එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධානය කළ z#අපේ2030 යොවුන් සංවාදයේ’ ආරම්භක උත්සවය අද (22) පෙරවරුවේ පැවැත්විණි.
ඒකාබද්ධ යොවුන් වැඩසටහන් ශ්‍රී ලංකාවේ මුඛ්‍ය කාර්ය බවට පත්කර ගැනීම සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීම මෙම #අපේ2030 යොවුන් සංවාදයේ’ ප්‍රධාන අරමුණ වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ජෝන් සොරෙන්සන් සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥාණසෝති යන මහත්වරු සහ 2018/2019 එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා යොවුන් නියෝජිත ශමිල්කා කරුණානායක මෙනෙවිය ආරම්භක උත්සවයේදී අදහස් දැක්වූහ.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා තොරතුරු සහ සංනිවේදන තාක්‍ෂණික නියෝජිතායතනය, ‘සිටි පදනම සහ, ‘යූත් කෝලැබ් (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ‘සිටි ෆවුන්ඬේෂන්’ සම-මූලිකත්ව වැඩසටහනක්) මෙම සංවාදයේ සම අනුග්‍රාහකත්වය දරයි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd