(නිමල කොඩිතුවක්කු)
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.
පරණ ක‍්‍රමයට හෝ පලාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බවද ගම්මන්පිල මහතා සදහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේද කීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසද්දි අහවල් දිනයට කලින් ඔබේ මතය මට දැනුම් දිය යුතුයි කියළා ස`දහන් කරන්න ජනාධිපතිවරයාට සුවිශේෂී බලයක් තියෙනවාග ඒ නිසා පළාත් සභා මැතිවරණය පැරනි ක‍්‍රමයට පැවැත්විම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන ලෙසට නුදුරු දිනයක අපි ජනාධිපතිවරයා හමුවෙලා එතුමන්ගෙන් ඉල්ලිමක් කරන්න බලාපොරොත්තුවෙනවා.
අපිට අවස්තාවක් තියෙනවා පරණ ක‍්‍රමයට මැතිවරණය පවත්වන්න අලූත් නිතියක් ක‍්‍රියාත්මක කරන්න පුලූවන් තත්වයකට පැමිණෙන තුරු කලින් නිතිය බලාත්මකයි කියලා අර්ථ නිරූපණ ආඥාපනතේ තියෙනවා.
සීමා නීර්ණය වාර්තාව අවසන් කරලා නැති නිසා අලූත් ක‍්‍රමයට මැතිවරණය තවම බලාත්මක නැහැ. අලූත් ක‍්‍රමය බලාත්මක වනතුරු පරණ ක‍්‍රමය බලාත්මකයි කියන විශ්වාසයේ අපි ඉන්නවා එය ශ්‍රේෂ්ඨාධිකරණය ලවා තහවුරු කරගත්තොත් කිසිම පනතක් ගේන්නේ නැතිව පරණ ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමේ හැකියාව ලැබෙනවා. යැයිද ගම්මන්පිල මහතා එහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඡන්ද උණ, තනියම ඉල්ලලා දිනන්න පුළුවන් නිසා..
අති විශාල ධනස්කන්දයක් විනාශ කරමින් පවත්වාගෙන යන පළාත් සභා ක්‍රමයෙන් රටට සිදුවූ වාසිය සහ අවාසිය පමණක් නොව මෙම සුදු අලියකු වැනි ආයතනය තව දුරටත් පවත්වාගෙන කාගේ උවමනාවටද කියා ජනතාවට කියන්නට නොහැකිද? ගම්මන්පිල ඇතුළු පොහොට්ටුවේ ඉන්න සියලුදෙනා මහජනතාවගේ බදුවලින් කෝටි ගණන් මුදල් වියදම් කරන කරන මෙම ආයතනය පවත්වාගෙන යාම සදහා මෙතරම් සටනක් කරන්නේ කුමටද කියා රටට හෙළිකරන්න? රටටත් පලක් නොවන මහජනතාවටත් පලක් නොවන ආයතනයකින් රටට වන සේවයක් නොමැතිබව රටේ බහුතර ජනතාව දනී
සරත් සිල්වා ගෙන් හරි නාමල් ගෙන් හරි අහන්න පුළුවන්නේ