ඕනෑම ගැටළුවකදී ලංකාවට සහය දෙනවා- පකිස්තාන ජනාපති කියයි ඕනෑම ප්‍රශ්නයකදී සහෝදර රටක් වශයෙන් ශ්‍රී ලංකාවට උපරිම අයුරින් සහය දීමට කැමැති බව පකිස්තාන ජනපති මම්නුන් හුසේන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවකදී පවසා තිබේ. 25 March 2018
අතිකාල දීමනා නොගෙවීම ගැන පාසල් මුරකරුවන්ගෙන් අධ්‍යාපන ඇමැතිට ලිපියක් මධ්‍යම රජයේ සහ පළාත් සභාවලට අයත් දිවයින පුරා පිහිටි පාසල්වල සේවය කරන මුරකරුවන් සඳහා රජයේ අනුමත අතිකාල දීමනා ලබා දීම කලාප කාර්යාලවලින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම මුරකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යොමු කර තිබේ. 25 March 2018
රත්තරන් කූරු තොගයක් අත්බෑගයේ තිබී අත්අඩංගුවට තම ගමන් බෑගය එල්ලා ගෙන යන අත් දෙක (හැඩලය) තුළ රත්තරන් කූරු දෙකක් සඟවා ගෙන , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට යෑමට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (24) සවස අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 25 March 2018
පස්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට භූගත වස්තූන් නිරික්ෂණය කළ හැකි අති නවීන ස්කෑන් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතූර් වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් මුබාරිස් මහතා නියෝග කළේය. 25 March 2018
විදේශයන්හිදී මියයන අයගේ ලේඛන කොළඹ නොයා හදාගත හැකි නව ක්‍රමයක් විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදුකිරීමේදී, එම මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පහසු කිරීමේ වැඩපිළිවෙලක් විදේශ කයයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය එක්ව හඳුන්වා දී තිබේ. 24 March 2018
ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් නෑ - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගතසංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි. 24 March 2018
ලක්ෂ 50 ක හෙරොයින් සමඟ පහක් අත්අඩංගුවට ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 510ක් සමඟ කුරුණෑගල,පොල්ගහවෙල,රත්මල්ගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් පස් දෙනකු සහ ඔවුන් පැමිණි වෑන් රියක් හා යතුරු පැදියක් විශේෂ කාර්යබලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත. 24 March 2018
තියුණු ආයුධයකින් පහරදී පැමිණ බසයට පනී මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු මාර්ගයේ ධාවනය කරමින් තිබූ බස් රථයකට අද (24) දහවල් පැන ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. මාතර සිට මොණරාගල දක්වා ධාවනය කරමින් තිබූ පුද්ගලික බස් රථයකට තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා පැන ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. 24 March 2018
කොටි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වෙන්න යති ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති විරෝධී ක්‍රියාකලාපය මත දෙමළ ජාතික විමුක්ති සන්ධානයෙන් ඉවත් වීමට පුනරුත්තාපනය කල කොටි සාමාජිකයින්ගෙන් සමන්චිත දෙමළ විමුක්ති කොටි සාමාජිකයින්ගේ පක්ෂය තීරණය කොට ඇත. 24 March 2018
අයි.ඕ.සී ඩීසල් -පෙට්‍රල් මිල ඉහළ දමයි ලංකා IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත. 24 March 2018
නුවරඑළිය මහා නගර සභාවේ පුරපති - මන්ත්‍රීවරු දිවුරුම් දෙති පළාත් පාලන මැතිවරණයට එක්සත් පක්ෂයෙන් නුවරඑළිය මහා නගර සභාවට තේරීපත් වූ පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා අතුළු මන්ත්‍රීවරු අද (23) දිවුරුම් දුන්හ. 23 March 2018
බුද්ධි අංශ නිලධාරියාට වේඩි තැබූ දෙදෙනා පොලිසියට බාරවෙති කතරගම බස්නැවතුම් සීමාවේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙකුට ඉකුත් සඳුදා පාන්දර ත්‍රීරෝද රථයකින් පැමිණ වේඩි තබා සැඟව සිටි බව කියන සැකකරුවන් දෙදෙනකු අද (23) නීතිඥයකු මාර්ගයෙන් කතරගම පොලිසියට බාර වී ඇති බව පොලිසිය කියයි. 23 March 2018
ඉස්ලාම්බාද් නුවර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘතවේ පාකිස්ථානයේ, ඉස්ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කෙරිණි. 23 March 2018
