’’සමුදුර’’ නැව ධීවර යාත්‍රා වෙත ළඟාවෙයි අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමට හසුවී ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට සහාය වීමට ගිය නාවික හමුදාවේ සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවෙත ළඟා වී ඇතැයි නාවික හමුදාව පවසයි. 23 May 2020
නොරෝච්චෝල ලක් විජය සේවකයින් කොරෝනා ආසාදිතයින් නොවෙයි නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබදව ලැබුණු වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (23) දින පැවසිය . 23 May 2020
පොහොර ගන්න කෘෂි අලෙවිසල්වල දිගු පෝලිම් එලවලු වගාවට වී වගාවට සහ කුඹුරු වගාව සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට දඹුල්ල නගරයේ කෘෂි අලෙවි සේවා ස්ථානවල අද (23) අලුයම සිට දිගු පෝලිම් පවතින බව දැක ගැනීමට හැකි විය. 23 May 2020
නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමින සිටි 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර් තා වෙයි. 22 May 2020
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 22 May 2020
පියා නිදහස් කරන්නැයි පොලිසියට කඩා වැදී යකා නැටු අයියා මලෝ රිමාන්ඩ් මාරවිල පොලිස්ථානයට කඩා වැදි කලහාකාරි ලෙස හැසිරුනු යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු 27 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරිමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද ( 22 ) නියෝග කළේය. 22 May 2020
බැංකු පද්ධතිය ස්ථාවරයි ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අද (22) පැවැසීය. 22 May 2020
ලංකා අයි.ඕ.සී. පෙට්‍රල් මිල රුපියල් පහකින් අඩු කරයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී.) ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත. 22 May 2020
කාදර් නානා වත්තෙන් කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග 23 හැවිරිදි පුද්ගලයකු බොරැල්ල වනාතමුල්ල කාදර් නානා වත්තේ දෙමහල් නිවසක දී අද (22) අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා දූෂණ මර්ධන අංශය කියයි . 22 May 2020
පූජාපිටියේ එජාපයේ පිරිසක් පොහොට්ටුවට පූජාපිටිය වටගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද (22) වනදා මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වූහ. 22 May 2020
විදෙස් ණය නියමිත වේලාවට ගෙවා අවසන් මේ වසරේ මුල් මාස හතරේදී ගෙවීමට තිබූ විදේශ ණය වාරික සියල්ල නියමිත පරිදි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (22) පැවැසීය. 22 May 2020
මේ වසරේදී ආර්ථිකය සියයට 1.5 කින් වර්ධනය වේවි මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 1.5කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (22) පැවැසීය. 22 May 2020
නිල්වලා විද්‍යාපීඨයේ පරිගණක හොරු අල්ලති නිල්වලා විද්‍යා පිඨයේ පරිගණක කාමරය බිඳ රුපියල් 475,000ක් පමණ වටිනා පරිගණක 6ක් සහ උපාංග සොරකම් කරන ලද සැකකරුවන් හතර දෙනෙකු සොරකම් කරන ලද පරිගණකද සමඟ අද(22) අත් අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පවසයි. 22 May 2020
ලක්ෂ 4 ක හෙරොයින් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රදේශ රැසකට හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අද (22) අත්අඩංගුවට ගත්බව ආණමඩුව පොලිසිය පැවසීය. 22 May 2020
රන්ජන්ගෙන් පැය පහක් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ඡාලය ඔස්සේ මාධ්‍ය සාකඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 22 May 2020
රත්නපුර පවුල් 5032 ක් ආපදාවට රත්නපුර දිස්ත්‍රික්කයේ මේවන විට පවුල් 5032 ක පුද්ගලයන් 19,074 ක් ආපදාවට පත්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය අද (22) ප්‍රකාශ කළාය. 22 May 2020
මාලිගාවත්තේදී තෙරපීමෙන් තුවාල ලැබූ 5 ක් තවමත් රෝහලේ මාලිගාවත්ත ප්‍රදේශයේ මුදල් බෙදාදීමේ සිද්ධියේදී තෙරපීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් පස් දෙනෙකු අද (22) මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. 22 May 2020
ජනාධිපති විමර්ශන කොමිෂන් කාර්යාලය හදිසියේම විෂබීජ හරණය කරයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලය අද (22) පෙරවරුවේ විෂබීජ හරණය කොට ඇත. 22 May 2020
