නිල සංචාරයක් සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් දා (18) ලන්ඩන් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඞ් මහත්මිය හමුවිය.
මුදල් අමාත්‍යවරයා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය අතර දෙපාර්ශවයට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන දෙයක් ඉල්ලන්න අයියා. ඕනෙනම් රටම වුනත් ගලවලා අතටම දෙන්නම්... අපිට ඕනේ බලය විතරයි අයියා... කියන්න කියන්න ලජ්ජා වෙන්න එපා.. ඕන දෙයක් දෙන්නම්... කුරුඳු පොලු ඕනෙනම් එ්කත් කියන්න දෙන්නම්...
ජාත්‍යන්තරයෙන් මේ අයට ලොකුතැනක් කියලා හිතුවද?... රට විකුණන්න හරි... කෑලිවලට කඩන්න හරි, ලෑස්ති නිසා හිතාගෙන ඇති රට වෙනුවෙන් ඉදිරිපත් වෙන වීරයෝ කියලා...
මොන ගිනිගෙඩියක්ද දන්නැහැ දෙන්න හදන්නේ