(දිනේෂ් උපදේන්ද්ර)
වයඹ සරසවියේ නවක වදයට එරෙහිවූ නවක සිසුන් තිදෙනකුට පහරදුන්නේයැයි සැකපිට එම සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනකු ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය නියෝග කළාය.
1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්වරූපයේ කායික ක්‍රියා තහනම් කිරීමේ පනතේ පළමු සහ තුන් වැනි වගන්ති ප්‍රකාරව සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව මෙම සිසුන් වැරදි සිදු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නාය.
පොලිසිය ඉදිරිපත් කළ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියට අනුව මෙය නවක වද පනතේ දෙවැනි වගන්තියට ද අදාළ වරදක්දැයි සොයා වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය ඒ වන තෙක් සිසුන් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළාය.
පහරකෑ සිසුන්ගේ වෛද්‍ය වාර්තා පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය එම වෛද්‍යවාර්තා ඊළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ පාදඩයිනට උපරිම දඬුවම් ලබා දී අපගේ බදු මුදල් කාදමන මේ අයගේ මූසල මුණු පළකර මෙම අායතනවලින් සදහටම නෙරපා දමන මෙන් අප නැවතත් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නෙමු. අප එසේ පවසන්නේ මේ විනාශ කරන්නේ ඔබේ, මගේ, අපේ ලේ කදුළු දහදියෙන් උපයා ගන්න මුදල් වලින් එකතුකරන බදු මුදල් බැවිනි. ගමේ මරණාධාර සමිතියක තිබෙන වටිනාකමක් නැති අන්තරේ නමැති රස්තියාදු කාරයන් එකතුවෙන සමිතියේ " නූගත් පාදඩයින්ට" මෙය පැහැදිලිව කියවීමට හැකි වේවා !!!
මොනවද ඉතින් තව ටික දවසකින් ඔය අයව නිදහස් කරයි. ඊට පස්සේ ආයෙමත් පරණ පුරුද්දට වැටෙනවා. ලංකාවේ ඉගෙන ගන්නට ලැබීම මහා පවක්. ලංකාවේ ඉගෙන ගන්නට අවශ්‍ය සිසුන්ට දිය හැකි හොඳම උපදෙස නම්, හැකිතාක් ඉක්මණින් ඔය රටින් පිටට ගොස් තමන්ගේ ඉගෙනීම් කටයුතු කරන ලෙසයි...
කොළඹ සරසවියේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකෙත් මේ දිනවල මේ ජරා නවක වදය දෙනවාලු. මේ සඳහා සහභාගිවන්නේ 3 සහ4 වසරවල නරුමයින් කිහිපදෙනෙකි. සරසවියේ පාලකයින් සහ විනය භාර නිලධාරීන් මේ ගැන පියවරක් නොගන්නේ නම් තත්වය ටිකක් අමාරුවේවි මේ පාර. යම් ලෙසකින් ජේෂ්ඨයින් සරසවියෙන් පිටතදී ප්‍රහාරයකට ලක්වුණහොත් ඒ වගකීම ඔවුන්ම බාරගත යුතුවේ. මන්ද මේ නවකයින්ව හිංසා පීඩාවලට ලක්කරන්නේ ඔවුන් විසින් වීමයි.
කොළඹ නගරයේදී අපිට ඔය වධකයින්ව පෙන්වන්න පුළුවන් නම් අපි ඒ වධකයින්ට අමතක නොවන වධයක් කොළඹ නගරයේදී දෙන්න ලැහැස්තියි. කීප් ඉන් ටච්...
කොළඹ සරසවියේ කළමනාකරණ අංශයේ මේ දිනවල මහා අශෝභන විදිහට නවක වදය දෙනබව ආරංචියි. මෙයට සහභාගි වෙන්නේ 3 වෙනි සහ 4 වෙනි වසරවල ශිෂ්‍යයින් 20ක් 25 ක්පමණවූ කණ්ඩායමකි. මේ නවකවදයට ලක්වූ නවක ශිෂ්‍යයන් මේ කණ්ඩායම කෙරෙහි දැඩි වෛරයෙන් පසුවේ. එක නවක ශිෂ්‍යයෙක් "පිස්තෝලයක් ගෙනත් මුන් ඔක්කොටම වෙඩිතියලා මමත් මැරෙනවා " කියලා කිව්ව බවකුත් ආරංචියි. විනය භාරව සිටින අය මේ ගැන නොදන්නවා ගානට ඉන්නවාලු. මේ යන විදිහට ගියොත් සමහරවිට කිහිපදෙනෙක්ම මැරෙන්නටත් බැරි නැහැ. වගකිව යුත්තන්, අධ්‍යාපන මැති ඇමතිවරු මේ ගැන කුමක්ද කියන්නේ? මේවා මහා පුදුම කතා. කෙසේවෙතත් ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේම කියා තියෙනවානේ නවක වදය තහනම් කරනවා කියලා. මේ නවක වධය දෙන කණ්ඩායම ඇවිත් තියෙන්නේ ඈත ගම්බද පළාත්වලින්ලු. ඔවුන්ට නගරයේ ශිෂ්‍යයින්ව පෙන්වන්න බැරිලු. කෙසේවෙතත් මේ මානසික ප්‍රතිකාර අවශ්‍ය ජේෂ්ට ශිෂ්‍යයින් ගැන සොයා බලා පියවර ගන්නාමෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. ඔවුන්ට මේ අයව පාලනය කිරීමට නොහැකිනම්.. විශ්ව විද්‍යාලයෙන් පිටතදී ඔවුන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනීවි.
කරන්න දෙයක් නැහැ. මේ අන්තිම අවවාදයයි. කරුණාකරලා ඔය ජරා නවක වදය නවත්වන්න.
මේ අයට නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න. දේශපාලන බේද නැතිව සිරදඩුවම් දිය යුතුයි. අපරාද නීතිය යටතේ දැඩි දඩුවම් දෙන්න. අනිත් එවුන්ටත් පාඩම් ඉගෙනගන්න. මේ අයගේ දෙමාපියන් මුන්ව බලන්න හිරගෙවල් ගානෙ රස්තියාදු ගහනකොට තේරේවි දුක වේදනව කියන්නෙ මොකද්ද කියල. අහිංසක මිනිසුන්ගේ බදුමුදල් කාබාසීනියා කරන පිරිසක්....