අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක් රුපියල් 142යි ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීම යළි සංශෝධනය කරන බව ලංකා-ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 May 2020
රාමසන් සමයේදි සෞදියේ දිගටම ඇඳිරි නීතිය ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්19’ ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රාමසාන් උත්සව සමයේදී පැය 24 පුරා ඇඳිරි නීතිය පැනවීමට සෞද බලධාරීන් තීරණය කර ඇත. 20 May 2020
රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි රුසියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 300,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 20 May 2020
රාජාංගනයේ එළවළු අස්වැන්න වගාබිමට පස් වෙයි තම එළවළු අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම නිසා එළවළු වගා විනාශකර දැමීමට තමන්ට සිදුවූ බව රාජාංගණයේ ගොවීහු කියති. 20 May 2020
සංචාරක කර්මාන්තයට යූරෝ මිලියන 3.5 ක ප්‍රදානයක් කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක් ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී. 20 May 2020
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්යයි මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය. 20 May 2020
වෙන්නප්පුව වෙරළ තීරය ප්‍රතිසංස්කරණයට පියවර පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් බරපතල ලෙස හානියට පත්වූ වෙන්නප්පුව වෙරළ තීරය ප්‍රතිසංස්කරණය කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 20 May 2020
උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට 20 May 2020
‘ප්රභාකරන්ගේ ආයුධ සන්නද්ධ අරගලය වරදක් විදිහට දකින්නෙ නෑ’ වේළුපිල්ලේ ප්රභාකරන් ප්රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානය ආයුධ සන්නද්ධ අරගලයක නිරත වීම වරදක් සේ නොදකින බවත් වඩුකෝඩෙයි යෝජනාවලිය ප්‍රකාරව ගෞරවාන්විත සටනකට ඔවුන් ප්‍රවිෂ්ට වී ඇති බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. 20 May 2020
‘සිසු සැරියට’ රජයෙන් ගෙවන මුදල් මාස 6කින් ගෙවා නැහැ’ සිසුසැරිය පාසල් බස්රථ සදහා රජයෙන් ගෙවන සහනාධාර මුදල් මාස හයකින් ගෙවා නැතැයි එම බස්රථ හිමියෝ පවසති. 20 May 2020
නවසීලන්ත අගමැතිනිය පෙන්වූ නියම ආදර්ශය රටක නායකයා අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ විය හැක. ප්රජාතන්ත්රවාදී රටවල මේ නායකයන් බිහිවන්නේ මහජනතාවගේ ඡන්දයෙනි. ඡන්දයකින් බලයට පත්වන නායකයා කවරකු වුවද ඔහුට හෝ ඇයට අයිති වරප්‍රසාද ගණනාවකි. රටකින් රටකට මේ වරප්රසාදවල වෙනස්කම් පැවතිය හැකි වුවද ඒවා ධූරයට පමණක් අදාළ බවත් පුද්ගලයකුට ඒවා අදාළ කරගත නොහැකි බවත් යන්න අවිවාදිතය. එහෙත් එසේ නොවන අවස්ථා ද තිබෙන බවත් සඳහන් කළ යුතුය. 20 May 2020
මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ නිලධාරීහු මැයි වැටුපෙන් කොටසක් දෙති මුදල් අමාත්‍යාංශය සහ මහාභාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කර තිබේ. 20 May 2020
දුම්රියේ කලින් ආසන වෙන්කර ගැනීම අද සිට අවශ්‍ය නෑ දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කිරීමක් අද (20) සිට අවශ්‍ය නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. 20 May 2020
මුහුදු මහා විහාරයේ මායිම් දාන්න සාකච්ඡාව අද අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා හා මැනුම්පති ශ්‍යාමලී පෙරේරා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතය. 20 May 2020
අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑම හෙටින් පසු ඉවතට ‘අම්ෆන්’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවූ බලපෑම හෙටින් (21) පසු අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 May 2020
කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අන්දමන් දූපත් වලට ගොඩ ගසයි අප්‍රේල් 26 වැනි දින දහවල් කුඩාවැල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා ධීවර කාර්මිකයින් හය දෙනෙකු රැගෙන මුහුදු ගිය සුරේෂ් බහුදින ධීවර යාත්‍රාව තද සුළං හා රළ පහරට හසුව ඊයේ (19) වන දින අන්දමන් දූලත්වලට ගොඩගසා ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 20 May 2020
දැරියක අපයෝජනය කළ 6 ක් අත්අඩංගුවට : තවත් 4ක් සොයා පරීක්ෂණ සෙවනගල මයුරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක තරුණයින් දස දෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි අතවරයට ලක් කිරීමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 20 May 2020
වැලිවිටියේ හිස් ඉඩම් තාවකාලික වගාවට නොමිලේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාව සතු සියලුම හිස් ඉඩම් තාවකාලික භෝග වගාව සදහා එක් වාර්ෂික ගිවිසුම්ගතව නොමිලයේ වගාකරුවන්ට ලබාදීමට අද (20 ) සිට පියවර ගන්නා බව එම සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා කීවේය . 20 May 2020
අධිකරණ ශාලාවේ ජායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීම තහනම් කරයි ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන 501 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ කිසිදු පින්තූරයක් ෆේස්බුක් සමාජ මාධ්‍යවල පළ නොකරන්නැයි , අගවිනිසුරු වරයා අද (20) විවෘත අධිකරණයට පැමිණි පිරිස හමුවේ අවවාද කරමින් කියා සිටියේය. 20 May 2020
එජාපය තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමකට සැරසෙයි උද්ගතව ඇති ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි දින කීපය තුලදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව වන බව එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(20) පැවසීය. 20 May 2020
’’අම්ෆන්’’ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉදිරි පැය කිහිපය ඇතුළත ඉන්දියාවට අම්ෆන් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය ඇතුළත ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට සහ බංග්ලාදේශයට ඇතුළු වීමට නියමිත බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත. 20 May 2020
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම ඉහළට අම්ෆන් සුලි කුණාටුවේ බලපෑමෙන් මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුණු ධාරානිපාත වැසි හේතුවෙන් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 20 May 2020
මැතිවරණය තියන්න බෑ - කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි රටේ පවතින වත්මන් තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 20 May 2020
ගංවතුරින් බේරීමට කළු ගඟට අලුතින් මෝය කටක් කළුතර පිහිටි කළුගගේ මෝය අසල අලුතින් මෝය කටක් කැපීමට කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළේය. 20 May 2020
ඇඳිරිය කැඩූ 660 ක් අත්අඩංගුවට අද (20) උදෑසන හයෙන් අවසන්වූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් (660)ක් අත්අඩංගුවට ගෙන වාහන (256)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 20 May 2020
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (19) ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස් කදු සහ ගල් පෙරලීම හේතුවෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිසිය පැවසීය. 20 May 2020
කොරෝනා ආසාදිතයින් 1027 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1027 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 19 May 2020
බලන්ගොඩ ඇතිවූ ගංවතුර පහව යයි බලන්ගොඩ ඉතිහාසය අලුත් කරමින් අද (19) පෙරවරුවේ ඇතිවූ ගංවතුර තත්වය පස්වරු වන විට බැස යමින් තිබුණු අයුරු දක්නට ලැබිණි. 19 May 2020
ගංවතුර අස්සේ ඔරු පදින්න ගිය පුද්ගලයකු ඔරුව පෙරැළී මරුට ගංවතුරේ ඔරු පැදීමට ගිය රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ඔරුව පෙරැලී යාමෙන් අද 19 හවස මිය ගොස් ඇති බව රත්නපුර පොලිසිය කියයි 19 May 2020
ට්‍රම්ප් වෛද්‍ය උපදෙස් නොතකයි වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම් නොතකමින් ‘කොවිඩ්-19’ ආසාදනය වීම වළක්වා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේරියා නාශක ඖෂධයක් වන ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ භාවිතයට ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026