( තිළිණි ද සිල්වා )
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයයේ පසුගිය වසරේ නිදහස් දින උළලේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට ගෙල සිඳ දමන අකාරය දනවන අභිනයක් කළ බවට එවකට එහි ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරමින් සිට බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කළ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තුවක් නිකුත් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පබ්ලික් ඉන්ට්‍රෙස්ට් ලෝ සෙන්ටර් නැමති පෞද්ගලික පාර්ශවයක් විසින් වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිදු කළ පැමිණිල්ලක් විභාගයට ගනිමින් ඊයේ (21) ඒක පාර්ශවීය ලෙස මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
එක්සත් රාජධානයේ මහජන සාමය සුරැකීමට අදාළ පනත උල්ලංඝනය කිරීම යටතේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එම සිද්ධියට වරදකරු කර ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටි.
මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පොදුරාජ්‍ය මණ්ඩල විදේශ කටයුතු ලේකම් කාර්යාලය හරහා අධිකරණය හමුවේ කරුණු දක්වීමක්ද කළ බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංදි මාර්ග කියා සිටී.
විශේෂයෙන් අදාළ සිද්ධිය සිදුවන අවසථාවේදී බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එක්සත් රාජධානියේ සිටියද මේවන විට හෙතෙම එහි පදිංචිව නොසිටින බවත් පොදුරාජ්‍ය මණ්ඩල විදේශ කටයුතු ලේකම් කාර්යාලය විසින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ කරුණු දක්වීමක් සිදු කර ඇත.
තවද එම සිදුවීම වන අවස්ථාවේ බි්රගේඩියර්වරයා එක්සත් රාජධානිය තුළ රාජතාන්ත්‍රික නියෝජිතයෙකු ලෙස කටයුතු කළ බැවින් ඔහුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හා වරප්‍රසාද හිමි අයෙකු වන බවත් , ඒ අනුව බි්රගේඩියර්වරයා අධිකරණ නීතියට යටත් නොවන බවද පොදුරාජ්‍ය මණ්ඩල විදේශ කටයුතු ලේකම් කාර්යාලය විසින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ කරුණු දැක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.
කෙසේ වෙතත් ඒ සඳහා බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට මෙරට විදේශ අමාත්‍යංශය හරහා සිතාසි යැවූ බව ඔහුට එරෙහිව නඩු පවරා ඇති පබ්ලික් ඉන්ට්‍රෙස්ට් ලෝ සෙන්ටර් නීති ආධාරක ආයතනය කියා සිටියද එවැනි සිතාසියක් අද (22) වන තුරුත් විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී නොමැති බවද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.
පසුගිය වසරේ පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබූ 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවය පැවැත්වෙන අතරතුර , මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වන පිරිසකට මෙම නිලධාරියා ‘ගෙල සිඳ දමන’ ආකාරය අතින් නිරූපණය කිරීම දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූයේය.
මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවන්නැයි ඒවන විට බි්රතාන්යයේ සිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි මන්දිකා විජේවර්ධන මහත්මියට දැනුම් දී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කළේය.
මෙම සිද්ධිය පිලිබඳව යුධ හමුදාව විසින්ද නිදහසට කරුණු විමසා බි්රගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කළේය.පසුව ඔහු සිය සේවා කාලය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ නැවත ශ්‍රී ලංකා යුද හමුදා රාජකාරි සඳහා එක් වූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදාවේ උසස් නිලයක් දැරුවට තැනකට විශේෂයෙන් පිටරටකට ගියාට හැසිරීම අන්තිමයි. වරදට දඩුවම දිය යුතුමයි කවුරු කලත්.
ඇපීල් කරන එක තමයි දැන් කල හැකි දෙය. අනවශ්‍ය දෙයක් නිසා උන කරදරයක්.
ආණ්ඩුව මෙයාව අල්ලලා දෙවි රණවිරුවන්ට සලකන හැටිද මේ...................
