
(පුෂ්පකුමාර ජයරත්න )
පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක පිහිටි කසල ගොඩකට දැමූ ගින්නක් පැතිර යාමෙන් කුරුණෑගල ආදර්ශ මහා විද්‍යාලයේ පන්ති කාමර දෙකක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් බරපතළ හානියක් සිදුව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.
එම ගින්නට හසු වීමෙන් ආදර්ශ මහා විද්‍යාලයට අයත් බාලාංශ පන්ති කාමර සහිත ගොඩනැගිල්ලක පන්ති කාමර දෙකක් මෙසේ විනාශයට පත්ව ඇත.
ආදර්ශ මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක අබලි ද්‍රව්‍ය තොගයකට ගිනි තැබීමකදී එම ගින්න ඒ අසල පිහිටි පාසලේ ආරක්ෂිත බැම්මේ ඇති සිදුරක් තුළින් පාසල් භූමියට ඇතුළු වී පන්ති කාමර දක්වා ගින්න පැතිර ගොස් ඇති බව කියයි.
පසුව කුරුණෑගල මහ නගර සභාවේ සහායද ලබාගෙන කුරුණෑගල පොලීසියේ මැදිහත් වීමෙන් ගින්න නිවා දැමීමට හැකි වීමෙන් සිදු වීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පෞද්ගලික ආයතනයේ හිමිකරුවා අපේ ඇමතු තුමෙකුගේ හිතවතෙක් නම් එහෙම, ඔන්න ඔහේ අපි ඒ පාසලේ අලාභය ගෙවා දමමු. එහෙම නැත්නම් ඉතින් අල්ලලා හිරේට දාන්න කියලා පොලිසියට බල කරමු.
මලියදේව ආදර්ශ පාසල අසල ඇති එක්තරා හෝටලයකින් කුණු කානුවක් පවත්වාගෙන යාමෙනුත් ඒ අවට දුගදයෙන් පිරී ඇත්තේද වසර 15 ක පමණ සිටයි. පාසලක් අවට කුණු රැස්කිරීම ගිනි තැබීම නොකළයුතු බවවත් නොදන්නා ආත්මාර්ථකාමී මිනිසුන්ට දඩුවම් දිය යුතුය.