ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 09 ක් යළි එරටට භාර දුන් බව නාවික හමුදාව පවසයි.
මෙම ට්‍රෝලර් යාත්‍රා කන්කසන්තුරෙයි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ ජැටියෙහි නැංගුරම් ලා තිබු අතර, එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා පසුගියදා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ එම කටයුතු සිදු කළේය.
ඉන් අනතුරුව එම යාත්‍රා එරට බලා පිටත් වු අතර , එම ට්‍රෝලර් ධීවර යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක්ද එක් විය.
එම යාත්‍රා කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
(36698)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලගන්නවා අපේ වියදමින් කන්න බොන්න දීලා මෙහෙ ටික දවසක් තියාගෙන ඉඳලා ඊට පසු නිදහස් කරනවා. ඒක අතින් අපිට පාඩුයි