(මනෝප්‍රිය ගුණසේකර)
2015 ජනාධිපතිවරණ අවස්ථාවේ මැතිවරණයට බලපෑමක් විය හැකි ආකාරයට එක් මැතිවරණ අපෙක්ෂකයකුට වාසි වන අන්දමින් සිල් රෙදි බෙදා දුන්නෙැයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුනට මහාධිකරණය නියම කළ දැඩවම් අභියාචනාධිකරණය විසින් ඉවත දමා ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ප්‍රකාශ කළේය.
අභියාචනාධිකරණ තීන්දුව කියවා දීම සඳහා මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී අධිකරණය නිකුත් තර තිබූ සිතාසියක් අනුව එහි පෙනී සිටි ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් ඉදිරියේ ඒ බව ප්‍රකාශයට පත් කළේය.
මහාධිකරණ තීන්දුවට එරෙහිව එම නඩුවේ විත්තිකරුවන් අභියාචන ඉදිරිපත් කළ අතර ඇපෑල විමසිමෙන් අනතුරුව මහාධිකරණ තීන්දුව එම දඬුවම අභියාචනාධිකරණය විසින් ඉවත දවන ලද්දේ පසුගිය වසරේ නොවැම්බර් 18 වැනි දාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්.. මේ රටේ මිනිස්සු 2015 වෙනකල් සිල් අරන් තියෙන්නේ වස්තරයක් නැතිව. මහින්දටත් පැරදෙන බව පෙනෙද්දී තමයි රෙදි නෑ කියලා පෙනිලා තියෙන්නේ. ඉතින් ඒ කළා වූ මහත් පුණ්‍ය කර්මය පල දීලා තමයි 68 ලක්ෂයක ගාලක් හිමිවෙලා තියෙන්නේ. ඔබටත් හරක් ගාලක් ලැබීමට කටයුතු කරන්න. කාගේ වියදමින් වුවත් කමක් නැත.