බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය ළග තබා ගත් පුද්ගලයන් 343ක් අත්අඩංගුවට
කළුතර ,කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ (24) දා උදෑසන 6.00 සිට (25) දින අලුයම 5.00 තෙක් සිදු කළ විශේෂ වැටලීමක දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය, නිතිවිරෝධී මත්පැන් ,ගංජා ළඟ තබා ගත් පුද්ගලයන් 343 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියක් පැවැසීය.