කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිබිදීමක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය. 22 May 2020
කතුන් තිදෙනාගේ මරණය ශ්වසන පද්ධතිය සිරවීමෙන් බව මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි කෝටිපති ව්‍යාපාරිකයකු බෙදා දීමට රැගෙන ආ රුපියල් දහසේ මුදල් ආධාර ලබා ගැනීමට ගොස් මියගිය කාන්තාවන් තිදෙනාම මියගොස් ඇත්තේ තෙරපීම නිසා ශ්වසන පද්ධතිය සිර වීමෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී රාවුල් හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තීරණය ලබා දුන් බව මාලිගාවත්ත පොලිසිය කියයි . 22 May 2020
මුදල් බෙදන්න ගිය කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා රිමාන්ඩ් රාමසාන් උපවාසය නිමිත්තෙන් කෝටිපති ව්‍යාපාරිකයකු මාලිගාවත්ත ජුම්මා මස්හිද් පාරේ ගබඩා සංකීර්ණයක මුදල් බෙදා දීමට යාමේදී කාන්තාවන් තිදෙනෙක් තෙරපී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා කොළඹ අලුත්කඩේ අංක 4 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජි ද සිල්වා මහත්මිය නියෝග කළාය. 22 May 2020
මැතිවරණය තියන්න හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනපති ලේකම්ට දැනුම් දුන්නැයි උසාවියට කියයි රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තම සේවාදායක ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණ දක්වමින් කියා සිටියේය. 22 May 2020
මැයි 24-25 රටටම ඇඳිරි නීතිය මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 May 2020
ගත වූ පැය 24 දී ඇඳිරිය කඩ කළ 528 ක් අත්අඩංගුවට අද සිකුරාදා(22) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 528 ක් අත්අඩංගුවට ගෙන වාහන එකසිය පනහක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 22 May 2020
කොරෝනා නීති කඩා රෝන්දෙ යන අමනයෝ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යතුරුපැදි දෙකකින් කොළඹ සිට කතරගමට පැමිණ කතරගම ප්‍රදේශයේ සැරිසරමින් සිටිය දී කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිව්දෙනකු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් 3000 බැගින් රුපියල් 12000ක දඩයක් නියම කළ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය කතරගම සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය මත දින 21 ක් නිරෝධායනයේ යෙදෙන ලෙසට ද නියම කළ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 22 May 2020
කොරෝනා ආසාදිතයින් 1055 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1055 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 22 May 2020
78 අම්මාත් - 60 පුතාත් වස බී මියයති කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මුසල්පිටිය ග්‍රාමයේ, මුස්ලිම් ජාතික 78 හැවිරිදි මවක හා ඇගේ 60 හැවිරිදි වැඩිමහල් පුතා අද (21 ) සන්ධ්‍යාවේ වස පානය කොට මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. මිය ගොස් ඇති පුතා මඩ කළපුවේ පදිංචි විවාහකයෙකු වන අතර,ඔහු අද දින (21)උදෑසන සිය මෑණියන් දකින්නට මුසල්පිටිය පැමිණ ඇත. 21 May 2020
ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම පරිපාලනය ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වූ ආකාරය විවේචනය කරමින් එරට සිවිල් හා දේශපාලන සහ වැසියෝ පිරිසක් එකතු වී ඊයේ (20) ධවල මන්දිරය ඉදිරියේදී විරෝධතාවක නිරත වූහ. 21 May 2020
පොළොන්නරුවේ පමණක් වී කිලෝ කෝටි 20ක් තියෙනවා යල කන්නයේ වීඅස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රට තුළ තිබෙන බවත් එම නිසා රටින් සහල් ගෙන්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අද(21) ප්‍රකාශ කළේය. 21 May 2020
’5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතියේදී ලබාදෙනවා’ දෛනික ආදායම් අහිමි වූ පිරිස් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කරනු ලබන සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 21 May 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පනස් ලක්ෂය ඉක්මවයි ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (21) පනස් ලක්ෂය ඉක්මවා ගියේය. 21 May 2020
වැලිසර කඳවුරේ සිටි 2193 ක් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආසාදිත සෙබළුන් සමීපව ඇසුරු කළ කඳවුර තුළ රැදී සිටි නාවික හමුදා සාමාජිකයින් 2193 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පැවසීය. 21 May 2020
බොලිවියානු සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට ඉහළ මිලක් ගෙවමින් ස්වසන සංවාතන යන්ත හෙවත් හුස්ම ගැනීම පහසු කරවන ‘වෙන්ටිලේටර්’ යන්ත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍ය මර්සෙලෝ නවාස් එම ධුරයෙන් නෙරපා දැමීමට බොලිවියානු නිලධාරීන් පියවර ගෙන ඇත. 21 May 2020
