(හසිත රංග ගුණතිලක)
සේනා දළඹුවා හේතුවෙන් වගාවන්ට සම්පුර්ණයෙන්ම හානි සිදු වූ ගොවීන්ට අක්කරයකට රුපියල් 40000 බැගින් වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා අද (22) පැවැසීය.
සේවා දළඹු උවදුර පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යනු ලබන වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවැති කැබිනට් රැස්වීමේදී සතුට පළ කළ බවද අමාත්‍යවරයා කීය.
සේනා හේතුවෙන් හානි වී ඇති සියලුම වගාවන්ට කඩිනමින් වන්දි මුදල් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බවද හෙතෙම පැවැසීය.
සේවා දළඹුවා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට මිලියන 118 ක් යොදවා ඇතැයිද හැරිසන් මහතා කීය. රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවුරුදු 4 ට මේ රටට කල සංවර්ධනයක් නැත. මත්තල ගබඩා කරන්න තරම් සහල් වී තිබුන මෙරට දැන් සහල් පිටරටින් ගෙනෙන තරමට රට සංවර්දනය වී ඇත. ඇමතියන්ගේ වැටුප් වැඩි වීම්, රජයේ සේවකයින් ගේ වැටුප් වැඩිවීම් සහ වන්දි ගෙවීම් හැරෙන්නට මේ රජය කල සංවර්ධනයක් නැත. නියඟයට, ගංවතුරට, ගින්නෙන් විනාස වුනාට, වගාපාළු වුනාට, ත්‍රස්තවාදයෙන් මැරුණාට 40000 යි 50000 වන්දි ගෙවන්නේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් බව දන්නා නිසාය.