ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
රාගම නගරය ත්‍රීවිල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට අද (21) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ත්‍රීරෝද රථ නියාමනය කිරීම සිදු කරනුයේ එම කර්මාන්තය අපහසුතාවයට පත් කරමින් නීති පැනවීම නොවන බවද එය බොහෝ කලක් තිස්සේ ත්‍රිරෝද රථ සංගම් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ජනතාව තුළ ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් ඇති ආකල්ප වෙනස් කළ යුතු බවත් මෙම කර්මාන්තය කඩා වැටීමට යම් යම් හේතු ඇති නම් ඒවා කඩිනමින් නිවරදි කර ගත යුතු යැයිද හෙතෙම පැවසුවේය.
මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව ඉදිරියේදී අධිකාරියක් කිරිමට අපේක්ෂා කරන බවද ඒ සඳහා අවශ්‍ය නීතිමය කෙටුම්පත් සාදා අවසන් බවද සඳහන් කළේය.
ඉදිරි මාසයක් දෙකක් ඇතුළත මෙම සභාව අධිකාරියක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු අවසන් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර දිවයින පුරා ත්‍රීවීල් මීටරය යොදන්න.
වෙනම අධිකාරියක් නොවේ, ක්‍රමානුකූලව ත්‍රිවිල් ප්‍රධාන නගරවලින් අයින් කරන්න. ත්‍රිවිල් නැති උනොත්, මාර්ග තදබදයත් අඩුවෙයි, වැඩිපුර පයින් යන නිසා ඇඟටත් හොදයි.
එච්චර හොඳ තීරණයක් නෙමෙයි... ඔහොම ගිහින් මත්ද්‍රව්‍ය ජාවාරමත් නියාමනය කරයි... කොහොම වුනත් මේ අය හැදෙන ජාතියක් නෙමෙයි... දැන් බස්කාරයෝ හැදිලද? නැහැනේ... ඒ අය සංගම් හදාගෙන.. ඊට පස්සේ දෙපැත්ත බෙදිලා... දේශපාලකයන්ට කඩේ යනවා... අන්තිමට ජනතාවට අමු වසංගතයක් වෙනවා... කරන දෙයක් මහජනතාව වෙනුවෙන් සහ ජනතාවට අසාධාරණයක් වූ සැනින් ඊට එරෙහිව පියවර ගන්න පුළුවන් ක්‍රම වේදයක් හදන්න... නැතුව නිකම් ගොන් වැඩ කරන්න එපා...
ඉස්සෙල්ලා මේ දෙවල් ටික කරන්න... නගරබදව ඕවා කරන්න ඉස්සෙල්ලා. සැබෑ ප්‍රශ්න තියෙද්දී වෙන විකාර කරනවා. බොහෝ වාහන තදබදයන් තියෙන නගරවල තියෙන කහ ඉරි වෙනුවට ගුවන් පාලමක් හෝ උමං මාර්ගයක් යොදවන්න. මොකද අනවශ්‍ය වාහන තදබදයට එක කාරණයක් ඒක, නගරබදව බොහෝ වෙලාවට වාහන නවත්තන්න ඉඩකඩ අඩුයි. එමනිසා ඉඩකඩ තියෙන වාහන නවත්වන පහසුකම් හදන්න. මොකද වාහනයකින් එන මනුස්සයෙක් බොහෝ වෙලාවට බඩු මුට්ටු වැඩි ප්‍රමාණයක් අරන් යනවා. එවිට ඒක රටේ ආර්ථිකයටත් වාසියක්. ඒ වගේම ප්‍රධාන පාරවල් ටිකක් දැන්වත් පලල් කරන්න. නැත්තම් තව අවුරුදු 5ක් වගේ යනකොට හැම තැනම වාහන තදබදය වැඩිවෙනවා. අනික පොදු දුම්රිය සහ බස් පහසුකම් වැඩි දියුණු කරන්න. පොදු ප්‍රවාහනවලට රීලෝඩ් කාර්ඩ් පත් වගේ ක්‍රමවලින් මුදල් ගෙවන ක්‍රම හඳුන්වා දෙන්න. ඒ වගේම ප්‍රධාන නගරවල තියෙන පොදු වැසිකිලි පහසුකම් නවීන ක්‍රමයට හදන්න අර අධිවේගී එකේ වගේ. අනික රජයේ ආයතන කාර්යක්ෂමව කරන්න ඕනෑ. උදාහරණයකට හැඳුනුම්පතේ ගැටලුවක් තිබුණොත් මනුස්සයෙක් කොළඹ දහසැරයක් විතර එන්න ඕනේ ප්රශ්නය විසඳගන්න. මේවා පුලුවන් තරම් අන්තර්ජාලය හරහා වගේ කරගන්න ක්‍රම හදන්න.
නියාමනය කෙසේවෙතත් ත්‍රීවීලර් ටික පාරෙන් අයින් කොරන්න. එසේනැතිනම් ගෙන්වීම නවතා ඉබේම වඳවී යාමට ඉඩදෙන්න.
මෙය ඉවත් කරන්න
මේවා ගෙන්වීම නතර කරන්න. තියන ටික පැද පැද ඉන්න දෙන්න . ත්‍රී වීල් එක කුමන වයසේ කෙනෙක් පැද්දත් පදින්නේ එකම විදිහට. මොන නීති ගෙනාවත් වැඩක් නැහැ, පාරේ පොලිස්සියෙන් ඉන්නකන් හරියට යනවා . නිකන් නීති පොතකට සීමා වෙනවා .