(බිඟුන් මේනක ගමගේ)
පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිත්වයට තමා යළිත් පත්වුවද තමාට මුහුණදීමට විශාල අභියෝගයක් ඇතැයි එහි නව සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණට එහි හිමි නියෝජනය මෙවර එක් අයෙකුට සීමා වීම ඊට හේතුව යැයි කී හෙතෙම එම නිසා සෙසු දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ උනන්දුව පරීක්ෂණවල ප්‍රගතියට නිසැකයෙන්ම බලපානු ඇතැයි ද කීය.
කෙසේ වුවත් වංචා දූෂණ සම්බන්ධ කටයුතුවලදී ජනතාවගේ පැත්තේ සිට කටයුතු කිරීමට තමා උත්සාහ ගන්නේ යැයි ද ඊට ජනතාවගේ සහයෝගය අනිවාර්යෙන්ම හිමි විය යුතු යැයි ද හඳුන්නෙත්ති මහතා පැවසීය.
කෝප් කමිටු රැස්වීම් ජනමාධ්‍යට ද විවෘත කිරීමට මින් පෙර ජවිපෙ ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරවාගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත නව කෝප් කමිටුවට අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රවීන්ද්‍ර සමරවීර, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා සහ ජයන්ත සමරවීර, රවුෆ් හකීම්, සුජීව සේනසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, වසන්ත අලුවිහාරේ, රන්ජන් රාමනායක සහ අශෝක් අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අයත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තනතුරට ඔහුට වඩා සුදුස්සෙක් පාර්ලිමේන්තුවේ නෑ. කෝප් කමිටුවෙන් ඵලදායි මෙහෙවරක් සිදු උනේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා සභාපතිධුරය දරද්දී පමණයි. මහබැංකු බැඳුම්කර වංචාව අනාවරණය කර ගැනීමට ඔහු විශිෂ්ට ලෙස කටයුතු කරා.
මොන කෙහෙල්මල කමිටු පත් කලත් වැඩක් නේ රෙපොර්ට් එක එලියට එන්නේ nathnam. කෝ මහා බැංකු වාර්තාව එලියට ආවද තවමත් රනිල් නිර්දොසි කියල නේ කියන්නේ
සත්යපාලගේ ප්‍රකාශය ද්වේශ සහගත අසත්‍ය එකක්. ජවිපෙ කවදාවත් යුඇන්පියට හේත්තු වෙන්නේ නෑ මන් දන්නා විදියට.