව කථානායක වරයාට බාර දී ඇති විශ්වාස භංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න තම පක්ෂය මෙතෙක් තීන්දුව ගෙන නොමැති වුවද පක්ෂය බෙදෙන්නේ නැති තනි තීන්දුවක් ගැනීමට 25 March 2018
සැකකරුවෙක් හමිබන්තොට බන්ධනාගාරයේදී මිය යයි හම්බන්තොට මහාධිකරණයේ පවතින නඩුවකට අදාල වරෙන්තු නිකුත් කර තිබු සැකකරුවෙකු අම්බලන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමෙන් පසු හදිසියේ රෝගාතුර වී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 25 March 2018
පුංචි ඡන්දෙන් මාතලේට භික්ෂුහු පස්නමක් පත්වෙති පළාත් පාලන මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා සහ නගර සභා වෙනුවෙන් තේරීපත් වු සභිකයින් 284 දෙනා අතරින් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට සභිකධුර පහක් භික්ෂූන්වහන්සේලා පස්නමකට හිමි වුහ. 25 March 2018
යතුරුපැදි ගැටී තරුණයෝ තිදෙනෙක් මරුට උඩුබද්ධාව නගරය ආසන්නයේදී අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරු පැදියක් තරුණයන් තිදෙනකු ගමන් කළ යතුරුපැදියක ගැටී යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් තිදෙනා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 25 March 2018
ස්මිත් - වෝනර් තනතුරු අතහරිති දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාරගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. 25 March 2018
‘ නායකයින් තේරීමේදී පක්ෂයට වාසි අයුරින් තීරණ ගන්නවා‘ - මධ්‍යම මහ ඇමැති මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන 32ක ප්‍රධානින් තේරිමේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තිරක බලය බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක පැවසීය. 25 March 2018
විශ්වාසභංගය මුල්කරගෙන ඡන්දය කල්දානවා. -එස්. එම්. රංජිත් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු 14ට අමතරව 15 වැනි කරුණ ලෙස දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ප්‍රජාත්‍රන්තවාදයට පහරක් එල්ල කර තිබීමද ඇතුළත් විය යුතු බව 25 March 2018
ලක්ෂ 41 ක සෞදි රියල් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 41 ක් වටිනා සෞදි රියාල් 500 නෝට්ටු 200 ක් සඟවා ගෙන පැමිණි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙක් අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 25 March 2018
මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට පසුගියදා මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්ඩායමේ සුවදුක් විමසීමට ඊයේ (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ අනුරාධපුර බන්ධනාගාරයට වැඩම කළහ. 25 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026