ජයමාල් චන්ද්‍රසිරි

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයනට නිවෙස්වල නිරෝධායනයවීමේ අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ දී අද පස්වරුවේ පැවැත්විණි.

සමග ජනබලවේගය පක්ෂයේ සමගි විදේශ ශ්‍රමික සංවිධානය පැවැත්වූ එම උද්ඝෝෂණය කොළඹ කොටුව උද්ඝෝෂණ ස්ථානයේ පැවැති අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස උද්ඝෝෂණයේ නිරත විය.