(අජන්ත කුමාර අගලකඩ)
විදුලි බල මණ්ඩලය ඉකුත් 2015 සිට විදුලිබලාගාර අරම්භ කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඇමැතිවරයා අද (22) පැවැති කැබිනට් රැස්වීමට අමාත්‍ය මණ්ඩල සටහනක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කර තිබූ බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ඇමැතිවරයා 2017 වසරේද අදාළ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ අවුරුදු 4 සංවර්ධනය. මහින්ද මහතා සිටියානම් මේ වන විට විදුලි බලාගාර 2ක් හදලා.
විදුලි ඉංජිනේරුවෝ කියන්නෙම ගල්අඟුරු ගිනි තියලා විදුලිය නිපදවන්න කියල නමුත් ඒකෙන් පරිසරයට වන හානිය ඔවුන්ට අදාල නැහැලු. මොකද එයාල ලංකාවෙ පරිසරය ජීවත් වෙන්න බැරි මට්ටමට පත්වුනාම හොඳ රටකට පැනගන්නවා. අපිට තමයි කාබන් දුම්විෂ කාගෙන මැරෙන්න වෙන්නෙ.
පරක්කුවෙන්නේ? කොමිස්. ගොඩ අනුව වැඩ.
මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට පවතින සංවර්ධනය තුන්ගුණයකින් වැඩි කරනවා කියලා. නමුත් එක වැඩක් ප්‍රමාදය අවුරුදු හතරක් ගියහම තමයි දැනගෙන තියෙන්නේ. නායකයෝ කාර්යක්ෂමව වැඩකලොත් විතරයි අනෙක් අය වැඩ කරන්නේ . නැත්නම් නිකන් ඉන්නේ
පුද්ගලික ඩීසල් බලාගාර රජයට පවරගන්න ඕන. එයලා තමයි අලුත් බලාගාර එන්න දෙන්නේ නැත්තේ