(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඒ අනුව 2016 සහ 2017 යන වසරවල උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ශිෂ්‍යයින් 8000ක් එකවර බඳවා ගන්නා බව ගුරු අධ්‍යාපන කොමසාරිස් කේ.එම්.එච් බණ්ඩාර මහතා පැවසීය.
එම බඳවා ගැනීම්වලට අදාල ගැසට් නිවේදනය මේ මස 25 වැනි දා නිකුත් කරන බව ද ඔහු කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යා පීඨ වලින් බිහිවන්නේ හොඳ ගුරුවරුය ඔවුන් ශිෂ්ෂයින් තවත් හොඳට සමත් කරාවි. ඔවුන්ද 16000 කින් විද්‍යාපීඨ වලට ඇතුලත් වේවි. ඉතින් මෙරටේ අද්යාපනයෙන් රටට බිහිවෙන්නේ ශිෂ්ෂයින් සහ ගුරුවරුන් පමණද? අනික් ක්ෂේත්රවල රැකියාවන් නැද්ද නැතිනම් රැකියාවන් දියහැකි ක්ෂේත්‍ර බිහිකරන්නේ නැද්ද? වොක්ස්වැගන් වාහන කර්මාන්ත ශාලා ගැන හෝ දශ ලක්ෂයක් රැකියාවන් ගැන විශ්වාස කරන්න එපා. මහින්ද දුන් පොරොන්දු ඉෂ්ට කර ඇත.
යහපාලනයෙන් තොලොංචි උනාට පස්සේ යුඑන්පී ආණ්ඩුව වැඩ පටන් අරන්. බොහොම හොඳයි.
" දුන් පොරොන්දු ඉෂ්ට කර ඇත" කතාව ඇත්ත , ඒකාධිපති කමෙන් දේශිය කර්මාන්ත අඩපන කොට චීනෙන් සියලු දෑ ගෙන්වාගෙන සහෝදරයට පව්ල්වලට හෙන්චියන්ට බර කොමිස් එක නම් කොලා නේ ? රැකියා අවස්ථා කියා හැදුව නව නැති වාරය යාත්‍රා නැති ගුවන්තොටුපල, රට විකුනපු වාරය නගරය, හෝටල් , කඩේ ගියාට කමක් නැහැ , සත්‍ය දකින්න .....
මොනවා දේශීය කර්මාන්ත අඩපන කළා? මෙරටේ දේශීය රෙදිපිලි නිෂ්පාදනය විනාශ කලේ එජාප යි. සහල් ආනයනය කරමු කියා යෝජනා කලෙත් මේ කැබිනට් එකමයි. දැන් ඔය අවුරුදු 4 කරලා තිබෙන්නේ.