වැලිකන්දේ ගොවියෝ වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගනිති පොළොන්නරුව වැලිකන්ද මුතුගල ප්‍රදේශයේ බලපත්‍ර සහිත කුඹුරු ඉඩම් වල සී සාමින් සිටි ගොවින් කිහිප දෙනෙකු අද (22 ) පෙරවරුවේ පොළොන්නරුව සහ වැලිකන් වනජිවි නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනිමට ගිය විටදි ඊට විරෝධය පලවිමත් සමඟ ගම්මුන් විසින් එම වනජිවි නිලධාරින් පැය හයක පමණ කාලයක් කොටුකරගෙන සිටියදි දැඩි පරිශ්‍රමයක් යොදා ගොවින්ගේ අඩස්සියෙන් නිදහස් කරගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 22 May 2020
මගීන් 99ක් රැගත් පකිස්ථානු ගුවන් යානයක් කඩා වැටෙයි පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයක් කරච්චි නුවරදී අනතුරට ලක්වී ඇතැයි වාර්තා වේ. මගීන් 99 දෙනකු රැගත් මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 8 දෙනෙකි. ගුවන් යානය පකිස්ථානයේ ලාහෝර් නුවරින් ගුවන්ගතවී ඇත. 22 May 2020
විභාගයට නොගත් නඩු කිහිපයක් සෙනසුරාදා කැඳවයි කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු විභාග කිහිපයක් ඉදිරි සෙනසුරාදා දිනවලදී යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 22 May 2020
පෞද්ගලික ඉඩමක සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට ගිය තිදෙනකු අත්අඩංගුවට පල්ලම නාගවිල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට නීති විරෝධි ලෙස සායනික අප ද්‍රව්‍ය රැගෙන විත් පිලිස්සිමේ චෝදනාවට වතු හිමිකරු ඇතුළු තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි. 22 May 2020
මුහමාලේ කෑලෑවකින් මිනිස් අස්ථි කොටස් -ගිනි අවි -කොටි ඇඳුම් හමුවෙයි පලෙයි මුහමාලේ ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක තිබී දිරාගිය මිනිස් අස්ථි කොටස් කිහිපයක්, ටී 56 ගිනි අවි 3ක් සහ එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයින්ගේ නිළ ඇදුම් කිහිපයක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 22 May 2020
මූල්‍ය ආයතනයක බදුල්ලේ ශාඛාවට සීල් තියයි මේ වන විට මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති මූල්‍ය සමාගමක බදුල්ල ශාඛාවටද අද (22)මහ බැංකුව විසින් සීල් තබන ලදි. පසුව ගනුදෙනුකරුවෝ එම ස්ථානයට පැමිණ නොසන්සුන් ලෙස හැසිරෙමින් තමන්ගේ තැන්පතු මුදල් හා ගිවිසගත් පොලිසිය ඉල්ලා හඬ නැගූහ . 22 May 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් අඟහරුවාදාත් කැඳවයි ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 6 වැනි දිනයටත් වැඩිදුර සලකා බැලීම ලබන අඟහරුවාදා උදෑසන 10 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 22 May 2020
ගෙවන්න නියම කළ ලක්ෂ 10න් ගෙවා ඇත්තේ ලක්ෂයයි පාස්කු ඉරිදා ප්රහාරයන්ට ගොදුරුව මියගිය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 23 දෙනෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවමංගල්‍ය කටයුතු කර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් දීමනා ලබා දී ඇතැත් ඔවුන්ට රුපියල් ලක්ෂ 10 බැගින් දීමනාවක් ලබා දීමට රජය තීරණය කළත් මෙතෙක් එම මුදල් ගෙවා නැති බවත් එම දීමනා ලබා දීමට අවශ්‍ය ලේඛන හානිපූර්ණ කාර්යාලයට ඉදිරිපත් කොට ඇති බවත් කොළඹ ප්‍රාදේශීය ලේකම් සුරංගි කාංචනා ගුණසේකර මහත්මිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා 22 May 2020
අත්අඩංගුවට ගත් රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියට ඇප ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කඩවන අයුරින් ආන්දෝලනාත්මක ලිපියක් සමාජ මාධ්‍ය ඡාලා මගින් ප්‍රචාරය වීමට සැලැස්වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියක රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. 22 May 2020
තායිලන්තයේ සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වය ජුනි අවසානය දක්වා දීර්ඝ කරයි කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා පවත්වාගෙන යෑමට තායිලන්ත බලධාරීහු තීරණය කර තිබේ. 22 May 2020
කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිබිදීමක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය. 22 May 2020
කතුන් තිදෙනාගේ මරණය ශ්වසන පද්ධතිය සිරවීමෙන් බව මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි කෝටිපති ව්‍යාපාරිකයකු බෙදා දීමට රැගෙන ආ රුපියල් දහසේ මුදල් ආධාර ලබා ගැනීමට ගොස් මියගිය කාන්තාවන් තිදෙනාම මියගොස් ඇත්තේ තෙරපීම නිසා ශ්වසන පද්ධතිය සිර වීමෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී රාවුල් හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තීරණය ලබා දුන් බව මාලිගාවත්ත පොලිසිය කියයි . 22 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026