කළු ගගේ ජල මට්ටම ඉහළට කළු ගංගා ද්‍රෝණියට පසුගිය පැය 24 තුළ ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගංගාවේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 19 May 2020
ගිං ගඟ ඉහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් නෙළුව, තවලම හා සිංහරාජ වනාන්තර ප්‍රදේශයට ඊයේ (18) රාත්‍රී සිට ඇතිවූ අධික වැසි හේතුවෙන් මේ වනවිට ගිං ගඟ ඉහල ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 19 May 2020
කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් වතු නිවාස 14 ක් ජලයෙන් යට වෙයි මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශය දක්වා ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල යාමෙන් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරු නිවාස 14ක් අද (19) දින ජලයෙන් යට වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 19 May 2020
රත්නපුරේට සුළු ගංවතුර තත්ත්වයක් ඇදහැලූණු මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජලමාපකයේ අද (19) පෙරවරු 11.00 වනවිට මීටර් 07.50 ( අඩි 24 අගල් 07) සීමාව ඉක්මවීය. 19 May 2020
බලන්ගොඩ බස්නැවතුම්පොළ ජලයෙන් යට වෙයි බලන්ගොඩ නගරය හරහා ගලා යන දොර වෙල ගග ඉතිහාසයේ ප්‍රථම වතාවට පිටාර ගැලිම හේතුවෙන් බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අද (19) දහවල් ජලයෙන් යට වි ඇත. 19 May 2020
හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයට ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට අපහාස වන අයුරින් ඔහුගේ රුවට සමාන ඡායාරූප යොදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා අද (19) දෙවැනි දිනටත් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 19 May 2020
ඇඳිරියේ සුපිරි වෙළදසැල් කඩා ලක්ෂ 10ක් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට ඇඳිරිනීතිය පැවැති පසුගිය මාස දෙකක කාලය තුල කිරුළපන සුපිරි වෙළඳ සංකීර්ණයේ තොග භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයක් කඩා අවස්ථා පහලවක දී රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (19) දා අලුයම අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි . 19 May 2020
ඉකුත් 24 පැයේ වැඩිම වර්ෂාපතනය නෙලුවට අද දින (19) උදේ 8.30 අවසන් වූ ඉකුත් පැය විසි හතරක කාලය තුළ දී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 May 2020
විමලසුරේන්ද්‍ර සහ ලක්ෂපාන ජලාශ වාන් දමයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද(19) දින අලුයම සිට යලිත් ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නොටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති අතර , ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත. 19 May 2020
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නවතී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කදු කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම නතර වී ඇති බව පොලිසිය පවසයි. 19 May 2020
මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනයටත් පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි 20 පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙවන දිනයටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතී. 19 May 2020
ඇල්ලේ දී ලොරියක් පෙරැලී රියදුරු මරුට ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඊයේ (18) දින රාත්‍රී ලොරි රථයක් පාර හරහා පෙරැලී යාමෙන් එහි රියදුරු එම ස්ථානයේදීම මියගොස් රිය සහායක බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පොලීසිය කියයි. 19 May 2020
උඩරට මාර්ග භාවිතයේදී අවධානයෙන් කටයුතු කරන්නැයි උපදෙස් මධ්‍යම කඳුකරයේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යතු බව උඩරට පොලීසි රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී. 19 May 2020
තවත් ආසාදිතයින් 6 ක් හමුවෙයි කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 992 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 18 May 2020