ආරවුල බේරන්න ගිය ආරක්ෂක නිලධාරියා පිහිපහරින් මරුට හොරණ මුරගම ප්‍රදේශයේ මාළු වෙළෙන්දන් දෙදෙනෙක් අතර ඇති වු බහින් බස්වීමක් සමථයකට පත් කිරීමට ගිය අසල පිහිටි වෙළදසලක ආරක්ෂක නිලධාරියකුට එල්ල වු පිහි පහරකින් එම ආරක්ෂක නිලධාරියා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 23 March 2018
‘කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි වැඩ නෑ‘ - රවී කියයි මේ රට කා දමා තිබෙන්නේ දේශපාලනඥයින් නොව මහ බැංකුවේ කට්ටිය යැයි හිටපු මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 March 2018
‘විශ්වාසභංගය ගැන හෘද සාක්කියට එකඟව තීරණයක් ගන්නවා’ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් හෘද සාක්කියට එකඟව පැහැදිලි තීරණයක් තමා ලංකාවට ගිය පසුව ගන්නා බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය. 23 March 2018
ප්‍රංශයේ වෙඩි තැබීමකින් තිදෙනකු මරුට නිරිත දිග ප්‍රංශයේ තුවක්කරුවකු කළ වෙඩි තැබීමකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. ස්ථාන තුනකදී එලෙස සිවිල් වැසියන් ජීවිතක්ෂයටත් තුවාල ලැබීම්වලටත් ලක්ව ඇතැයි ප්‍රංශ ආරක්ෂක අංශ සඳහන් කළේය. 23 March 2018
විනිසුරුවන්ගේ වැටුප් වැඩිකිරිමේ යෝජනාව සම්මතයි අගවිනිසුරු සහ උපරිමාධිකරණ විනිසුරුවරුන් වැටුප් හා දීමනා වැඩි කිරිම සඳහා ඉදිරිපත් කර තිබු යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද (23) විවාදයකින් තොරව ඒකමතිකව සම්මත විය. 23 March 2018
සක්‍රීය බැරකම් පනත වැඩි ඡන්දයෙන් සම්මතයි සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී අද(23) සම්මත විය. 23 March 2018
පාර්ලිමේන්තුව යළි රැස්වේ සක්‍රීය බැරකම් කළමනාකරණය පිළිබඳ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේදී ඊට අදාළ ඡන්ද විමසීමේදී ඇතිවූ විරෝධතාවක් හේතුවෙන් කල් තැබු පාර්ලිමේන්තුව විනාඩි 25 කට පසු යළි රැස් විය. 23 March 2018
අල්ලස් ගත් හිටපු විදුහල්පතිනිය වසර 20 කට හිරේ මාතලේ විජය විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 1 1/2ක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකාරිය වු එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියට වසර 20ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඇයට රුපියල් 20,000/- ක දඩයක් ද නියම කළේය. 23 March 2018
ආප්ප න්‍යායෙන් සහයෝගය දෙන්න’යි ගම්මන්පිල ඉල්ලයි ආප්ප න්‍යාය අනුගමනය කරමින් අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ති්රවරුන්ට පවසන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය. 23 March 2018
පකිස්තානයේ ජනරජ දින සැමරීමට ප්‍රධාන ආරාධිත ලෙස ජනපති එක්වෙයි පකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය. 23 March 2018
‘හරිගියත් වැරදුණත් අගමැති ඉවත් කිරීමේ සටන දිගටම කරනවා‘ - නිශාන්ත මුතුහෙට්ටිගම ‘අග්‍රාමාත්‍යවරයාට මේ වෙද්දි මුළු රටේම අප්‍රසාදයක් තියෙනවා. ඒක මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වුණා. 23 March 2018
මුදල් අවභාවිත කළැයි ගෝඨාට එරෙහි නඩුව 20 වැනිදා තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධ නඩුව ජුලි 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (23) නියෝග කළාය. 23 March 2018
රංජන්ට නඩු දැමීමේ හැකියාව සොයා බලන්න’යි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ ඔහු විසින් සිදු කළා වූ ප්‍රකාශ විමර්ශනය කර සොයා බලා අධිකරණයට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (23) නියෝග කළේය. 23 March 2018
කෝටි පහක රට මත්පැන් කොටහේනෙන් අල්ලයි කොටහේන ප්‍රදේශයේ කළ වැටලීමකදී නීති විරෝධීව තබා ගෙන සිටි මත්පැන් බෝතල් 15400ක් සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 23 March 2018
ජානක පෙරේරා ඝාතන නඩුවේ දේශනවලට දින දෙයි රුසියාවේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනෙකුට තුවාල සිදු කිරිමේ සිද්ධියේ නඩුව ලබන මැයි 22 වැනි දා කැඳවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (23) නියෝග කළේය. 23 March 2018
මීගමු නගරාධිපති දයාන් ලංසා මීගමුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ දයාන් ලංසා මහතා තේරි පත් විය. 23 March 2018
ඇපැල් උසාවියේ සභාපති නැතිව ඇලෝසියස්ගේ ඇපෑල කල්යයි මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සළකා බැලීම ලබන 29 වැනි දා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය. 23 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026