(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ජාතික විභාග පිළිතුරුපත්‍ර නැවත සමීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කරන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උසස් පෙළ වාර විභාග වල පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීමේදී දැනට සිදුවන්නේ එක් එක් ප්‍රශ්න පත්‍ර සඳහා ලබාදී ඇති ලකුණු ප්‍රමාණයන්ගේ එකතුව නිවැරදි දැයි යන්න පරීක්ෂා කිරීම පමණකැයිද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.
පවතින තත්ත්වයන් මත පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂා කිරීම දක්වා නැවත සමීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කළයුතු බවද ස්ටාලින් මහතා කීය.
ඉකුත් 2013 වසරේදී අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ නඩුවකදී ලබාදුන් තීන්දුව අනුවද පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කළා යුතු බව තහවුරු වන්නේ යැයිද ලංකා ගුරු සංගමය සඳහන් කළේය.
එම නිසා ජාතික විභාගවල පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කළ බවද ස්ටාලින් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ දුව උසස්පෙළ විභාගයට සිටි අවස්ථාවේ ඇයට එක් විෂයක් ගැන දැඩි විශ්වාසයක් තිබුන නිසා නැවත සමීක්ෂණයට අයදුම් කලා.අයදුම්පත භාරගත් විදුහල්පති කිව්වේ නැවත සමීක්ෂණයෙන් වැඩක් නැතිබවයි.හේතුව ලෙස කිව්වේ නැවත සමීක්ෂණයෙන් වැඩි ලකුණු තිබුනොත් පරීක්ෂක වරු/වරියන් වැරදිකරු/කාරියන් වෙනනිසා හරියට පරීක්ෂ නොකරන බවයි.මෙනිසා මම තේරුම් ගත්තේ වැරැද්දකල අය රකින බවත් හා දරුවන්ගේ මානසික නොසලකන බවත්ය.ඒ අතරම කියන්න ඕන යම් ලෙසකින් උත්තර පත්‍ර පරීක්ෂක කෙනෙකුට එවැනි දෙයකට දඬවම් කලොත් දැන් ඔය ඉල්ලීම් කරන සංගම් ඔහොම කියන එකක් නැහැ කියල.