බලන්ගොඩ බස් අනතුරින් ගැබිණි මවක් ඇතුළු 5ක් රෝහලේ බළන්ගොඩ සිට මුල්ගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (18 ) පස්වරුවේ ලිස්සායාමෙන් සිදුවූ අනතුරතින් ගැබිණි මවක් ඇතුළු 05 දෙනෙක් තුවාළ ලබා බළන්ගොඩ මූලික රෝහළට ඇතුළත් කර ඇත. 18 May 2020
යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහි කර පහන් දැල්වූ දෙදෙනෙකු අත්අඩංගුවට යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකරමින් පුත්තලම නගරයේ පහන් දැල්වු පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අද ( 18 ) අත්අඩංගුවට ගෙන තිබුනී. 18 May 2020
කොරෝනා ආසාදිත සිසුවෙකු හමුවීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසේ පාසල් සිසුවෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු ප්‍රංශයේ රූබයික්ස් නගරයේ පාසල් 7 ක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 18 May 2020
බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති හෙයින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇතැයි ඒහි විශාලම නගරය වන සාවෝ පොලෝ හි නගරාධිපති පවසයි. 18 May 2020
ඉන්දියාවේ දිනක් තුළ ආසාදිතයින් 5,242ක් වාර්තා වෙයි අසල්වැසියන් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 5,242ක් වාර්තා වූයේ යැයි එරට බලධාරිහු අද (18) ප්‍රකාශ කළහ. 18 May 2020
කොරෝනා ආසාදිතයින් 986 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 986 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 18 May 2020
ඉතාලියේ ආපනශාලා-බීමහල් විවෘත කරයි කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් වසා දැමුණු ආපනශාලා, තේපැන්හල්, බීමහල් විවෘත කිරීමට ඉතාලිය පියවර ගෙන ඇත. 18 May 2020
ලොකු ලූනු බීජ දෙන බව කියා ලක්ෂ 50 ක් වංචා කරලා දේශීය ලොකු ලූනු බීජ ලබා දෙන බව පවසා ගොවීන්ගෙන් ලක්ෂ 50 කට අධික මුදල් වංචාවෙන් ලබාගත් බව කියන පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අද(18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 18 May 2020
චීන ජනාධිපති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මර්දනය කළ හැකි එන්නතක් නිෂ්පාදනය කළ පසු එය ‘ගෝලීය පොදු භාණ්ඩයක්’ බවට පත් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (18) ප්‍රකාශ කළේය. 18 May 2020
ධීවර යාත්‍රාවක් පෙරැළී දෙදෙනෙක් මරුට පයාගල මග්ගොන තුඩාව වෙරළින් ධීවර කටයුතු සදහා ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් යුත් බෝට්ටුවක් අද (18) දහවල් පෙරැළි යාමෙන් දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් රෝහල් ගත කර ඇතැයි පයාගල පොලිසිය කියයි . 18 May 2020
‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හැරීමෙන් ලෝකයටම විශාල වන්දියක් ගෙවන්න වුණා’ ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි සටනේදී ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ නොසලකා හැරීම නිසා සමස්ත ලෝකයටම විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇතැයි ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (18) ප්‍රකාශ කළේය. 18 May 2020
කොරියාවට යනවනම් උපදෙස් මාලාවක් දකුණු කොරියාවේ සේවක කරමින් සිටියදී නිවාඩු ලබා මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු එරටට යාමට බලාපොරොත්තු වන්නේ නම් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් නිකුත් කරනු ලැබ ඇත. 18 May 2020
ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන්ට විවෘත කෙරෙයි ජාති, ආගම්, කුල, දේශසීමා භේදයක් නොමැතිව ලොවපුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන් සඳහා අද (18) නැවත විවෘත කෙරුණි. 18 May 2020
තේ කම්හල් හිමියෝ මිල සූත්‍රයට කටු ගහති තේ කම්හල්වලට අමු දළු සපයන්නන්ට කම්හල් හිමියන් විසින් අමුදළු කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල වෙනුවට රුපියල් 20 ත් 30 ත් අතර මුදලක් අඩුවෙන් ගෙවන බව තේ දළු සපයන්නෝ පවසති. 18 May 2020
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය. 18 May 2020
ගුවන්තොටුපලේ තීරු බදු සාප්පු හා සේවා සපයන ආයතනවල මාස තුනක කුලී මුදල් අය නොකෙරේ කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සීටි. 18 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026