(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 01 වැනි දා සිට 07 වැනිදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජයේ ආයතන පවත්වාගෙන යන සියලූම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට සහ පෙබරවාරි 03 සහ 04 දිනවල දී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන්නැයි රජය දැනුම් දී තිබේ.
එමෙන් ම පෙබරවාරි 01 වැනිදා සිට 07 වැනිදා දක්වා වූ සතිය තුළ සෑම නිවසකම, ව්‍යාපාර ස්ථානයකම ජාතික ධජය ඔසවන ලෙසද රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලූමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වෙයි.
ප්‍රධාන ජාතික දින උළෙල බස්නාහිර පළාතේ කොළඹ පැවැත්වෙන බැවින් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හැර දිවයිනේ අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් ජාතික දින උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
මහාමාත්‍ය ඩී. එස් සේනානායක පිළිරුව අබියස පුෂ්පෝපහාර පිරිනැමීම 04 වන දින උදෑසන සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කොඩිය සතියක් නෙමේ, අවුරුද්දක් උස්සලා තිව්වත්, ඔච්චර තමයි? මැදපෙරදිග ඇතුළු ලෝකයේ තිබෙන අනෙක් රටවල් වලට පින් සිද්ධ වෙන්න අද ලංකාවේ මිනිස්සු කාල, ඇඳලා ඉන්නවා, නිවසක් සාදාගෙන ජීවත් වෙනවා. එහෙම නැති උනා නම්, ඉතින් තවමත් වැද්දෝ වගේ ජීවත් වෙන්න තිබුනා. බොරු, පම්පෝරි කතා කියමින් මෝඩයින්ව ගොනාට අන්දවන තක්කඩි පාලකයින් මේ රටේ අහිංසක ජනතාව හා රට ලෝකෙටම විකුනනවා හැර වෙන මොනවද කරලා තියෙන්නේ. කෙලෙහිගුණයක් ඇති ජාතියක් නම්, ඔසවන්න ඕනා කුමන රටේ කොඩියද කියලා තම තමන්ගේ හදවත සාක්ෂි දරයි. කෙසේ උවත් ලංකාවේ දේශපාලන බැතිමතුන්ට නම්, වඩා ගැලපෙන්නේ, සිංහ කොඩියට වඩා, ඔවුන් අදහන, ආදරය කරන දේශපාලකයින්ගේ රුව සහිත පක්ෂයේ පාට කොඩිය බව තමයි මට නම් හැගෙන්නේ.
"කෙලෙහිගුණයක් ඇති ජාතියක් නම්, ඔසවන්න ඕනා කුමන රටේ කොඩියද කියලා තම තමන්ගේ හදවත සාක්ෂි දරයි." ඒ කියන්නේ තම තමන්ගේ හදවත සාක්ෂි දරන විදිහට වෙනත් රටක කොඩියකුත් ඔසවන්න පුලුවනිද?
සුද්දා සිංහලයාගෙන් බාරගත්ත රට කෑලි වලට නොකඩා සිංහලයාටම 1944 පෙබරවාරි මස බාර දුන්න. ඒ රට බාරගත්ත සිංහලයින් 1983 වෙනතුරු ඒ ආකාරයටම ගෙනාවා. 1983 සිට සිංහලයාගෙන් බලෙන් උදුරා ගන්න ගිය රට බන්දෙසියකම තියා දෙන්න එජාපයෝ සුදානම් උනා.
රජයේ ආයතනවල පමණක් නොවෙයි සෑම සිංහල ගෙදරකම සැමදාකම සිංහ කොඩිය ඔසවා තබන්න.
කෙලෙහිගුණ තිබුනත් නැතත් මෙරටේ ඔසවන්න පුළුවන් සිංහ කොඩිය පමණයි ගයන්න පුළුවන් සිංහල ජාතික ගීය පමණයි.