
(තිලකරත්න දිසානායක)
‘‘කෲඩියා සිලනිකා‘‘ (පඩු කරඳ) වර්ගයේ විශාල ගසක් ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති බව එහි සහකාර අධ්යක්ෂ රුවිනී ගෝමස් මහත්මිය කීවාය.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් කෲඩියා සිලනිකා (" පඩු කරද " ) වර්ගයේම, එම ශාඛය අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු ඊයේ (14) නිරීක්ෂණය කළහ.
එම උද්‍යානයේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ අමාත්‍යවරු දෙපල මෙම පඩු කරද ශාඛය නිරීක්ෂණය කරනු ලැබූහ.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙන ගම්පහ , දාරළුව ප්‍රදේශයේ ඇති " පඩු කරද " ගස දැනට ඉතිරිව ඇති එකම ගස බවට ප්‍රකාශ වූවද , ගම්පහ උද්භිද උද්‍යානයෙහි මෙම විශාල ගස සහ පැල ගස් හයක්ද , පේරාදෙණිය උද්‍යානයේද මෙම පැල ගස් ඇති බවත් දාරළුවේ ගසට, මෙම ගස් සෑම අතින්ම සමාන බවත් ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්යක්ෂ රුවිනී ගෝමස් මහත්මිය අමාත්‍යවරුනට වෙත පෙන්වා දෙනු ලැබූවාය.
මෙම අවස්ථාවට ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගසේ බෝඩ් එක අලුතින් ගසා ඇති බව පේනවා. මේක ඇත්තක්දැයි සැකයි.. රජය අධිවේගි මාර්ගයේ ගස කපන්න පසු බිම හදනවා වගෙයි..
මේ ගම්පහ බඩ තඩියාට නින්ද යන්නේ නැහැ. මහා මාර්ගයේ තියෙන ගහ කපනකම්... මේ අයට ඡන්දෙ දුන්නු ගෝතයින්ව පිස්සන් කොටුවට යවන්න ඕනෑ.
හා.... ඒ කියන්නේ ආන්දෝලනයට තුඩු දුන් ගසකපලා දාලා පුච්චන්න අවසර ලැබුණා කියන එකනේ නේද?
ගම්පහ දිස්ත්‍රික්කයේම ඇති මේ ශාකය ගැන වනජීවියා හෝ වන සංරක්ෂණය දැක නැතුව වගේ... ඒ වුණාට මාධ්‍ය සාකච්ඡා සහ වොයිස් කට් නම් ඇතිතරම් තියෙනවා.
දැන් පාර වංගු ගහන්නේ නැතිව, කෙලින් හදන්නට පුළුවන්ද?
ලංකාවේ මිනිස්සුන්ට ඕනෙ තමන්ට අයිති ඉඩම ඇරෙන්න අනික් හැම ඉඩමක්ම වන රක්ෂිත විදියට නම් කරන්න..
සිවුරු අරින්නට කාලය ළඟයි වගේ...
ලස්සනයි අලුත් බෝඩ් එක....
‘‘කෲඩියා සිලනිකා‘‘ (පඩු කරඳ) වර්ගයේ විශාල ගසක් ගම්පහ උද්භිද උද්‍යානයේ තිබෙන නිසා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ ඇති " පඬු කරඳ " ගස ගම්පහ උද්භිද උද්‍යානයෙහි මෙම විශාල ගස සහ පැල ගස් 06ක්ද , පේරාදෙණිය උද්‍යානයේදී මෙම පැල ගස් ඇති බවත් දාරළුවේ ගසට, මෙම ගස් සෑම අතින්ම සමාන වුවද කොතරම් ශාක තිබුණද කිසිම ශාකයක් කැපීමට අවශ්‍ය නැත.
එතකොට මේ ශාකය මෙලොවින් තුරන් වෙලා කියලා මාස ගාණක් කට්ටිය තොවිල් නටනකම් මේ ගොල්ලන් මොකද කලේ.? අපේ ලංකාවෙන් මේ අමනකම් තුරන් වෙන්නේ කවද්ද? සමාජ මාධ්‍ය ජාලා වැදගත්, තේරුමක් සහ විනයක් ඇතිව පාවිච්චි කරන්න අපේ මිනිස්සු ඉගෙන ගන්නේ කවද්ද?
මෙතන තියෙන්නේ ගසට ආදරේ ඇතිව විරෝධය පෑමක් නොවේ. රජයට එරෙහිව සෑම අතකින්ම විරෝධතා දරමින් රටේ අස්ථාවර බවක් ඇති කිරීමයි. කොරෝනා තත්වයත් එක්ක රට පත්ව ඇති තත්වයට පෝර දැමීමක් මෙයාලා කරන්නේ. කැලෑ කැපීම ගැන යන ප්‍රචාරත් එහෙම්මයි. රටේ විවිධ තැන්වල, ගෙපල් කැපීම් පවා පිංතූර ගසමින් කැලෑ කපනවා යැයි ප්‍රචාරය කරනවා. එයාලා කියන්නේ නව ජනපති ආ දවසේ ඉඳලා කැලැ කපනවා කියලා. ලංකාගමට කෙතරම් කතා හැදුවද? අද ඒ ගැන කතා නැහැ. අනෙක් ඒවාට වෙන්නෙත් ඒ ටිකම තමයි.
මෙම පණු කරඳ ශාකය පිළිබඳ සංවාදය මතුවී මාස කිහිපයකට් පසු මේ ගසක් හදිසියේම ගම්පහ උද්භිද උද්‍යානයෙන් මතුවෙන්නේ අදෘශ්‍යමාන බලවේගයකින්ද? මෙතෙක් මේ නිලධාරීන් සේවය කළේ කොහේද යනු විමසීම වටී. ජයශ්‍රී මහා බෝධියට සමාන තවත් Ficus religiosa ගස් මේ රටේ තවත් අපමණව වෙතත් එම් වෘක්ෂය රැකගැනීම ජාතික වගකීමක් වන්නේ එහි ඇති ඓතිහාසික වැදගත්කම නිසාය. දාරළුව දුම්රිය ස්ථානය අසල ඇති Crudia zeylanica ශාකය එම ස්ථානයේම සංරක්ෂණය කිරීම වැදගත් වන්නේද එහි ඇති ඓතිහාසික වැදගත්කම නිසාය. In-situ conservation ගැන යම් අවබෝධයක් ලබාගන්නා මෙන් මෙම සහකාර අධ්‍යක්ෂවරියටත් ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරියටත් කාරුණිකව ඇරයුම් කිරීමට කැමැත්තෙමි.
ඕක එහෙනම් අලුත් ප්‍රභේදයක්. කෘඩියා රණතුංගයා කියලා.
ඕවාට තමයි කියන්නේ දේශපාලන ගේම් කියලා....
රුවනි, මේ ගස දැන් රතු දත්ත පොතෙන් ඉවත්වෙලාද?.
ජාන අධ්‍යයනයක් කළ යුතුයි.