(තිළිණි ද සිල්වා)
රටවල් හතරක් සඳහා නව ශ්‍රී ලංකා කොන්සල්වරුන් සිව් දෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත.
මෙලෙස නව ශ්‍රී ලංකා කොන්සල්වරුන් පත් කරනු ලැබ ඇත්තේ ගෞතමාලාව, ස්වීඩන, භූතාන හා ජෝර්ජියා රටවල් වෙනුවෙනි.
ඒ අනුව ගෞතමාලාව සඳහා ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන අරූන් හයිඩ්‍රාමණි ,ස්වීඩනය සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික කාන්තාවක් වන ඔටාරා ගුණවර්ධන ,භූතානය සඳහා අබ්බාස් යූසුෆ් අලි සහ ජෝර්ජියාව මෙරට ප‍්‍රකට පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩයන් ගෝමස් යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
නිර්වේතනික කොන්සල්වරුන් පත් කිරීම ඉකුත් වසරේ නොවැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් සිදු කර ඇත.
මෙහිදී අරූන් හයිඩ‍්‍රාමණි සහ අබ්බාස් යූස්ෆ්අලි මහත්වරුන්ගේ පත් කිරීම් ඉකුත් නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන අතර ඔටාරා ගුණවර්ධන මහත්මියගේ හා ඩයන් ගෝමස් මහතාගේ පත් කිරීම එම වසරේම නොවැම්බර් 15 දින සිට බලපැවැත්වේ.
මෙම පත් කිරීම් වලට අදාළ රජයේ ගැසට් නිවේදනය පසුගිය ජනවාරි 19 දින ප‍්‍රකාශයට පත් කර තිබේ.
මෙම නව කොන්සල්වරුන් කිසිදු දීමනාවක් හෝ වේතනයක් නොලබා ගරු සේවයක් ලෙස කටයුතු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ජනාධිපති මැතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමාගේ වේදිකාවේ කියවුනේ ඔවුන්ගේ පාලන සමයේදී විදෙශ තානාපති සේවය සදහා සම්මත ක්‍රමවේදය තුල උගත් බුද්ධිමත් තානාපතිවරුන් පත්කරන බවයි එත් වර්තමාන විදේශ ඇමතිතුමා එදා ඒ වේදිකාවල් වලට ගොඩවී මහජනතාවට පොරොන්දු නොවූ නිසා කාරී නෑ