(සුජිත් හේවාජූලිගේ)
පවතින බාධා ඉවත් කරගෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මෙයට පෙර ඉදිරිපත් කෙරුණු සංශෝධන පනත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින ප්‍රධාන බාධකය හෙයින් එම පනත ඉවත් කර ගැනීමට කටයුතු කරන්නැයි ද තමා පළාත් සභා හා පලාත් පාලන ඇමැතිවරයාට උපදෙස් දී තිබෙන බව ද ඔහු කියයි.
පළාත් සභා ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින්නක් හෙයින් එය වෙනස් කිරීමට හැකියාවක් නැතැයි කී ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමයේ යම් වෙනස්කම් කරන්නේ නම් ව්‍යාවස්ථාමය සංශෝධනයක් ඇති කළ යුත් බව ද සඳහන් කරයි.
සියලු පළාත් සභා මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන බවද ඒ මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් පසුගිය දා තමා මුණ ගැසුණු බවත් තමන්ගේ රාජකාරිය හැටියට මැතිවරණ පවත්වන්නැයි තමා ඒ ප්‍රධානීගෙන් ඉල්ලීමක් කළ බව ත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදි ටැලිෆෝන් එකෙන් සද්දයක් දැම්මා විතරයි...
කෝ බලන්න පළාත් සභා එපා කියපු අය අත උස්සන්න...
රටේ දැන් තියෙන ලොකුම බාධාව වන ඔබ ඉල්ලා අස්වුණොත් අපිට පළාත් සභා ඕනත් නැහැ. දෙයියනේ කියලා රට කාන්තාරයක් වෙන එක හරි නවත්තගන්න පුළුවන්.