තානාපති විමුක්තිය ඇති මහා කොමසාරිස් කාර්යාලයෙන් පිටතට පැමිණ මෙවැනි අනවශ්‍ය වීරකමක් පෙන්වීමට මෙතුමන් උසිගැන්වූ ඊනියා දේශප්‍රේමීන් දැන් මෙතුමා බේරාගැනීමට ඉදිරිපත් වෙනවාද කියා අපි බලා සිටින්නෙමු. ඒ කෙසේවෙතත් අන්තර් ජාලය ඔස්සේ ඔවුන් අනිවාර්යයෙන්ම "ගෙම්බර්" කතා ප්‍රචාරය කරනු නොඅනුමානය. එවැනි වැඩ වලින් වෙන්නේ බ්‍රිග්‍රේඩියර් වරයා තව තවත් අපහසු තාවයට පත්වීම පමණකි.
තස්ත්‍රවාදී ක්‍රියා මගින් මනුෂ්‍යඝාතන කර වැරදිකරුවන් වූ කොපමණ සංඛ්‍යාවක් අද මහා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබාගෙන ඉන්නවද ඒවාට වෙනම නීතියක්ද
මේ සිදුවීම උනේ කොටි හිතවාදීන් ඔහුව කෙන්තිගස්විම නිසා. අනෙක ඔහු අතින් කල සංඥාව තව කෙනෙකුට ඕනේ විදියට අර්ථදැක්වීම සහ චෝනාවක් කිරීම සාධාරණ වන්නේ කෙසේද? එහෙම බැලුවම කොටි හිතවාදීන් කල දේ හරිද ඔවුන්ට විරුද්ධව ගත ක්‍රියා මාර්ගය කුමක්ද? මේ තම මංගලලාගේ සම අනුග්‍රාහකත්වයේ ප්‍රතිඵල.
කණගාටුයි...නමුත් මෙවැනි ක්‍රියා වලින් මේ රටවල වීරයන් වෙන්න බැරිය. ඉතාමත්ම විනයගරුක හමුදාවක් සිටින අපේ රටේ මෙයාට මේ ටික තේරුම් නොගියේ මන්ද යන්න ගැටලුවකි. කාගේ හෝ කපටි දේශපාලකයෙකුගේ අදහසකට අනුව මොහු යම් තත්වයක් මවාපාන්න හැදුවාවාත්ද?
නීතියේ දෙපැත්තක් තියෙනවා. ඒ අය එහෙම කිව්වාට මෙතුමාට කියන්න පුළුවන් මම අභිනයෙන් දැක්වුයේ " ඔබලා මෙහෙම හැසිරුනාම මම පියවරක් ගත්තොත් මට සිද්ධ වෙන්නේ මගේ බෙල්ල මගේ අතින්ම කපා ගන්නයි.මා ව්‍යංගයෙන් පෙන්නුවේ එයයි " කියා කීවොත් අධිකරණය අනිවාර්යයෙන්ම නිරුත්තර වෙනවා.එහෙම කිව්වොත් කාටවත්ම නැහැ කියන්න බැහැ.වචනයෙන් මොකුත් කියා නැහැ. හිතෙන් කීව දේ දන්නේ තමන් පමණයි. තමන් එසේ නොකීවා කියා කිසිවෙකුට කියන්න බැරි කාටවත් කාගේවත් හිත කියවන්න බැරි නිසා. එහෙත්, නිහඬව සිටියොත් වරද පිළිගත්තා වෙනවා. හතුරා ජය ගන්නවා.ඔබතුමාට ජය !
පක්ෂ දෙකේ නායකයින්ගේ වෙනස පෙනෙනවාද?
කවුරු කොහොම කීවත් මමත් මෙවැනි දේවල් අනුමත කරන්නේ නැත. විශේෂයෙන්ම හමුදා නිලදාරියෙක් අපක්ෂපාති විය යුතුය. එය සිංහල දෙමල මුස්ලිම් යන සෑම ජාතියකට එක හා සමාන විය යුතුය.
උසාවිය පිළිගන්න යම් යම් අභිනයන් තියෙනවාද කියන එක ඉස්සරවෙලා හොයා බලන්න වෙනවා
නැවත අවස්තාවක් පැමිණිවිට ඔබලා තුවක්කුව එල්ල කලයුත්තේ ත්‍රස්තයින්ට නොව ත්‍රස්තයින්ට ආවඩා ඔබලාට ඇඟිල්ල දික්කරන පාදඩ සින්හලයින්ටය.