(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හයිඞ් පිටියේදී අද පස්වරු 2.30 ට ආරම්භවේ.
‘‘අභියෝග හමුවේ එකට සිටගමු’’ යන තේමාවෙන් සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව අභිමානවත් අයුරින් පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිතය.
සමගි තරුන බලවේගය, සමගි වනිතා බලවේගය, ඇතුලූ පක්ෂයේ ශාඛා සමිති සහ සියලූම වෘත්තීය සමිති සහභාගීත්වයෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වෙන බව පක්ෂයේ මෙහෙයුම් ප‍්‍රධානී සහ උප සභාපති හරීන් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
පාට, පක්ෂ, මතවාද සහ දේශපාලන පක්ෂ භේදයකින් තොරව රට හමුවේ ඇති අභියෝග ජයගැනීම ස`දහා එකට සිටගැනීමට සියලූ කණ්ඩායම්වලට ආරාධානා කර සිටින බවත් ඔහු ස`දහන් කළේය.
පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එහිදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු පක්ෂයේ මෙහෙයුම් ප‍්‍රධානී සහ උප සභාපති හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රදානත්වයෙන් සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අනතුරුදායක කාලයකදී කීදෙනෙක්ට කොරෝනා හදන්න හිතාගෙනද මේ වගේ සෙනඟ එක්කහු කරලා සංවත්සර පවත්වන්නේ...? රටේ ජනතාව ගැන හිතනවාට වඩා තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි ගැන විතරයි හිතන්නේ.