මිනීමැරුම් හා සොරකම් සම්බන්ධයෙන් ‘වෙලේ සාරංග’ නැමැත්තාගේ ආධාරකරුවකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි නාලක දිලිප් හෙවත් ‘ආමි නාලක’ සහ 28 හැවිරිදි ඔහුගේ බිරිඳ වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5.2 ක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මොහු ‘වෙලේ සාරංග’ නැමැත්තාගේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විකිණිමේ ප්‍රධාන ගෝලයකු වේ. සැකකරුගේ බිරිඳ ඔහුට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා පෑලියගොඩ පොලිසියට බාර දී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොඩි පොඩි අයගෙන් ගන්න තියෙන විස්තර අරන්, හංගල තියෙන තව කුඩු පෙන්නන්න එක්ක යන්න තියෙන්නේ.
හා හා රණවිරුවන්ට හිරිහැර කරන්න එපා.