(නිමල කොඩිතුවක්කු)
“මම මේ දිනවල ක්‍රිකට් ශුද්ධ කරන්න යනවා. කොයි වෙලාවේ මගේ බෙල්ල ශුද්ධ වෙයිද කියලා දන්නේ නැහැ. ක්‍රිකට් ආයතනයේ වැඩ කරන සේවකයෙක් රුපියල් ලක්ෂ දහයකට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක්රිඩකයකු දාන්න කියා මට කිව්වා. මට එය වට්ස් ඇප් පණිවිඩයකින්ම එවපු එක හොදයි. නැත්නම් මම චන්ඩියෙක් වෙන්න කිව්වා කියලා ඒක අල්ලගෙන මට මඩ ගහවි“ යයි විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹදී අද (22) පැවැසීය. අල්ලසින් දූෂණයෙන් තොර රටක් ගොඩනැඟීම සඳහා මෙරට තරුණ පරපුර පෙරට ආ යුතු බවද ඇමතිවරයා කීවේය.
ඇතැම් රාජ්‍ය ආයතන අල්ලසින්, දූෂණයෙන් පිරී ඇති බවත් පෙන්වා දුන් හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ටද ක්‍රිකට් ආයතනයේ සේවකයන් අල්ලස් දෙන තත්වයට පත්ව ඇතැයිද සඳහන් කළේය.
“අද ලංකාවේ අල්ලස කියන එක කොතෙන්ට ගිහින් තියෙනවද කියලා හිතාගන්න පුලුවන්. සමහර රජයේ ආයතනවලත් මේ දේවල් වෙනවා. මේවට විරුද්ධව තරුණ පිරිස් මැදිහත් විය යුතුයි’’ යැයිද හරීන් ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් 413ක් සඳහා උසස්වීම් ලබා දීමේ උත්සවයකට එම කාර්යාංශයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.
‘‘මේ අමාත්‍යාංශයේ කටයුතු වලට අපි කිසිදු අයුරකින් දේශපාලනය අදාළ කර ගන්නේ නැහැ. පසුගිය දින පනහේ කාලයේදීත් මට එය පාරාවලල්ක් වුණා. ඒ කාලයේදී ඇතිවූ තත්වයත් එක්ක ඉදිරියේදි අපි කරන්නේ දේශපාලනය පමණයි කියලා අපි යම් යම් අවස්ථාවලදී ප්‍රකාශ කළා. නමුත් දැන් අපි දේශපාලනය පැත්තකින් තියලා යලිත් අමාත්‍යාංශ කටයුතු වල නිරත වෙනවා.“
“මේ උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලියේදීත් අපි දේශපාලනය ගාව ගත්තේ නැහැ. සුදුස්සාට සුදුසු දේ ලබා දෙනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පසුගිය දවස්වල සමාජ මාධ්‍යවලින් දක්වලා තිබුණේ රකුසෙක් විදියටයි. මිනිස්සුන්ගේ සල්ලි හූරං කන කිසිම වැඩක් නොකරන ආයතනයක් විදියට මේ ආයතනය දක්වලා තිබුණා.“
“මේ ආයතනයෙන් කෙරෙන කටයුතු සහ අපිට මැදිහත් වෙන්න පුලූවන් ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කියලත් අපි මේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මට විරුද්ධවත් විවිධ චෝදනා යනවා. සමහරු මගෙත් එක්ක සෙල්ෆි ඡායාරූප අරගෙන මගෙ නම භාවිතා කරලා විවිධ අක්‍රමිකතා කරනවා. ඒ ගැන කෙලින්ම මාව දැනුවත් කරන්න කියලා මම ඉල්ලිමක් කරනවා.“ යයිද ඇමතිවරයා පැවසීය.
ඡායාරූප - ඉෂාන් සංජීව





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වට්ස්ඇප් කෙටි පණිවිඩයක් ඇවිත් තිබුනනම් පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ මොකද?
ඔබලාට කොහොමත් කෙටි පණිවිඩ තමයි එන්නේ.
අරන්චියේ හැටියට වැඩ තහනම් කරලා තියෙන්නේ
සෙන ,සාමන්‍ය පුද්ගලයෙක් ඔහොම දෙයක් කියුවනම් පොලිසියෙන් දැනටමත් පරීක්ෂණ ආරම්බ කරලා , මේවා මේ බොරු දේශපාලන රඟ පෑම් විතරයි
අර මහබැංකු කෙටි පණිවිඩ දැන් කෝ
මේ දෙපලගේ අදහස් බැලුවම හිතා ගන්න පුළුවන් හොද දේවල් කරනවට විරුද්දය් කියා
ඇයි කියව කියව ඉන්නේ පොලිසියට අල්ලලා දෙන්න තිබුනනේ. මෙතන බයිලා කියවන්නේ.එකත් හරියට අර මොකක්ද බැලුමක හුටපටයක් තියෙන්නේ.
ඔය කාර්යාංශයේ අයට විනය හා අන්‍යයන්ට ගරුකරන්නේ කොහොමද කියලා කියාදිය යුතුයි‘ ගුවන් තොටුපලේදී මේ අය අපේ ශ්‍රී ලාංකිකයන්ට සලකන්නේ හරිම පහත් ආකාරයටයි. පිටරට සේවය කරන සියළුදෙනා මේ ගැන දන්නවා.
මෙතුමා මොන වැඩේ කලත් මෙතුමාගේ පක්ෂෙ කට්ටිය මහබැංකුවට කරපු වැඩේ ගැන නිකම්ම ඉන්න නිසා හුගක් අයට පෙනෙන්නේ ඇදේට. එක්කෝ හොරා කාපු මුදල් ගන්න ඕනේ නැත්තනම් වැරදි කරුවන් අල්ලන්න ඕනේ. අල්ලසට ගන්නේ පෞද්ගලික මුදල් , මහබැංකුවේ මාටියා ගැහුවේ රටේ මුදල්. දෙකම වැරදී, නමුත් රටේ මුදල් මංකොල්ල කෑම සාප දෙන වැරැද්දක්.
මට පෙනෙන විදිහට මෙතුමාත් අපේ ජනපතිතුමා අනුකරණය කිරීමට පටන් අරන්වගේ ?
ලක්ෂ 10ක් කවුරුහරි දෙන්න හැදුවාද මම ඉල්ලුවාද? මට ලොකු ප්‍රශ්නයක්. එ්ත් මට උත්තරය හිතාගන්න පුළුවන්...
දැන් කොළඹ පාසලකට දාන්නත් ලක්ෂ 10 ට වඩා ඉල්ලනවා . ලංකාව නියෝජනය කරන්න දෙන්න හදල තියෙන්නෙත් ලක්ෂ 10 ක් . පගාව හොඳටම මදි . තිර රචනයේ පොඩි අවුලක් තියෙනවා.