නාලක සංජීව දහනායක
ආක්රමණික සේනා දළඹුවාගෙන් මෙරට කෘෂිකර්මාන්තයට සිදුවන විනාශය පිළිබඳව එක්දින පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (22) තීරණය කර තිබේ.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට ද තීරණය කළ බව සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පිටරටින් ආහාර ගෙන්වා කෘෂිකර්මය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් මේ හරහා ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් ඇතිවන බව මෙහිදී මන්ත්‍රීවරුන් පවසා ඇති අතර සේනා දළඹු ව්‍යාප්තිය මර්දනය කිරීමට රජය උත්සාහ නොගැනීම පිළිබඳව තමන්ට ද සැකයක් ඇති බව විපක්ෂනායකවරයා පැවසූ බව එම ප්‍රකාශකයා කීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) රැස්වූ අවස්ථාවේදී මෙම තීන්දුව ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළඹුවා කාලා වෙන හානියට අමතරව රටේ සල්ලිත් විනාස වෙන්නයි යන්නේ
සේනා දළඹුවෝ ඉන්නේ පාර්ලිමෙන්තුවේනේ!
ආක්රමණික සේනා දළඹුවාගෙන් මෙරට කෘෂිකර්මාන්තයට සිදුවන විනාශය පිළිබඳව එක්දින පාර්ලිමේන්තු විවාදයක් කෙසේ වෙතත් සිදුව ඇති විනාශය ගැන සලකා දේශපාලන වාසියක් සේනා දළඹුවාගෙන් හෝ ගැනීමට සැදීපැහැදී සිටින විපක්ෂයට කළයුතුව තිබෙන්නේ ගොවියා ගැන සලකා අර්බුදය විසදීමට රජට සහයෝගය දීමය. එසේ නොමැතිව වොයිස් කට් දුන්නාට විසදුම් ලැබෙන්නේ නැත. සේනා දළඹුවා මගින් සිදුව ඇති හානිය ඉරිගු වලින් පමණක් නොනවති අනෙක් එළවලු වර්ගවලට පැතිරයන නිසාත් ගොවියන් රජයෙන් අනුමත නොකරනලද " home made "ඔවුන්ගේම මිශ්‍රණ වස යොදා දළඹුවා මැරීමට උත්සහකරමින් සිටින නිසාත් යම් හෙයකින් අනුමත නොකරන ලද වස ශරිරගත වී කවුරුන් හෝ මැරුන හොත් ගොවියන් වස බීවා හෝ කෑවා කියමින් රජයට දෝෂ රෝපණය කිරීමට විපක්ෂය බලා සිටින නිසාත් රජය විසින් කල යුත්තේ සියලු වැලදී ඇති බෝග වර්ග විනාශ කර දැමීමට උපදෙස් දීමය. ඉන්පසු හානිවූ වගාවන්ට වන්දි ලබාදී දළඹුවාගෙන් හානි නොවන වගාවන් සදහා වසරක් පමණ ගොවියන් යොමුකර නැවත වෙනත් රටවල මෙන් දළඹුවාගෙන් හානි නොවන ඉරිගු වර්ගයන් ගොවීනට ලබාදීමය. මේ අවස්ථාවේ රජය ගොවි සංවිධාන සියල්ලේම සහයෝගය රජයට ලබාගැනීමට කටයුතු කල යුතුය.
රටේම මුදල් විනාස කල දලබුවෝ ටික විනාස කරන්න විවාදයක් නේද හනික තියන්න තිබුනේ . 2015 සිට ජනතාව බලාගෙන ඉන්නේ ඒකට. ඒ වෙච්ච විනාසය සුළුපටු නොවේ . ජනතාව බදු ගෙවමින් දුක් විදිනවා .
මේකෙනුත් දේශපාලන වාසි නොතකා රටේ කෘෂිකර්මයටත් රටේ ගොවියාටත් වෙලා තියන හානියට පක්ෂ පාට නොබලා විසදුමක් බලන්න . මෙයාලා පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ ප්‍රශ්න විසදන්න නොවෙයි . තම තමන්ගේ පක්ෂය සහ මන්ත්‍රී කම රැකගන්න.
මෙහිදී ඇසියයුතු වන්නේ රජයේ වැටුප් ලබාගෙන පුටුරත්කරන කෘෂිකර්ම නිලධාරීන් සහ ලොක්කන් කුමක් කරන්නේද යන්න වේ. කොපමණ රජයේ කෘෂිකාර්මික ආයතන තිබෙනවාද මේ රටේ. හැම ප්‍රශ්නයක්ම දෙෂ්පාලකයන්ටයි , හමුදාවටයි බාර කිරීම අමන වැඩකි. පඩි වැඩි කිරීමට දඟලන මොවුන් රට වෙනුවෙන් කරන්නේ මොනවාද.?
මම අදහස් කරන්නේ 2015 බලයට ආවේ මුදල් දළඹුවෝ ටික විනාශ කරනවයි කියලා. 2015 ජනතාව බලය දුන්නේ ඒකට. ඒ කිව්ව පරිදි මුදල් කාපු දලබුවෝ විනාශ කලානම්, අලුතින් බෝ වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
දැන් රාජපක්ෂ සේනාවත් මේ දළඹු සේනාවට එකතු වෙලානේ ... මේකට තමයි " විපක්ෂය " කියන්නේ ..!
මේ අවුරුදු 4 රට එජාපයින් රටට කල විනාශයට වඩා දෙයක් සේනා දළඹුවා කර නැහැ. මේ ප්ලෑන් එකත් අහාර නිෂ්පාදන රටෙන් තුරන් කර පිටරටින් අහාර ගෙන වීම දේශපාලන කොන්තරාත්තුකරුවන්ට ලබා ගන්නයි කියා හිතෙනවා. එහෙමට අයියලා මේ ගොල්ලෝ. සතේකට විශ්වාස කරන්න බැහැ...
උන්ව පාර්ලිමේන්තුවට ගෙනාවේ 62 එජාපයෝ. මේ එජාපයෝ සේනා දළඹුවාට කලින් විනාශ කළයුතුයි.