(හසිත රංග ගුණතිලක)
රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවයට ආණ්ඩුව විසින් ඉදිරි සති දෙක තුළ පැහැදිලි පිළිතුරක් ලබා නොදුනහොත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විගණන නිලධාරීන්, දේශීය ආදායම් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවාවන් 18ක විධායක නිලධාරීන් 35,000 ක් ඉතිහාසයේ දැවැන්තම වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව රජයට අනතුරු අඟවයි.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇති බවට ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ප්‍රචාරය අමූලික බොරුවක් යැයිද එම කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අද (22) කොළඹ පැවති සාකච්ඡාවකදී පැවසීය.
රාජ්‍ය සේවක වැටුප් ගැටලුව විසඳීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී ඇතත් මාස තුනක කාලයක සිට ඔහු එය සඟවාගෙන සිටින බවද විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය කඩිනමින් විසඳන්නැයි ජනාධිපතිවරයා අගමැතිවරයා මුදල් ඇමැතිවරයා ඇතුළු වගකිවයුතු සියලුම නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඔවුන්ගෙන් පැහැදිලි විසඳුමක් නොලැබුණු බවද කරුණාසිරි මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වැඩකරන ජනතාවගෙන් රාජ්‍ය සේවකියින් සිටින්නේ 30% ත් 45 % ත් අතර ප්‍රමාණයක්, එයින් වැඩකරන ප්‍රමානය ඉතාම අඩු. නමුත් වැඩි ප්‍රතිශතයක් සිටින පෞද්ගලික අංශය ගෙන සොයන්නත් කව්රුත් නැත. අපිට වැඩ වර්ජන පවා කල නොහැක. මන්ද රස්සාවට නැතිවන නිසා. එසේම ඉතාම අවම වැටුපකට අපි යම් අවස්ථාවල රාජකාරි වේලාවෙන් පසුවද වැඩ කරන අතර අතිකාල දීමන නැත. අවම වැටුපක් නැති අතර හිතුන හිතුන අවම වැටුපක් ලැබේ. කවද හෝ අපි වර්ජනය කල දවසට මේ රට නවතෙනු ඇත.
SL1 - 4936/= SL3 -9122/= SL7 -11057/= මේ 2019 ජනවාරි මුලික වැටුප් වැඩි වීමට උදාහරණ කිහිපයක් පමණයි. ( 2015 -2019 දක්වා මූලික වැටුප් වැඩි විම SL - 19744/= SL3-36488/= SL7-44228 ) ඇයි ඔච්චරටම බොරු කියන්නේ. රාජ්‍ය සේවයේ සියළු වරප්‍රසාද ලබන ඔය කට්ටියට තවත් මොනවාද අඩු. ඉටු කරන සේවය ගැන මීට වඩා හිතුවනම් හොදයි.
ඇත්තටම මේ අයට වැටුප් වැඩි කරන්න ඕනද? මේ අයට වැටුප් විෂමතාවක් තියනවාද? වැටුප් විෂමතාව ඇතිවෙලා තියෙන්නේ මේ අයගේ විශාල වැටුප් හා දීමනා නිසා සාමාන්‍ය රජයේ නිලධාරීන්ට. මේ අය දැනට ලබන වැටුප හා දීමනා කොච්චරද කියල මහජනතාව දැනුවත් කළ යුතුයි.
එක රාජ්‍ය සේවකයෙක් හරි එදාට වැඩ වර්ජනය කලොත් , සේවය හැර ගියසේ සලකා ගෙදර යවනවා , සත පහක් වැඩිකරන්නේ නැහැ කියල කියන්න එදා ජේ ආර් වගේ අද කොන්ද පන තියන නායකයෙක් කියාගන්න එකෙක් නැහැ , මේ ජාතියේ රටේ අභාග්‍ය.. සාමාන්‍ය මිනිසා තැලෙන්න තියන හැම අතින්ම තැලිලා ඉන්නේ. අයෙ රාජ්‍ය සේවකයෙකුට විතරක් තවත් දෙයක් දෙන්න නැහැ.