(උපාලි ආනන්ද)
ශ‍්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්වය සොයා බැලීමට කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප‍්‍රබල කොටි සාමාජිකයින් දෙදෙනකුට වසර 25 බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩ සහිත සිර දඬුවම් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කළේය.
ඒ මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා අනුරාධපුර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් ගොනු කර තිබූ අධි චෝදනා 9 න් 5 කට ඔවුන් වරද පිළිගැනීමෙන් පසුව එක් චෝදනාවකට වසර පහ බැගිනි.
නියම කෙරුණු මෙම 25 වසරක සිරදඬුවම වසර පහකින් ගෙවී යාමටද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ 6 7 8 සහ 9 වන අධි චෝදනාවන් විකල්ප චෝදනා ලෙස සළකා එම චෝදනා 4 න් ඔවුන් නිදොස් කර නිදහස් කර මුදා හැරීමටද නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාල නඩුව අද (22) අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.
විත්තිකරුවන් වසර හතකට අධික කාලයක් අඛන්ඩව රිමාන්ඩ් බාරයේ රඳවා සිටියදී මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිණි.
මෙලෙස බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූයේ සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියන් සහ ශිව ප‍්‍රකාශන් ශිවශීලන් හෙවත් ඉලෙයියන් යන කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 5 ද දඩුවම අනේ පව්!
රටවෙනුවෙන් ජාතියවෙනුවෙන් ජීවිත පූජාකළ රණවිරුවන්ට මෙන්න සලකන අකාරය.
වසර 25ක් කියන්නේ කොහොමද වසර පහකින් ගෙවෙනවානම් ??
අවරුදු පහයිද? සංවිධාන හදාගෙන මිනි මරන්න කියල කරන දිරිගැන්විමක්ද මේ?
8 දෙනෙක් මරලා අවුරුදු 5 යි හිරේ. ඒකත් සමාවල් ලැබුනහම අවුරුදු 3 මාස 6 යි. අපේ හමුදාවේ අයෙක් අතින් වැරදිලා මිනිහෙක් මැරුනහම එල්ලුම් ගහ. මොකද්ද මේ උසාවියේ සාධාරණය.
රන්ජන් ඔබ හරියටම හරි
8ක් මැරුවට වසර 5 නම් එක්කෙනෙක් මැරුවට මාස කීයද? කොටි දෙන්නට විඳින්නට ඇත්තේ ඉතාම සුළු දඬුවමකි. නමුත් අර පවුල් අටේම කට්ටිය ජිවිත කාලෙම දුක් වෙනවා, ඒවගේම ඔවුන්ට අහිමිවුණ රැකවරණයට කවුද වන්දි දෙන්නේ? දැන් ඔය කොටින්ට අපි වන්දි ගෙවන්නත් වෙයිද?