තෙරපීමෙන් මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත අද (21) නියෝග කළාය. 21 May 2020
තරුණිය බේරාගන්න ජලාශයට පැන්න දෙදරු පියාගේ සිරුර හමුවෙයි ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ තරුණිය බේරා ගැනිමට උත්සහ කළ දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත. 21 May 2020
නගරාන්තර දුම්රිය දෙකක් හෙට ධාවනය කරයි කොළඹ මහනුවර සහ බෙලිඅත්ත දක්වා නගරාන්තර දුම්රිය දෙකක් හෙට (22) පස්වරුවේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි. 21 May 2020
රන්ජන් රාමනායක හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට හෙට (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත. 21 May 2020
රත්නපුරේ නාය අවදානමේ සිටින ජනතාවට ඉවත් වෙන්න’යි කියයි පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය සළකාබලා මිලිමීටර් 150 ඉක්මවා ඇති රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාය යාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව අද දින (21) නිවේදනය කර ඇත. 21 May 2020
රත්නපුර පවුල් 4495 ක් අපදාවට රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ ආපදා තත්ත්වය නිසා පවුල් 4,495 ක පුද්ගලයින් 16,863 දෙනෙකු පිඩාවට පත්වි සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය . 21 May 2020
එජාප මහ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි 08 වැනි පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක් නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. 21 May 2020
දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නතර කරයි හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රීතව ඉදිකිරීමට යෝජිත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් ක්‍රිකට් නායකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සමග අද පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබ තිබේ. 21 May 2020
ඩෙංගු මර්දනයට වහා පියවර ගන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කොවිඩ් 19 මෙන්ම ඩෙංගු රෝගයේ ද පොදු ලක්ෂණය වන්නේ ‘‘උණ රෝගය’’ බැවින් එම රෝගයන් දෙක වෙන්කර හඳුනාගැනීමට සිදුවන බාධාවක් වළක්වා ගැනීමට ඩෙංගු මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 21 May 2020
මාතර බන්ධනාගාරයේ සැකකරුවෙක් හදිසියේ මිය යයි නඩත්තු නඩුවකට වරෙන්තු වීම නිසා මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු හදීසියේ අසනීප වී මාතර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු අද (21) උදෑසන මිය ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 21 May 2020
තෙරපීමෙන් මියයාම ගැන පරීක්ෂණයට මහෙස්ත්‍රාත්වරිය පැමිණෙයි මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනා සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සදහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය මේ වන විට එම ස්ථානය වෙත ගොස් ඇත. 21 May 2020
සචිනි යාත්‍රාවේ ධීවරයෝ දිවි බේරාගනිති සුළි කුණාටුවට හසුව ඉන්දුනීසියාව ආසන්නයට ගසාගෙන ගොස් තිබෙන යාත්‍රා අතුරෙන් එකක් වූ ‘’සවිනි’’ බහුදින යාත්‍රාවේ කොටසක් ගැලවී යාම නිසා එහි සිටි ධීවරයින් 06 දෙනා යාත්‍රාව අතහැර වෙනත් යාත්‍රාවකට ගොඩ වී ඇතයි ‘’සවිනි’’ යාත්‍රාවේ හිමි කරු පැවසීය. 21 May 2020
වැලිසර කඳවුරට දුන් නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කරන්න උපදෙස් වැලිසර නාවික හමුදා කදවුරේ කොවිඞ් 19 වයිරසය පැතිරයාම වැලැක්වීම සදහා දුන් නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වසංගත රෝග විද්‍යාඥයින් සිව් දෙනකුගෙන් යුත් කමිටුවට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. වැලිසර සහ අනෙකුත් හමුදා කදවුරු ආශ්‍රිතව කොවිඩ් 19 වයිරසය පිළිබදව සොයා බැලීමට පත්කරන ලද වසංගත විද්‍යාඥයින් සිව් දෙනාගෙන් යුත් කමිටුව එම පරීක්ෂණවලින් පසු ලබා දුන් වාර්තාවෙන් පසු මෙම නිර 21 May 2020
මුව මස් හොද්දකට 20,000 ක දඩයක් යාල යෝධකණ්ඩිය වුද්දකන්දර ප්‍රදේශයේ නිවසක් වැටලූ වනජීවී නිලධාරීහු පිසමින් තිබූ මුවමස් කිලෝග්‍රෑම් දෙකක ප්‍රමාණයේ මස් හොද්දක් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවිමෙන්පසුු වරද පිළිගත් සැකකරුවෙකුට රුපියල් 20, 000 ක දඩ මුදලක් ගෙවනලෙස දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද (21) නියෝග කළාය. 21 May 2020
ගත වු පැය 24ක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 106,000ක් ලොවපුරා පැතිර යන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ බදාදා, එනම් ඊයේ (20) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. 21 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026