මිලිමීටර් 9 ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් නව බලපත්‍ර නිකුත් කිරීම ජනවාරි 23 වැනිදා සිට සිදුකරන බවත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෞරව කිරිම සඳහා පැවති උපහාර උළෙලකට සහභාගී වෙමින් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.
අනතුරුව ආරක්ෂක ලේකම්වරයා පාසලේ ඇති රණවිරු ස්මාරකයට මල් කළඹක් තබා පුෂ්පෝපාහාර දැක්විණි.
මේ සඳහා ආදි නාලන්දීය ත්‍රිවිධ හමුදා නිලධාරීහු සහ පොලිසියේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ ගිණි අවි බලපත් නිකුත් කරන්නේ කාටද? මටනම් තේරෙන්නෙ නෑ ආරක්ෂක අංශවල අය ඇරෙන්න අනිත් කිසිම අයෙකුට ගිණි අවිවලින් ඇති වැඩේ. මිනිමරන්න මිසක්.
සම්පුර්ණ එකඟයි.